Posts

Showing posts from September, 2017

13. දැනුවත් වීම....awareness....

Image
දැනුවත් වීම....awareness.... අපි දන්නා දේට වඩා නොදන්නා දේ බොහෝයි...එය පිළිගන්නට කොයි තරම් අකමැති වුවත් සත්‍යය  එයයි... අපි මිනිසුන් ලෙස යම් යම් පරාසයන් ගැන කරුණු දැන ගත්තත් ..ඒ හැමදෙයක්ම ගැන නෙවෙයි. විශේෂයෙන්ම අපිට වැළඳෙන ලෙඩ රෝග ගැන...ඒ හා සම්බන්ධ ප්‍රතිකාර  ගැන..එතකොට..මේ රෝග සම්බන්ධ රුධිර පරීක්ෂණ ගැන ..කල යුතු අනෙකුත් පරීක්ෂණ ගැන..අපි යම් තාක් දුරට දැනුවත් වී සිටීම වැදගත් වෙනවා... දැනුවත් වෙනවා කියන්නේ කරුණු සේරම හොයා බලා ගෙන...ඉතුරු ප්‍රතිකාර  ත් තනියම කරගන්නවා කියන එක නෙවෙයි... තමන් හෝ තමන්ගේ නිවැසි කෙනෙක්..අසල්වැසියෙක් ..කවුරුන් හෝ දන්නා අඳුනන කෙනෙක් ගේ අවශ්‍යතාවයක්  අනුව මේ දේ විය හැකියි... රෝගයක් සම්බන්ධව අපි මුලිකව දැන ගත යුතු මොනවාද...? මුල්ම දේ තමයි ...මෙම තත්වය ඇති නොවී සිටීමට හැකියාවක්..මින් වැළකී සිටීමේ හැකියාවක් තියේද යන්න... අපි දැනුවත් වන්නේ කෙසේද...? එක විදියක් තමයි....දන්නා කාගෙන් හෝ අසා දැනගැනීම... මේ දන්නා කෙනෙක් කියන්නේ එම ක්ෂේත්‍රයේ  පළපුරුදු බවක් තියෙන කෙනෙක් විය යුතුයි... තමන්ගේ අවබෝධතාවයට සහ අවශ්‍ය  මට්ටමට අදාළ කරුණු ගැන දැනගත්තම හොඳටම ඇත

12. ඉක්මන් කෝපය අනතුරට අත වනයි

Image
මම අද ලියන්න යන්නේ මගේ වෘත්තීය දිවියේ අත්දැකීම් ටිකක්... මගේ වෘත්තීයත් සමග මට හමුවෙනවා විවිධ පුද්ගලයන්... හදිසි අනතුරු..රෝගාබාධ ..වලට ලක් වෙච්ච අය.. අද මේ කතා පෙලේ ඉන්නේ ...තවත් එක්තරා විදියකට අනතුරු වුන අය... මෙහි ඇති විශේෂත්වය වන්නේ..මේ උදාහරණ වලට හේතුවූ කාරණයේ සමාන බවයි... ඒ තමයි "හදිසි කෝපය." මේ කතාවල කතා නායකයන්..නායිකාවන් සියලුම දෙනා ..මේ තත්වයට පත් වුනේ... හදිසි කෝපය සහ ආවේග බහුල වීම නිසයි.. ඉතින් මේ කතාවල මට හිතෙනවා...අපිට අපේ හැගීම්..ආවේග..ගැන නිවී සැනසිල්ලේ හිතන්න යමක් ඉතුරු වෙලා තියනවා..කියලා... මේක කියවලා..මට ඔබේ අදහස්  දෙන්න... මම කාලයක් මීගමුව රෝහලේ සායනයක් කළා ..2005 ඉඳලා 2010 විතර වෙනකල් වගේ.මගේ සායනයට ආව රෝගීන් අතරේ හිටිය බොහෝ අය අත් වල කැපුම් තුවාල තිබුන අය.ඒ අයගේ කතා ටිකක් තමයි මම මේ කියන්නේ.අනන්‍යතාවය හෙළි නොකල යුතු බැවින් මම අන්වර්ථ නාම භාවිතා කරලා ලියන්නම්. පලවෙනි කතාවේ කතා නායකයා..අවුරුදු 28ක් විතර වයස වුන කෙනෙක්..එයට අපි සුනිල් කියලා නම දාමුකෝ..සුනිල් මා වෙත එවලා තිබුනේ ශල්‍ය කර්මයකට පසුයි..සුනිල් පෙනුමෙන් හරිම දාමරික ස්වරුපයක්

