40. දරුවන්ට කියවීම හුරකරවන්නේ කෙසේද..?
.jpg)
දරුවන්ට කියවීම හුරකරවන්නේ කෙසේද..? දශක ගණනකට පෙර කුඩා දරුවෙක්ව උන් මගේ ළමා කාළය මෙම සටහන ලිවීමේදී මට සිහියට නැගෙයි... ඉලෙක්ට්‍රොනික හා තාක්ෂණික මෙවලම් වලින් තොර වූ ඒ කාලයේ, දැනුම සහ තොරතුරු සොයාගන්නට තිබුණ එකම මග කියවීමයි.අද තරම් වෛවාරණ රුවෙන් පැහැයෙන් අනූන වූ පොත් පත් රාශියක් ඒ කාලයේ නොතිබුණද, කියවීම ළමා ජීවිතය පුරා මුල් බැස තිබිණ... පාසල නිමාවී නිවෙසට ආ සැණින්, බත් පත එක අතකටත් පත්තර කොළයක් අනෙක් අතටත් නොගෙන කෑම කෑ දිනයක් මගේ ළමා වියෙහි නොතිබුණි.එදවසට පොත් කාවා, පත්තර පිස්සි, පොත්ගුල්ලි වැනි නම් රාශියක් පටබැඳුණේද ඒ නිසාවෙන් බව මට සිහිවෙයි. අද අපේ ළමා පරපුර යන්නේ අති සීඝ්‍ර ගමනකි.ඒ ගමන් මග පුරාම ඇත්තේ නවීන තාක්ෂණයයි.ඇඟිලි තුඩග ලෝකයේ සියලු තොරතුරු තිබේ.පොත් පත් පෙරළමින් කාලය ගත කළ යුතු නොවේ.නමුත් කියවීම අතින් ඉතාම පසුගාමී ළමා සහ යොවුන් පරපුරක් අප සතු බව නොරහසකි. මේ පූර්ව සටහන ලිවීමේ මූලිකම අභිප්‍රාය වන්නේ ...දෙමවුපියන් වන ඔබ ඔබේ දරුවාට කියවීම හුරු කරවන්නේ කෙසේද යන්න ට පිවිසීමක් ලෙසය. කියවීමේ ආශාව සේම ගුණාත්මක කියවීමක් ඇති කිරීමද ඉතාම වටිනා දෙයකි. අද කාලයේ ළමා පොත් වල ප්‍රමිතිය සහ ...