Posts

Showing posts from August, 2017

04. අකුරු ලියමු සතුටින්

Image
මිට කලින් ලිපියෙන් මම  කතා කලේ පොඩ්ඩන් අකුරු ලියන්න හොර වෙන්නේ ඇයි කියන දේ ගැන... මෙයට හේතු වන කරුණු කාරණා බොහොමයක් ගැන මම ඒ ලිපියෙන් ලියා ඇති.ඒ ලිපිය කියවන්නට නම් මෙතනින් යන්න  . ඊට  අමතරවත් බොහෝ කාරනා මෙයට බලපානවා. කෙසේ වුවත් මේ කාරනා සලකා බලා දරුවන්හට ඒ ගැටළු වලට අදාල විසඳුම් ලබාදීමත් කලයුතු වෙනවා. දරුවාගෙන් දරුවාට මෙම ගැටළු වෙනස් ..එම නිසා දරුවෙක් ලිවිම සම්බන්ධව ගැටළු සහිත වේ නම් මුලින්ම කල යුතු වන්නේ ඒ අදාල ගැටළු මොනවාද යන්න සොයා බැලීමයි . මේ සඳහා පලපුරුදු වෘත්තීය චිකිත්සක වරයෙකුගෙන් සහය ලබාගන්න . **************************************************** සමහරක් දරුවන්ගේ මුලිකම ගැටලුව වන්නේ ඉරියව් සම්බන්ධ ගැටළු.මෙහිදී සම්පුර්ණ ශරීරය නියමාකාරයෙන් හසුරවා නොගැනීම මෙන්ම ලිවීමට අදාල ශරීර අවයව නිසි ලෙස භාවිත නොකිරීමත් ගැටලුවලට හේතු වෙනවා. මෙහිදී ඔබ වඩාත් සැලකිල්ලෙන් නිරීක්ෂණය කල යුතු වන්නේ දරුවා නිවැරදි ලෙස අසුන් ගෙන සිටීද යන්නයි. එලෙස අසුන් ගෙන නොමැති නම් දරුවාගේ ලිවීමේ කටයුතු වලට මුලිකවම බාධා පැමිණෙනවා. ************************************************* දරුවාගේ උසත් ආසනය

03. පොඩ්ඩන් අකුරු ලියන්න හොර ඇයි..?

Image
දරුවන්ට අකුරු ලියන්න ගියාම ඇතිවන සුලු ප්‍රශ්න අම්මලා තාත්තලාගෙත් මහා ප්‍රශ්න වෙන එක දැන් සුලබ කරුණක් වෙලා. අපේ වර්තමාන ප්‍රාථමික අධ්‍යාපනය කියන්නෙත් ක්‍රියාකාරකම් වලට වඩා අකුරු ලිවීම මත පදනම් වන ක්‍රියාදාමයක් නිසා මේ ගැටලුව විවිධ ආකාරයෙන් මතුවී පෙනෙනවා. ප්‍රාථමික ශ්‍රේණිවල ඉගනුම ලබන දරුවන්ගේ ලිවීම් හැකියාවන් ඇගයීමට ලක් කල විට ඔවුන්ගේ ගැටළු ප්‍රධාන අංශ හතරක් යටතේ වර්ග කල හැකියි . 1. අකුරු සහ වචන ලිවීමේදී අතර මැද ඉඩ තැබීම ආදියෙහි ගැටළු  (spacing  ) 2. ලිවීමේදී ශරීරය නිවැරදිව තබා නොගැනීම සහ පෑන / පැන්සල නිවැරදිව අල්ලා නොගැනීම ( posture) 3. ලිවීමේ වේගයෙහි ඇතිවන ගැටළු  4. අකුරු නිවැරදිව ලිවීමේ නොහැකියාව  ඉහත සඳහන් කල ගැටළු සම්බන්ධ ව සලකා බැලුවිට එම ගැටළු හා සම්බන්ධ අනු ගැටළු රාශියක් අපට දැකගත හැකියි . ඉන් සමහරක් නම් ... 1. අකුරු සහ වචන අතර ඉඩ සම්බන්ධ ගැටළු   * අකුරු අතර , වචන අතර ප්‍රමාණවත් ඉඩ තබමින් ලිවීමේ ඇති අපහසුතාව  * පොතක රූල් අතර ලිවීමේ නොහැකියාව  * අකුරු එකිනෙක අතර නිවැරදි ස්ථාන සම්බන්ධතා නැති වීම  - එක අකුරක් රූලේ ඉහලින්ද අනෙක පහළින්ද ලිවිම  *  කොල