11.ප්‍රවේශ පහසුකම් සහ ආබාධිත බව

Image
ආබාධිත භාවය.... මේක නම් ඉතින් අහපු ගමන් තේරෙනවා නේ නේද...? ඒත්...අපිට එක පාරටම මතකයට එන ශාරීරික ආබාධිත වූ අයට වඩා..වෙනස් අයත් ඉන්නවනේ... මානසික ආබාධිත වූවන්...අවබෝධාත්මක අතින් ආබාධිත වූවන්..එහෙමත් ඉන්නවා... මේ හැම දෙනාම පොදුවේ මුහුණ පාන එක සමාජීය ප්‍රශ්නයක් ගැනයි මම අද ලියන්න ගත්තේ... ප්‍රවේශ පහසුකම් කියන එක පුළුල් පරාසයක විහිදෙන දෙයක්... අපි හැම දෙනාම සැරි සරන පරිසරයන් ගත්තම... 1.නිවස සහ ඒ ආශ්‍රිත පරිසරය 2.පාසල හෝ වැඩපොළ 3.සමාජයේ සේවා ලබාගැනීමට යා යුතු ස්ථාන..උදා :- බැංකුව,රෝහල,කාර්යාල 4.අනෙකුත් නිවාස...නෑදෑයින්..මිතුරන් ගේ 5.විනෝදාස්වාදය සඳහා යා යුතු තැන්..උදා :- නාට්‍ය ශාලා ,සිනමා ශාලා මේ වගේ බොහෝ තැන් තියනවා.. අපි සාමාන්‍ය පුද්ගලයන් ලෙස මේ හැම තැනටම පිවිසෙනවා..අදාළ කටයුතු කරගන්නවා..සේවා ලබාගන්නවා... නමුත්..ශාරීරිකව ,මානසිකව හෝ අවබෝධය අතින් ආබාධිත වන කෙනෙකුට..මේ දේවල් කිරීමේදී අපිට වඩා ගැටළු බොහොමයකට මුහුණ දෙන්නට සිදු වෙනවා... ඉතින් සැමටම පහසුව සපයන ප්‍රවේශයන් ගැන අද කතා වෙනවා... මේ ගැන ටිකක් කියවමු නේද..? ශාරීරිකව ආබාධයට ලක් වෙන යම් තැනැත්තෙක් ගත්තො

10. වියපත් වන දා..සුව සහනය

Image
ජීවිතය හරිම සුන්දරයි... ළමා කාලේ කෙළිදෙලෙන්...තාරුණ්‍යයේ දී  තරුණ ජවයෙන්..මැදි වියෙහි දී මධ්‍යස්ථව...වගකීම් දරමින් අපේ ජීවිතය ගලා යනවා.... ඒත්...අපි කවුරුවත්..මහලු විය ගැන හිතනවද...? හිතන්න බයයි..අස්තාවරයි....අවිනිශ්චිතයි... ඒත්..අකල් මරණයක් නොවන හැම දෙනාම වියපත් වෙනවා... අවිනිශ්චිත..අස්ථාවර මහලු වියට එළඹෙනවා....ඒක වලක් වන්න බැහැ... ජීවිතයේ මහලු විය නීරෝගීව ගත කරන අය වගේම ලෙඩ රෝග වලට බඳුන් වෙන අයත් එමට සිටිනවා.. වැඩි දෙනෙකු රෝගී තත්ත්ව වලට බඳුන් වෙන්නේ..වියපත් වීමේදී ඉස්සර වගේ ප්‍රතිශක්තිය හා දරාගැනීමේ හැකියාව යන හැම දේම අඩු වන නිසයි... නමුත් ...අද මම මේ ලියන පෝස්ටුව ටිකක් වෙනස් ... වියපත් වීම සහ සබැඳුණු යම් යම් ආබාධ තත්වත් තියනවා... මේවායින් සමහරක් වලක් වා  ගත නොහැකි ඒවා..වන අතර සමහරක් ඒවා නිසි අවධානය දුන්නොත් වලක්වා ගත හැකියි... මේ ආබාධ තත්වයන් සහ ඒවාට කල හැකි සහ ලබා දිය යුතු ප්‍රතිකාර තමයි මේ පෝස්ටුවේ අන්තර්ගත වන්නේ... ඔබත්..මමත්...කවදා හෝ වියපත් වෙයි..ඒ වන තුරා...අපේ දෙමවුපියන්..වැඩිහිටියන්...ආදී බොහෝ දෙනෙකු රැක බලා ගැනීමේදී ..මේ කරුණු ඔබට වැදගත් වනු ඇති කියා ම

