16. මල් කැකුළු නොතලන්න
රැකියාව බෙහෙවින්ම කාර්ය බහුල වුණත් මම රට තොට බලාගන්න ගොඩක් ඇවිද්දා...ඒ වගේම විවිධ සමාජ තල වල ඉන්නා විවිධ මිනිස්සුන් එක්ක ඇසුරට වැටිලා ඔවුන්ගේ අත්දැකීම් ගැන හදාරන්න ලැබුණා...කෙටි කාලයක්තුළ වුනත් ඔවුන් ගේ කතාබහ තුළින් දැනුණේ අමුතුම සංවේදනාවන් ....
මට පහු ගිය කාලේ එක විශේෂ ව්‍යාපෘතියකට සම්බන්ධව කටයුතු කරන්නට අවස්ථාවක් ලැබුණා.මේ හරහා ලංකාවේ විවිධ ප්‍රදේශ කීපයක සායන පවත්වන්නට මම ත් සහභාගී වුණා.අපි එකම රටක එකම බිමක ජිවත් වෙන මිනිස්සු උණත්...අපි ඉන්නා උප සංස්කෘතීන් එක්ක ගත්තම ලොකු වෙනස් කම් තියනවා.විශේෂයෙන්ම මේ සමාජ තල වල ඉන්න අයගේ සිතුම් පැතුම් හා සමාජීය ගැටළු වලට මුහුණ දෙන ආකාරය විවිධයි.....
මොනරාගල දිස්ත්‍රික්කයේ කල එවන් සායනයකට පැමිණි ඇතැම් දරුවන්ගේ පවුල් තත්වය හා ගැටළු ගැන මට ලියන්නට ඉතුරු වුනේ මහා දුක්බර අත්දැකීම්....
එම විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා වූ සායනයට හැම විටම දරුවා රැගෙන ආවේ අම්මා හෝ තාත්තා නොවෙයි.බොහෝ විට මිත්තණිය තමයි පැමිණියේ...
එවන් එක දරු පැටියෙක් මගේ ලඟට යොමු කෙරුනේ ඇය කතා කිරීමේ ගැටළුවක් නොතිබුනත් කිසිම වචනයක් කතා කරන්නේ නැහැ කියන නිර්ණයේ සිට...මිට බලපාන චර්යාත්මක ගැටළුවක් වේදැයි විශ්ලේෂණයක් කරන්නටයි....
මගේ සියලුම උත්සාහ...රගපෑම්...නාටක ...ඔක්කොම අසාර්ථක වුනා.මේ දරුවා නෙවෙයි එක වචනයක් වත් කතා කලේ....
අවසානයේ මිත්තණිය සමග කල කෙටි කතා බහ තුලින් ගැටලුව හෙළි වුණා..
මේ කෙලි පොඩ්ඩි අවුරුදු 3ක වයසක උන්නේ..ඇයට වසර 2ක පමණ කාලයේදී ඇයගේ පියා මව ගෙල සිරකර මරාදමනු ලැබුවා ලු මේ දරුවා ඉදිරිපිටම.ඉන්පසු ඔහුද වස පානය කර සියදිවි හානි කරගනු ලැබුවා ලු...
මේ දරුවා ගේ ඒ කම්පන ස්වභාවය මත මේ කතා නොකරන තත්වය ඇති වී ඇතැයි අවසානයේ සොයාගනු ලැබුවේ...
මෙවන් සිදුවීම් එක්ක අද ලෝකය යන්නේ ඉදිරියටද පසුපසටද යන්න හිතන්න ඉතිරි වූ පැනයක්...
පුවත්පතක් බැලුවොත් අද දකින්නට හමුවෙන බොහෝ සිද්ධීන් නිසා ඉතිරි වන ගැටළු වලට මුහුණ පාන්නේ දරුවන්...
ලෝකය මේ තරම්ම විෂම වෙන්නේ මන්ද යන්න කෙලෙස වටහා ගන්නද....
