Posts

Showing posts from 2018

24. Self -care tips for children with Autism

Image
Self -care tips for children with Autism Self-care is an essential part of human life. It is mainly concerned with hygiene. Once a person is keeping his or her hygiene better he / she is building up the confidence about own self.  Children with ASD have various types of problems while performing self-care activities. As the parents and medical staff we need to provide proper cues to child which is make their self-care activities more interested.   Below mentioned tips will be helpful when managing the self-care of child with ASD but all facts will not fit to everyone. For having better outcome of the child contact your Occupational Therapist and get a proper evaluation in self-care activities and then follow the instructions. Sensory: • Use non-perfumed soap. (Some children are hyper or hypo sensitive to smell) • Be aware of bathroom lighting levels and minimize any noises, e.g. run the bath prior to entering the bathroom.  Sometimes sound of water also a dislike of the

23. Advice Strategies for Parents and Carers of Children with Autistic Spectrum Disorder

Image
Advice Strategies for Parents and Carers of Children with Autistic Spectrum Disorder It is well understood that sensory information from body may not processed accurately in Autistic children.  Our main sensory organs e.g. eye, nose, skin, tongue and ear is receiving the relevant sensory information e.g. vision, smell, touch, taste and hearing. This is next going to make a plan of physical movement which requires to be organised to do tasks successfully. For the occupational performances of a child as well as any person, involves a series of complex process, such as body awareness, sequencing, initiation, motor planning and many more. As an example when a person is going to brush teeth toothpaste has to be put on the brush before it enters your mouth. There are several other areas should be taken into consideration: adequate attention levels are required if the activity is to be achieved and sensitivities to tactile experiences have to be overcome, e.g. from cloth

22. ඔටිසම්

Image
            ඔටිසම් හඳුනාගන්න. ඔටිසම්  ( Autism)  යනු කුමක්ද? ඔටිසම් සම්බන්ධයෙන් ලියූ ලිපි පෙළක සිංහල පරිවර්තනයන් මෙම ඛාණ්ඩය යටතේ ලියවේ.... ඔටිසම් සහිත දරුවන් යනු ඔවුන්ටම විශේෂිත පොදු ලක්ෂණ සමුහයක් දරන කොටසක්. ඔබට සත්‍ය වශයෙන්ම ඔවුන් සඳහා සහය වීමට අවශ්‍ය නම් ඔබ මුලිකව ඔටිසම් සම්බන්ධව දැනුමැති විය යුතු අතර නිවැරදි ක්‍රම වේදයකට අනුව ඔවුන් පුහුණු කරවීමේ හැකියාවන් සහිත විය යුතුයි. මෙහිදී අප බාහිර පරිසරය දරුවාට ගැලපෙන අන්දමට නිවැරදිව හැඩගැස්විය යුතු අතර ඒ සඳහා අවශ්‍ය  ක්‍රියා පටිපාටීන් සැකසිය යුතු වෙයි. එමෙන්ම දෘශ්‍ය මාධ්‍ය භාවිත කර අවශ්‍ය අරමුණු කරා දරුවන් යොමු කරන්නට ද සමත් විය යුතු වේ. අප භෞතික පරිසරය ගැන සැලකිලිමත් වෙ නම් , ඔටිසම් සහිත දරුවකු ලෝකය වෙනස අන්දමට ග්‍රහණය කරගන්නා බව මුලින්ම සිහි තබා ගත යුතු වෙ. ඔවුන් විවිධාකාර පරිසර දත්තයන් අවබෝධ කරගන්නේ වෙනස්ම ආකාරයකටය. ඔටිසම් සහිත දරුවන් යම් කිසි දෙයක ඇති කුඩා දත්තයන් සහ කරුණු ගැන මුලිකව අවධානය යොමු කරන අතර ඉන් පසු එහි සමස්ත තේරුම ගැන අවධානය යොමු කරන්නට පෙළඹේ. මේ හේතුවෙන් මෙවැනි දරුවන් සම්බන්ධයෙන් ක්‍රියාකරන විට පරිසරය දර