09. මේ ගැනත් දැනගන්න ...ඇඳ තුවාල හෙවත් පීඩන තුවාල

Image
පීඩන තුවාල අපේ කට වහරේ කියන්නේ "ඇඳ තුවාල" එහෙමත් නැත්නම් "ඇඳ වණ" කියලා...මේවා ඇති විය හැකි විදි දෙකක් තියනවා... එකක් තමයි වයසත් සමග අපේ වැඩිහිටි අය ඇඳටම වෙලා ඉන්න කාලේදී ඇඳ වණ ඇති වීම අනිත් සුලබ කරුණ තමයි.. ශාරීරික .ආබාධිත තත්වයකට පත් වීම නිසා අවයව සෙලවීමේ අපහසුව.. මේ දෙයාකාරයෙන් කොයි එක වුනත්...ප්‍රතිපලය එකමයි... මේ වගේ තුවාලයක් ඒක සැරේටම ඇති වෙන්නේ නැහැ..මුලදී පැහැදිලිව දැකිය හැකි සමේ පැහැය වෙනස් වීමකින් තමයි මෙය ආරම්භ වෙන්නේ...නමුත් මේ අවධියේදී බොහෝ දෙනෙක් මේ ගැන ඒ තරම් අවධානයක් දෙන්නේ නැහැ... ඉතින් ..එය තුවාලයක් වූ පසුයි මේ ගැන කල්පනාවට එන්නේ... යමක් සිදු වුවාට පසු ඒ ගැන වද වෙනවාට වඩා කලින්ම පිළියම් යෙදුවොත් නේද හොඳ... අපි අහල තියනවනේ..."prevention is better than cure" කියලා..... ඇඳ වණ...එහෙම නැත්නම් ..මේ පීඩන තුවාල ගැන සුළු ලක්ෂණයක් හරි දුටු ගමන් එයට ප්‍රතිකාර කිරීම වැදගත්  ...සමහර විට මේ මුලික ලක්ෂණයන්...ඒ කිව්වේ වර්ණය වෙනස් වීම් කෙටි වෙලාවක් තුල නැවත යතා තත්වයට පත් වේනම් ...එය කලබල විය යුතු නැහැ...අපේ ශරීරයේ පීඩනය යෙදෙන