මෙවන් අත්දැකීම් මත ඒ ගත කල දින වකවානුව අත්දැකීම් බහුලයි...
සමහර අත්දැකීම් ගැන කතා කරන එක පවා මනසට වෙහෙසක් දෙන තරම්...
අපි වෛද්‍ය කණ්ඩායමටම මහා ගැටළු ඉතිරි කල දරුවන්ගේ කතා එමට තිබුණා...
එවන් එක කම්පනයක් ඉතිරි කල එක පුවතක්..ලිවිය හැකි මට්ටමෙන් මේ ලියා තබන්නේ....
චර්යාත්මක ව අසාමාන්‍ය ලෙස කලහකාරී වූ එක පොඩි පිරිමි දරුවෙක් මේ සායනයකදී මා වෙත යොමු කෙරුණා...ඔහු ගේ අධි ක්‍රියාකාරී ස්වභාවය මෙන්ම ඒ වයසේ කුඩා දරුවකු ගෙන් බලාපොරොත්තු විය නොහැකි මට්ටමේ කායික ක්‍රියාවන් ඔහු වෙතින් හඳුනා ගනු ලැබ තිබුණා...
මේ දරුවාගේ මව යම්තාක් නම්‍යශීලි ව කරුණු ඉදිරිපත් කලත් පියා සැමවිටම කරුණු සඟවන්න ලොකු උත්සහයක් දැරුවා...
අවසානයේ හෙළි කරගත් කරුණු තුලින් අප විශ්ලේෂණය කලේ..දෙමවුපියන් ගේ සම්බන්ධතා වයකදී තිබු අසාමාන්‍ය හැසිරීම් රටාවක් මේ දරුවා හොරෙන් හෝ නිරීක්ෂණය කර ඇති බවයි..
මඳක් සිතන්න...මෙහි ඇති ඛේදනිය තත්වය....නොමේරු දරුවකු අස්වාභාවික චර්යා රටාවන් අනුකරණය..ඔහුගේ පෞරුෂයට එක එල්ලේ බලපාන අන්දම...
මෙහි වරද කා අත විය හැකිද...කෙලින්ම මා නම් ඇගිල්ල දිගු කලේ දෙමවුපියන්ට..නමුත් ඔවුන් එයට අප විසින් ඉදිරිපත් කල විසඳුම් පිළිගත්තද යන්න සැකයක්....
අනාගතයේදී රට ට සමාජයට...අසාමාන්‍ය චර්යා රටා සහිත පුද්ගලයකු බිහි වීමේ මුල් අඩිතාලම එය විය හැකියි...
මෙවන් ඇති සංවේදී කතා ගොන්නක් මට අරන් එන්න ඉතුරු උණා....මේ කෙටි පෝස්ටුව...ලියවුනේ...ඒ හැඟීම මත...ජීවිතය දුන්නාට කන්න බොන්නට දුන්නාට...එය සියලු වගකීම් වල සමාප්තිය නොවේ...
දරුවන් මල් වැනියි..අපි අසා ඇත්තේ එලෙසින්....නමුත් ඒ මල් පරවන්නේ අනුන් දෑතේ ම නොවන බව මේ කතා වලින් හෙළි වෙනවා නේද....
අපි අපේ මේ මල් කැකුළු කෙලෙස රැක ගත යුතුද යන්න සමාජීය ගැටළුවක්...
ඉතින්...හිතන්නට යමක් ඉතුරු කර මෙම ලිපිය නවත්වන්නම්
ඔය දෙමව්පියන්ගෙ ක්‍රීඩා කටයුතු හොරෙන් බැලීමට පුළුවන් වෙන්න හේතුව තමයි ඒ ගෙවල්වල වෙන්කරපු කාමර නැතිවීම. හැබැයි ඉතිං එහෙම එව්වා නිරීක්ෂණය කරපු දරුවො අපි දැකල තියෙනවා. උන් අපූරුවට ඉන්නවනෙ.
ReplyDelete