21. Autism

Image
Autism  What do you know about Autism? People with Autism Spectrum Disorder are part of a distinctive group with common characteristics. If you really want to help individuals to learn and develop, it is essential that those around them understand Autistic Spectrum Disorder and assist the individual to develop by providing structured teaching. In here we need to organize the physical environment and develop schedules and work systems which incorporate the use of visual material to make expectations clear and explicit. If we consider about the physical environment, a child with Autism Spectrum Disorder perceive the world differently and most of them have difficulties making sense out of a lot of details. People with Autistic Spectrum Disorder first of all see the detail, and then try to get the meaning. Therefore it is necessary to adapt the environment to suit each individual, to ensure that everything abstract (vague or theoretical e.g the concept of time) is made con

20. සෙල්ලම් කරන්නට උපදෙස්

Image
දරුවෙක්ට සෙල්ලම් බඩු තෝරාගන්නවා කියන්නේ ත් ටිකක් සිතාමතා කල යුතු දෙයක්. ඔබ ඔබේ දරුවාට සෙල්ලම් බඩුවක් තෝරාගැනීමේදී සිතන කරුණු මොනවාද? හැඩය, වර්ණය,අවශ්‍යතාව,ඉන් ලැබිය හැකි ප්‍රයෝජනය, දරුවාගේ රුචිකත්වය,මිළ ආදී බොහොම කරුණු කාරණා මත මෙම තෝරාගැනීම සහ මිලදී ගැනීම රඳා පවතිනවා. ඒ වගේම දරුවෙක්ට සෙල්ලම් බඩුවක් රැගෙන දුන්නාට පසු ඔබ ඔහු/ ඇය එයින් සෙල්ලම් කරන ආකාරය නිරීක්ෂණය කරනවා හෝ නොකරනවා වෙන්නත් පුළුවන්.සමහර දරුවන් ඉක්මනින් සෙල්ලම් බඩු කඩාබිඳ දමනවා.ඒ හා සම්බන්ධ චර්යාවනුත් ඔබ නිරීක්ෂණය කර ඇති. අපගේ මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන කරුණු සාමාන්‍ය දරුවෙක්ට සේම විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක්ට ලබා දියයුතු සෙල්ලම් බඩුවක් තීරණය කරන අන්දම ,එය තෝරාගන්නා ආකාරය සහ එය භාවිත කරන ආකාරය ගැන දැනුවත් වීමට හේතු වනු ඇති. දරුවෙක් සාමාන්‍යයෙන් ගමනක් බිමනක් යද්දී සෙල්ලම් බඩුවක් දුටු තැනදී ඉල්ලීම සාමාන්‍ය දෙයක්.සමහරක් විට එම සෙල්ලම් බඩුව මගින් දරුවාට එතරම් ප්‍රයෝජනයක් නොලැබෙන්නත් පුළුවන්. නමුත් මුදල ගැනත් සලකා බලල ඔබ එය රැගෙන දෙනවා වෙන්නට පුළුවන්.ඒ වගේම ඔබ දරුවෙක් බලන්න යනවිට ,ඒ වගේම තෑග්ගක් ලෙස හෝ දරුවාගේ යම් යම් අවශ්