08. පරිගණක භාවිත කරන ඔබටයි මේ

Image
පරිගණක භාවිත කරන ඔබට විශේෂයෙන්ම වැදගත් වන කරුණු ටිකක් මේ ලිපියෙන් මම අද රැගෙන එනවා...පරිගණක භවිට කරන අයට පමණක් නොවෙයි...ඒ හා සම්බන්ධ වැඩ කටයුතු කරන ඔබටත් මේ කරුණු වැදගත් වේවි.... කාර්‍යාලයේ දී පරිගණකයක් භාවිත කරන විට..ඔබ හිඳගන්නා ඉරියව්ව ගැන සැම විටම ඔබ සැලකිලිමත් විය යුතුයි .නිවැරදි ඉරියව්වක් පවත්වා ගැනීම නොකරන විට පසු කාලීනව ඇතිවන සංකූලතා ජීවන රටාවම වෙනස් කරනවා...ඉතාම සරල හා පහසු දේවල් නොසලකා හැරීම ජීවිතය ට හානි කරන සුලුයි... ඔබ සැමවිටම ඔබේ දෙපා පොළව මත ස්පර්ශ වේදැයි බලන්න.එසේ නැත්නම් ඒ සඳහා ඔබ ආධාරකයක් තබා ගත යුතුයි...ඔබේ පා රැඳවුම...ඕනෑවට වඩා උස අඩුවීම හෝ වැඩිවීම යන දෙකම නුසුදුසු අතර...ඔබට ගැලපෙන උස නිර්ණය කල යුතුවේ. කොන්දේ වක්‍ර සුනම්‍යව පහසුවෙන් පවත්නා ලෙස හිඳගැනීම කරන්න.පුටුවක හිඳ ගැනීමේදී තුනටිය ප්‍රදේශයෙන් කුඩා ආධාරකයක්....රෝල් කල තුවායක් හෝ තබන්න. අප පරිගණකය භාවිත කරන කාල සීමාව කෙතෙක්ද යන්න මත...ඒ හා සම්බන්ධ ගැටලු හා සංකීර්ණතා ඇතිවීම බලපායි..කෙටි කාලයක් පරිගණක ඇසුරේ සිටින අයට වඩා දිගු කාලයක් ගෙවන අයට කොන්දේ කැක්කුම්...උරහිස සහ බෙල්ලේ වේදනාවන් ඇතිවීම සුලබය. ඔබ

07. ආබාධිත තාවය ..ඔබ දකින හැටි නිවැරදිද

Image
ආබාධිත වීම කියන ඒක ගැන ඔබගේ අදහස කොහොමද? මම හිතන්නේ මෙහෙම කිව්ව ගමන් ඔබට මතක් වෙන්නේ හමුදාවේ රණවිරුවෝ... ඒ වුනාට "ආබාධිත"කියන තත්වයට පත් වෙන්න අපි හැමෝටම සිද්ද වෙන්න පුළුවන්...මග තොටදී නිවසේදී..එහෙම නැති නම් පාසලේදී ...සිදු වන මොන යම් හෝ අහඹු සිදුවීමක් මේ ආබාධිත කියන තත්වය අපට උරුම කර දෙන්න පුළුවන්... ඉතින්..ආබාධිත භාවය සහ ආබාධ යන මාතෘකාව යටතේ යමක් ලියන්න මට හිතුනා... සුන්දරම නොවන ..ඒත්...දැනුවත් වියයුතු...මාතෘකාවක්.... ආබාධිත වීම...එහෙම නැති නම්...disabled....කියන වචනය දෙපැත්තේ..තව වචන දෙකක් තියනවා... එකක් තමයි ..impairment..ඒ කියන්නේ යම් කිසි නොහැකියාවක්... මේ නොහැකියාව ශාරීරික වගේම මානසික වෙන්නත් පුළුවන්... මේ නොහැකියාව නිසා තමයි කෙනෙක් ආබාධිත වෙන්නේ...ඒ වගේම ආබාධිත වුනාම ඉන් පසුව වෙන දේ තමයි handicapped කියන දේ... මේ තත්වය තමය..වඩාම බරපතල...යමකුට සිදුවන ආබාධිත භාවය නිසා ඒ පුද්ගලයා තමන් මුලින් ගැටුන පරිසරයන් ගෙන් වගේම සහභාගීත්වයන්ගෙන් සීමා වීම..තමයි  මෙයින් අදහස් වෙන්නේ.. මේ තත්වයට හේතු දෙකයි.... එකක් ..පුද්ගලයාගේ අභ්‍යන්තර හේතු...ඒ කියන්නේ..ආ

