Posts

Showing posts from October, 2017

17. ස්නායු ආබාධයක් ගැන කරුණු ටිකක්

Image
මේ ලියන පෝස්ටුව..අද බොහෝ දෙනාට හුරු ස්නායු ආබාධ තත්වයක් ගැන... ගිලන් බාරේ සින්ඩ්‍රෝමය.... මෙහි සම්පූර්ණ නම  Guillain Barre Landry Syndrome අද බොහෝ දෙනා මේ රෝග තත්වය ගැන යම් ප්‍රමාණයකට දන්නවා... ඉතින් මගේ මේ පෝස්ටුව ඒ සම්බන්ධ වැඩි දුර කරුණු ඔබට ගෙන ඒවි... අපි හැමෝම පුංචි කාලේදී විද්‍යාව හදාරන කොට ඉගන ගත්තු ස්නායු සෛලය මතකද...? මේ ඉන්නේ එයා තමයි.... ඉතින් මේ ස්නායු සෛල දෙකක් හරහා...සංවේදනයක්...ගමන් කරන්නේ ස්නායු පණිවිඩයක් ලෙසයි... ස්නායු සෛලයක උත්තේජනය ගමන් කිරීමේදී මයලින් කොපුව වැදගත් වෙනවා....මුළු පාඩම ම මතක් කරදෙන්න ඉඩ නම් නැහැ..ඒ වුනාට යන්තමට හරි අපි කාටත් මේක මතකයි නේ...? මයලින් කොපුව තියෙන්නේ ස්නායු සෛලයේ ඇක්සෝනය (axon) වටා... මේ මයලින් කොපුවෙන් කරන්නේ ස්නායු උත්තේජනය ගමන් කරන එක වේගවත් ව කරදීමයි... ගිලන් බාරේසින්ඩ්‍රෝමයේදී වෙන්නේ මේ මයලින් කොපුවට හානි සිදු වීමයි..මෙය වන්නේ කොහොමද කියා හරියටම කියන්නට බැරි වුනත්....අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වන කුමක් හෝ ප්‍රශ්නයක් නිසා තමයි මෙය වෙන්නේ...බොහෝ විට බැක්ටීරියා හෝ වයිරස් තත්වයක් නිසා මෙය ඇති වෙන්න පුළුවන්...මේ ද

16. මල් කැකුළු නොතලන්න

Image
රැකියාව  බෙහෙවින්ම කාර්ය බහුල වුණත් මම රට තොට බලාගන්න ගොඩක් ඇවිද්දා...ඒ වගේම විවිධ සමාජ තල වල ඉන්නා විවිධ මිනිස්සුන් එක්ක ඇසුරට වැටිලා ඔවුන්ගේ අත්දැකීම් ගැන හදාරන්න ලැබුණා...කෙටි කාලයක්තුළ  වුනත් ඔවුන් ගේ කතාබහ තුළින් දැනුණේ අමුතුම සංවේදනාවන් .... මට පහු ගිය කාලේ එක විශේෂ ව්‍යාපෘතියකට සම්බන්ධව කටයුතු කරන්නට අවස්ථාවක් ලැබුණා.මේ හරහා ලංකාවේ විවිධ ප්‍රදේශ කීපයක සායන පවත්වන්නට මම ත් සහභාගී වුණා.අපි එකම රටක එකම බිමක ජිවත් වෙන මිනිස්සු උණත්...අපි ඉන්නා උප සංස්කෘතීන් එක්ක ගත්තම ලොකු වෙනස් කම් තියනවා.විශේෂයෙන්ම මේ සමාජ තල වල ඉන්න අයගේ සිතුම් පැතුම්  හා සමාජීය ගැටළු වලට මුහුණ දෙන ආකාරය  විවිධයි..... මොනරාගල දිස්ත්‍රික්කයේ කල එවන් සායනයකට පැමිණි ඇතැම් දරුවන්ගේ පවුල් තත්වය  හා ගැටළු ගැන මට ලියන්නට ඉතුරු වුනේ මහා දුක්බර අත්දැකීම්.... එම විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා වූ සායනයට හැම විටම දරුවා රැගෙන ආවේ අම්මා හෝ තාත්තා නොවෙයි.බොහෝ විට මිත්තණිය තමයි පැමිණියේ... එවන් එක දරු පැටියෙක් මගේ ලඟට යොමු කෙරුනේ ඇය කතා කිරීමේ ගැටළුවක් නොතිබුනත් කිසිම වචනයක් කතා කරන්නේ නැහැ කියන නිර්ණයේ සිට...මි