19. ඔබේ දරුවා සායනයට ගෙන යන විට

Image
ඔබේ දරුවා ගැන ඔබ සටහන් තබාගන්නවාද ? ඔබේ විශේෂ දරුවා විවිධ සායන සඳහා ඔබට  රැගෙන යන්නට සිදුවේ. එම සායන සතියකට වරක්, මසකට හෝ මාස තුනකට වරක් ලෙසින් කාල පරතර අනුව ගෙන යා යුතු වේ.ඔබ එක වරක් සායනයකට ගොස් ඊළඟ වතාවට සායනයට යන විට මුල් සායනයෙදි ඔබට දුන් උපදෙස් කෙතෙක් දුරට ඔබට මතකයේ රැඳේ දැයි ඔබ සිතන්න. බොහෝ විට වෛද්‍ය කාර්ය මණ්ඩලය ට ඔබේ දරුවා එක් දරුවෙක් වන අතර පළමු වතාවේදී ඔබේ දරුවා සම්බන්ධ කරුණු කාරනා ඊළඟ වතාවේදී ඔවුන් යළි විමසන්නේ ඔබ විසින් සම්පාදනය කරන කරුණු මතය.ඒ හැරුණු විට යම් යම් ලිඛිත සටහන් ඔබ වෙත ලබා දෙනු ඇත.නමුත් ඔබ නිසි ආකාරයෙන් මෙම සටහන් තබා නොගත්තේ නම් එම සටහන් කොළ ගොඩක් පමණක් වනු ඇත. ඔබ ඔබේ දරුවා ගේ ලිපි ගොනුවක් මනා ලෙස සකසා තබාගත යුතුය.මා වෙත රැගෙන එන ඇතැම් දරුවකුගේ වෛද්‍ය වාර්තාවක් නිරීක්ෂණය කරන්නට ඉල්ලීමේදී දෙමව්පියන් එම ලිපි ගොනු අදිමින් වෙහෙස වන ආකාරයට අනුව ඔවුන් මෙන්ම මාද ඉතා අපහසුතාවයට මෙන්ම කාලය නාස්ති වීමකටද ලක්වේ.චැනල් බිල්, ඖෂධ තුන්ඩු වැනි අනවශ්‍ය කොළ කැබලි ඔබගේ ලිපි ගොනුව පුරා දැනටමත් විසිරි තිබෙන්නට පුළුවන. ඔබ විසින් මේ සරල පියවර කිහිපය ඒ සඳහා අනුගමනය කර බලන්

18. ඔබේ දරුවා වෙනස් ද....?

Image
දරුවෙක් ගේ සුන්දර ප්‍රියමනාප පෙනුම වගේම ඒ දරුවා හැසිරෙන ආකාරය ගැන දෙමවුපියන් වන ඔබ කෙතරම් දුරට සැලකිලිමත් ද ?මොන තරම් පෙනුමෙන් සුන්දර දරුවකු වුවත් නිවැරදිව හැසිරෙන්න දන්නේ නැත්නම් එහිදී එයට ප්‍රධාන වගකිව යුත්තා ලෙස ලෝකය ඇඟිල්ල දිගු කරන්නේ අම්මේ තාත්තේ ඔබටයි. සමහරක් විට ලෝකය හැල්මේ දුවයන විට ඔබෙන් වන අතපසු වීම් ඉතා සුළු කොට සලකන්න ඔබ පෙළඹෙන්න පුළුවන්.නමුත් කාලය සමග ඒ සුළු තත්ත්ව මහා තත්ත්ව බවට පත්වී ගැටළුවක් වන්නට පටන් ගත විට අපි විසඳුම් සොයායන්න පටන් ගන්නේ හිස ගිනි ගත් අන්දමට. මේ එවන් සිදුවීමක්... මලිති කොළඹ ප්‍රධාන පාසලක තුන් වන ශ්‍රේණියේ ඉගනුම ලබන හරි අපූරු දැරියක්. ඇය පෙනුමෙන් අවුරුදු අටකට වඩා වැඩි පෙනුමක් ගත්තත් ඉතාම සිත් ඇදගන්නා සුළු සුරතල් බවක් නිතරම ඇය වෙතින් දිස් වූවා. මලිති මා වෙත යොමු වුණේ අහම්බෙන්. මලිතිගේ නෑ සොහොයුරියක් වරක් මා වෙතින් ප්‍රතිකාර ලබාගන්නා ලදුව බොහෝ ගැටලුකාරී තත්ත්ව වලින් මිදී තිබුන නිසා මලිතිවත් මා වෙත යොමු කරන්නට මුලික උපදෙස් දී තිබුනේ ඔවුන්.මලිති ට තිබු ගැටළු තරමක් වෙනස් ඒවා බැවින් මලිතිගේ මව ඇය මා වෙත රැගෙන ඒමට පෙර දුරකතනයෙන් මලිතිගේ ගැටළ