06. නිවැරදි ඉරියව් වලින් මනා සුවයක්

Image
අපි හැමෝටම වැදගත් වෙයි කියලා හිතෙන දෙයක් ගැනයි මම මේ ලියන්න යන්නේ... සමාජයේ කුමන තරාතිරමක ..කුමන රැකියාවක..කුමන නියැලීමක යෙදෙන්නෙක් වුවත් ..දැනගත යුතු මූලික කරුණු කාරණා ටිකක් තමයි..මේ පෝස්ටුව හරහා..මම ලියන්නේ... අපි පොඩි කාලේ ඉඳන්ම ක්‍රියාකාරී වෙන හැම විටම නිවැරදිම ඉරියවු වල සිටිනවද..? ඒක ඇත්තටම ඒ ඒ අවස්ථාවට අනුව වෙනස් වෙනවා... ඒත්..යම් ගැටළුවක් ...ප්‍රශ්නයක් ආව දවසට ..තමයි අපි මේ ගැන හිතන්නේ... කොහෙන් හරි එන සුළු වේදනාවක්..පසුකාලීනව ස්ථීර ප්‍රශ්නයක් වුනාම ..ඒකට ප්‍රතිකාර ගන්න ගිය තැනදී තමයි බොහෝ විට අපිට මේ ගැන දැනුවත් වීමක් ලැබෙන්නේ... එතකල්.....අපිට මේවා වැරදියි කියලා තේරුණාට...අපි ගණන් ගන්නේ නැහැ...ගණනකට ගත්තත් කෙටි පිළියමක් යොදලා...මේවාට උත්තර හොයාගෙන..අමතක කර දාන්න තමයි අපි පුරුදු වෙලා ඉන්නේ... ඉතින් අපි යම් තාක් දුරට අපේ ඉරියව් ගැන ..නිවැරදි ව දැනුවත් නම්...මේ පසුකාලීන ගැටළු වෙන්නේ නැහැයි කියන එක තමයි..මගේ නම් අදහස... ****************************************************** අපි එදිනෙදා ජීවිතයේ කරන සමහර සුළු සුළු වැරදි ඉරියවු නිසා...පසු කාලීනව කොන්දේ කැක්කුම්..බෙල්ලේ

05. අලුත උපන් දරුවෙක් ගැන ඔබේ අවධානය

Image
හැම දෙමවුපියෙක්ගේම සුන්දර ම බලාපොරොත්තුව නිරෝගී දරුවෙක්. දරුවෙක් කළලයක් සේ මව් කුසට පැමිණි දා පටන් මවත්, පියාත්, ඔවුන් සමග සිටින සියලුම දෙනාත්  විමසිලිමත් වන්නේ දරුවාගේ උපත ගැනයි.නිවැරදි වෛද්‍ය උපදෙස් මත , පෝෂණීය ආහාර ,විවේකය සහ ගැලපෙන සරල ව්‍යායාම් රටාවල නියැලෙන මවකට දරු උපත ගැන කිසිදු අනවරත බියක් ඇතිකර ගත යුතු නොවේ. මාස 10කට ආසන්න කාලයක් ගත කල පුර්ණ සංවෘත ආරක්ෂාකාරී ලෝකයට සමු දෙමින් දරුවෙක් උපත ලබයි.ඉන් පසුව පවතින්නේ අභියෝග, දුෂ්කරතා සහ ගැහැට බහුල වන විවෘත ලෝකයකි. .ඉතාම සුළු අතපසු වීමකින් වුවද විශාල හානිදායක ප්‍රතිපලයක් ඇතිවෙන්නට පුළුවන්. අවාසනාවන්ත අන්දමින් යම්කිසි හෝ ගැටලුවකට මුහුණ පාන බිළිඳා ආබාධ සහිත තත්වයට පත්වීම වලක්වා ගැනීමට නම් ,හැකිතාක් දුරට මනා සෞඛ්‍ය පුරුදු හා යහපත් ආරක්ෂාකාරී දිවි පෙවෙතක් ඔබ ගත කල යුතු වෙනවා.අනර්ථකාරී ජිවන රටා (දුම්පානය, මත්ද්‍රව්‍ය සහ මත්පැන් පානය ,නුසුදුසු ආහාර ) වලින් මිදීම මේ සඳහා පෙර සුදානමකි.නමුත් අනපේක්ෂිත තත්ත්ව සහ නොවැලක්විය හැකි හේතුන් මත දරුවා විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක් බවට පත්විම සිදුවිය හැක. මුලිකවම දරුවකු නිරීක්ෂණය කල යුත්තේ මව