11.ප්‍රවේශ පහසුකම් සහ ආබාධිත බව






ආබාධිත භාවය....
මේක නම් ඉතින් අහපු ගමන් තේරෙනවා නේ නේද...?
ඒත්...අපිට එක පාරටම මතකයට එන ශාරීරික ආබාධිත වූ අයට වඩා..වෙනස් අයත් ඉන්නවනේ...
මානසික ආබාධිත වූවන්...අවබෝධාත්මක අතින් ආබාධිත වූවන්..එහෙමත් ඉන්නවා...



මේ හැම දෙනාම පොදුවේ මුහුණ පාන එක සමාජීය ප්‍රශ්නයක් ගැනයි මම අද ලියන්න ගත්තේ...

ප්‍රවේශ පහසුකම් කියන එක පුළුල් පරාසයක විහිදෙන දෙයක්...
අපි හැම දෙනාම සැරි සරන පරිසරයන් ගත්තම...
1.නිවස සහ ඒ ආශ්‍රිත පරිසරය
2.පාසල හෝ වැඩපොළ
3.සමාජයේ සේවා ලබාගැනීමට යා යුතු ස්ථාන..උදා :- බැංකුව,රෝහල,කාර්යාල
4.අනෙකුත් නිවාස...නෑදෑයින්..මිතුරන් ගේ
5.විනෝදාස්වාදය සඳහා යා යුතු තැන්..උදා :- නාට්‍ය ශාලා ,සිනමා ශාලා

මේ වගේ බොහෝ තැන් තියනවා..
අපි සාමාන්‍ය පුද්ගලයන් ලෙස මේ හැම තැනටම පිවිසෙනවා..අදාළ කටයුතු කරගන්නවා..සේවා ලබාගන්නවා...
නමුත්..ශාරීරිකව ,මානසිකව හෝ අවබෝධය අතින් ආබාධිත වන කෙනෙකුට..මේ දේවල් කිරීමේදී අපිට වඩා ගැටළු බොහොමයකට මුහුණ දෙන්නට සිදු වෙනවා...
ඉතින් සැමටම පහසුව සපයන ප්‍රවේශයන් ගැන අද කතා වෙනවා...
මේ ගැන ටිකක් කියවමු නේද..?

ශාරීරිකව ආබාධයට ලක් වෙන යම් තැනැත්තෙක් ගත්තොත්..ඔහු කුමන අන්දමේ විය හැකිද...?
1.රෝදපුටුවක් භාවිත කරන්නට සිදු වන කෙනෙක්
2.කිනම් හෝ අත් වාරුවක් භාවිත කරන්නෙක්




ඉතින් මෙවන් අයකු ගැන සිතුවොත් ...අපි දුවන පනින සමාජයේ කරන කියන හැම දෙයම මොවුන්ට කල හැකිද...?
ඇත්තටම පහසුකම් ..සහ ..සේවා වන් නිසි ලෙස සපයනවා නම් ..බැරි නැහැ..

මෙවන් කෙනෙකුට තමන්ගේ නිවාස තුලම ආබාධිත තාවය හරස් වෙන්නේ කොහොමද...
1. පඩිපෙලක්
2.පටු දොරක්
3.යාමට නොහැකි වැසිකිලියක්
4.ගේ තුල තිබෙන ගැට්ටක්

සරලව කිව්වොත් මේ සේරම දේවල් ඔවුන්ට හරස් වෙනවා..






 ඒ වගේම බාහිර පරිසරයෙදීද මේ වගේ ගැටළු ඇති වෙනවා...

පාරක් මාරු වෙද්දී....




මෙන්න මේ වගේ ගැට්ටක්...




සමහරක් වෙලාවට සේවා ස්ථානයේදී...මේ වගේ ගැටළු ඇති වෙන්න පුළුවන්

රෝද පුටුවෙන් කාර්යාල මේසයට ලං වෙන්න බැරි නම්...ප්‍රශ්නයක් නේ..




මේ තියෙන්නේ ශාරීරික ආබාධ බව නිසා වන ගැටළු...
ඒ හැරුනම මානසික හා අවබෝධතාවය සම්බන්ද ගැටළු නිසා....මුහුණ පාන ප්‍රශ්නත් තියනවා...

නම් පුවරු කියවා ගත නොහැකි වීම මින් එක දෙයක්




මේ වගේ ගැටළු ගත්තම අද බොහෝ ආබාධිත අය එකම තැනකට සීමා වෙන්න මේ හේතු බලපානවා..

ඉතින් ඇත්තටම ..කල හැකි වෙනස් කම් නම් බොහෝයි...
දැනටත්..ශ්‍රී ලංකාවේ පවා ..බොහෝ ආයතන වල ආබාධිත අයට ප්‍රවේශ පහසුකම් ලබා දෙන්නට පියවර ගෙන තිබෙනවා..

පඩි වෙනුවට ආනත තල යෙදීම දැන් බොහෝ තැන් වල සිදුවෙනවා...නමුත් මේවා වුනත් දැමිය යුතු ප්‍රමිතියක් තියනවා...රෝද පුටුවක් භාවිත කරන්නෙකුට ආනත තලයක් දැමූ පමණින් රෝද පුටුවෙන් ප්‍රවේශ වන්න බැහැ...එය වුනත් දැමිය යුත්තේ නිවැරදි මිම්මකට අනුවයි..ඒ සඳහා..විශේෂිත දැනුමක් ලබපු අය ඉන්නවා...වෘත්තීය චිකිත්සක වරයෙකුගෙන් මේ සඳහා උපදෙස් ගන්නට පුළුවනි.





ඒ වගේම අවබෝධතා ගැටළු ඇති අය වෙනුවෙන් නාම සහ සන්ඥ පුවරු භාවිතයත් බොහෝ විට කෙරෙනවා..

ආබාධිත වූ අය සඳහා විශේෂිත වූ වැසිකිලි සැකසීම ඉතා වැදගත් වෙනවා..දැනට බොහොමයක් තැන් වල මේ පහසුකම ඉදි වෙමින් පවතිනවා 



බොහෝ විට නිවසක කාර්යාලයක ඇති දොරවල් වල පළල වුනත්..රෝදපුටුවක ප්‍රවේශයට නම් මදි...
ඒ නිසා...මෙවැනි විටක දොර පළල වැඩි කිරීමද කල යුතු වෙනවා..




ලංකාවේ වාහන ගැන කියන්න නම් දෙයක් නැහැ..ප්‍රවේශ පහසුකම් ඇති දුම්රියක්..බස් එකක්....කවදා ඒවිද මන්දා....
ඒ වුනාට අනෙකුත් රට වල මේ පහසුකම තියනවා..


සමාන අවශ්‍යතා ඇති මිනිසුන් ලෙස ආබාධ සහිත වුවන්ට සේවය සලසන්නට නම් ඔවුන්ට මේ ප්‍රවේශ පහසුකම් ද ලබා දිය යුතු වෙනවා....ඔබ ට මේ සඳහා උපදෙස් අවශ්‍ය නම් ලඟම රෝහලේ වෘත්තීය චිකිත්සක නිලධාරියා හමුවන්න 

ස්තුතියි


Comments

Popular posts from this blog

06. නිවැරදි ඉරියව් වලින් මනා සුවයක්

09. මේ ගැනත් දැනගන්න ...ඇඳ තුවාල හෙවත් පීඩන තුවාල

15. පිළිස්සුම ගැන කරුණු ටිකක්