15. පිළිස්සුම ගැන කරුණු ටිකක්

Image
පිළිස්සුම....burns... මේ තමයි අද මගේ පෝස්ටුවේ මාතෘකාව.... පිලිස්සුමක් කිව්වම ඒක විය හැකි විධි කීපයක් තියනවා... අපි බහුලවම දැකල තියෙන්නේ... 1.ගින්දර නිසා 2.ඇසිඩ් වැනි රසායන ද්‍රව්‍ය  නිසා 3.ගෑස් නිසා 4.උනු වතුර වැටීමකින් 5.රත් වූ යමක ස්පර්ශ වීමෙන් වන පිළිස්සුම්.... නමුත් මීට අමතරව... 1.අධික ශීත නිසා.. 2.අධික පරිසර උෂ්ණත්වයන් නිසා... පවා පිළිස්සුම් ඇති විය හැකියි... මේ කුමන ආකාරයට පිලිස්සුමක් වුවත්....ප්‍රතිකාර ගැනීමේදී අපි ඉතා සැලකිලිමත් විය යුතයි... මොකද පිලිස්සුමකට නිවැරදි ප්‍රතිකාර නොලැබුන හොත් එය කෙලවර වෙන්නේ මරණයෙන්..අතිශය වේදනාකාරී මරණයකින්... පිලිස්සුමකට නිසි ප්‍රතිකාර රෝහලකින් ලැබුනත්..ඊට පෙර අපි විසින් ඒ සඳහා කල යුතු ප්‍රථමාධාර ගැන දැනුවත් වී සිටිය යුතුයි..එය ඉතාම වැදගත් වන දෙයක්. පිලිස්සුමක් ගත කල එය , 1.මතු පිට සම ස්ථරයේ වන පිළිස්සීම් 2.අභ්‍යන්තර පටක දක්වා වන පිළිස්සීම් ලෙස වර්ග කෙරෙනවා. මේ කොයි තත්වයේදී වුනත්...මුලිකව පිලිස්සුමක් වුන කෙනෙකුට වැදගත් වන්නේ ඒ උෂ්ණත්වය ශරීරයෙන් ඉවත් කිරීමයි.මීට වැදගත්ම වන දේ ගලා යන සිහිල් ජලයෙන් විනාඩි ගණනක් ය

14. සැරයටියෙන් අපි යනෙන තුරා

Image
මගේ රැකියාවේ හැටියට මට විවිධ අන්දමේ මිනිසුන් මුණ ගැහෙනවා...ඒ අතරේ හරිම සුන්දර චරිත ත් තියනවා...අධික අවිවේකී කාර්යයක වුනත්...හිතට පොඩි නැවුම් බවක් ..තෙතමනයක් දෙන්න..මේ අපූරු චරිත වලට පුළුවන්...ඒ අය ඇසුරෙන් ඉගන ගන්න තියන දේවලුත් බොහොමයි... එක කලක  මගේ ලඟට ප්‍රතිකාර  සඳහා ආව යුවලක් නිසා...මට පෝස්ටුවක් ලියන තරමේ හැගීම් රැසක් එකතු වුනා...මේ යුවලෙන් රෝගී වුනේ කාන්තාව...බිරිඳ..වයස අවුරුදු 65 විතර ඇති..ස්වභාවයෙන්ම ඔතැනි කෙනෙක්..ඇවිදින්න පුළුවන් වුනත්..ඇවිද්දවගන්න හරිම අමාරුයි...බයයි,ටිකක් කම්මැලියි...මූනෙත් ලොකු හැගීම් බර බවක් නැහැ...ඒත්..මොකුත්ම හිතන්න බැහැ ඒ ගැන..සාමාන්‍යයෙන්  අංශභාග තත්වයට පත්වුණ කෙනෙක් අනිත් අයට වඩා හැසිරීමෙන් වෙනස් නිසා... මේ බිරිඳ එක්ක ආව එයාගේ ස්වාමිපුරුෂයා...වයස 70යි ....කොන්ඩේ සුදුම සුදුයි...මූණ හරිම ප්‍රිය  මනාපයි...බිරිඳ ප්‍රතිකාර  කරලා ඉවර වනතුරු ලඟින් හෙලවෙන්නේ වත් නැහැ..පුදුම විදියට බිරිඳව උනන්දු කරවනවා...අපි මේ සීයාට හරි කැමතියි...කතාවට වැටුනම...අනවශ්‍ය  මොකුත් කියන්නේ නැහැ.. එයාගේ වගාවක් ගැන  වගේ.. ..මොනවහරි දෙයක්...තමයි කිව්වොත්... එක දවසක ..උදේම මම ව