02. අවධාන ඌනතා සහිත අධි ක්‍රියාකාරීත්වය හෙවත් ADHD

Image
මොකක්ද මේ  අවධාන ඌනතා සහිත අධි ක්‍රියාකාරිත්වය කියන්නේ.....?  ඔබට මේ සිංහල වචනය නුහුරු වුණත්... ඉංග්‍රීසියෙන්...hyperactive / ADHD / ADD වැනි වචනයකින් හැඳින් වුව හොත් මෙම තත්වය ගැන යම් අදහසක් ඇති.... මන්ද....අද කාලයේ සුලබ වන ළමා වියේ ආබාධ අතර වැඩියෙන්ම දකින්නට පුළුවන් රෝග තත්වයක් මෙය..... මෙම අවධාන ඌනතා සහිත අධි ක්‍රියාකාරිත්වය හෙවත් Attention Deficit Hyperactive Disorder (ADHD)නමැති ගැටලුකාරී තත්වය දරුවන් තුල විශේෂයෙන්ම දැකිය හැකි වෙනවා.... පාසලක හා සමාජයේ සාමාන්‍යයෙන් දඟකාර ලෙස හැසිරෙන දරුවන් මෙම ගණයට අයත් කර නොසකලන මෙන් මුලින්ම පැවසිය යුතු වෙනවා.... නිවාස, පාසැල සහ අනෙකුත් සමාජයන්හි...බොහොමයක් ක්‍රියාකාරකම් වලට ගැටළු ඇති කරගනිමින් ...අවධානය නොදෙමින් ..කලහකාරී සහ බාධාකාරී ලෙස අසාමාන්‍ය ව දරුවකු හැසිරේ නම් ..එම තත්වය අප විසින් මේ ගණයට ලා සලකන්න පෙළඹෙනවා... එම තත්වය පුර්ව ළමා වියෙහිදීම හඳුනාගන්නට හැකියි . මෙවැනි තත්වයක් පවතින දරුවන් හඳුනාගන්නා ආකාරය පහසු නොවුවත්, ඔවුනටම විශේෂිත වූ ලක්ෂණ මත පදනම් ව එය කළ හැකියි. රෝග නිර්ණය කිරීමේදී අංශ තුනක් මත පදනම් වන මෙම තත්වයට අදා

01. සීමාවන්ට එහා ඉම දකින්න

Image
අපි ජීවිතය දකින්නේ බොහොම අනන්‍ය ආකාරයට ... එය ඔබට හා මට එකම වෙන්නේ නැහැ .. සරල සුමට ලෝකයක අපි ජිවත් වන්නේත් නැහැ ... ජීවිතය ගලා යනවා නොනැවතීම ... ඉතින් ... එක තැනකදී ජීවිතය මග නැවතුනොත්.... ඔබ ඒ සිමාව බාර ගන්නේ කොහොමද ... නොහිතන නොපතන දේවල් මේ ලෝකයේ බොහොම වෙලාවට වෙනවා..... අන්න ඒ වගේ දෙයක් දිහා වෙනස් ඇසකින් බලන්න ... ඔබට සහය වන  විශේෂ සේවයක දැනුවත් කිරීමේ ..ලිපි ටිකක් එක්ක ... මේ  සීමාවෙන් එහා ඉම බ්ලොගය මම අරඹන්නේ.... ඇරයුම් කරනවා...එන්න කියවන්න... අවබෝධයක් ගන්න .. කාට හෝ මේ දැනුම තුලින් සවියක් වන්න...නිසි යොමු කිරීමක් කරන්න.... මේ මගේ වෘත්තීය දිවියේ විසිවැනි අවුරුද්ද...සපිරෙන වසර  ...මේ කාර්යය එවැනි වසර විස්සක අත්දැකීම් එක්ක ඔබට පුදන්නේ ..... ඒ විසි වසර තුල ...මට හමුවූ ...ජීවිතය අභියෝගයක් ලෙස බාරගෙන ලෝකය දකින සිය දහසක් මිනිසුන්ට කරන උපහාරයක් ලෙසයි ... එන්න ... අපි සීමාවන්ට පෙර හැකියාවන් දකිමු .....