09. මේ ගැනත් දැනගන්න ...ඇඳ තුවාල හෙවත් පීඩන තුවාල




පීඩන තුවාල අපේ කට වහරේ කියන්නේ "ඇඳ තුවාල" එහෙමත් නැත්නම් "ඇඳ වණ" කියලා...මේවා ඇති විය හැකි විදි දෙකක් තියනවා...
එකක් තමයි වයසත් සමග අපේ වැඩිහිටි අය ඇඳටම වෙලා ඉන්න කාලේදී ඇඳ වණ ඇති වීම
අනිත් සුලබ කරුණ තමයි.. ශාරීරික .ආබාධිත තත්වයකට පත් වීම නිසා අවයව සෙලවීමේ අපහසුව..
මේ දෙයාකාරයෙන් කොයි එක වුනත්...ප්‍රතිපලය එකමයි...

මේ වගේ තුවාලයක් ඒක සැරේටම ඇති වෙන්නේ නැහැ..මුලදී පැහැදිලිව දැකිය හැකි සමේ පැහැය වෙනස් වීමකින් තමයි මෙය ආරම්භ වෙන්නේ...නමුත් මේ අවධියේදී බොහෝ දෙනෙක් මේ ගැන ඒ තරම් අවධානයක් දෙන්නේ නැහැ...
ඉතින් ..එය තුවාලයක් වූ පසුයි මේ ගැන කල්පනාවට එන්නේ...
යමක් සිදු වුවාට පසු ඒ ගැන වද වෙනවාට වඩා කලින්ම පිළියම් යෙදුවොත් නේද හොඳ...
අපි අහල තියනවනේ..."prevention is better than cure" කියලා.....
ඇඳ වණ...එහෙම නැත්නම් ..මේ පීඩන තුවාල ගැන සුළු ලක්ෂණයක් හරි දුටු ගමන් එයට ප්‍රතිකාර කිරීම වැදගත් 
...සමහර විට මේ මුලික ලක්ෂණයන්...ඒ කිව්වේ වර්ණය වෙනස් වීම් කෙටි වෙලාවක් තුල නැවත යතා තත්වයට පත් වේනම් ...එය කලබල විය යුතු නැහැ...අපේ ශරීරයේ පීඩනය යෙදෙන තැන් බොහොමයක් තියනවා...මේ ස්ථාන ආශ්‍රිතව තමයි පීඩන තුවාල ඇති වෙන්නේ...
ඒ ස්ථාන ..මොනවාද...?





1.හිස් කබලේ පිටුපස
2.උරපතු පිටුපස
3.අපේ කශේරුකාව..(කොඳු ඇට පෙළ ) ඉවර වෙන ස්ථානය..
4.විලුඹ
5.උකුල් ඇට
6.තට්ටම .....ආදී ස්ථාන...

උඩ අතට ...මුනින් අතට ...පැත්තට නිදාගන්න ඉරියව්වෙන් ඉන්න කොට වගේම

වැඩි වෙලාවක් වාඩි වී සිටින අයගෙත් ...පීඩන තුවාල ඇති වෙන්න පුළුවන්...
අපි නම්...ඒක දිගට ටික වෙලාවක් වාඩි වෙලා ඉද්දි...දැනෙන අපහසුතා නිසා ඉරියවු වෙනස් කරනවනේ...ඒත්..රෝගී වූ අයට...ආබාධිත වූ අයට..එහෙම කරන්න බැහැ..
ඒ නිසයි..අපිට පීඩන තුවාල නොහැදෙන්නයි...ඔවුන්ට හැදෙන්නයි...හේතුව.

ඉතින්...පීඩන තුවාලයක වැඩි වීමට බලපාන හේතු නම් ගොඩක් තියනවා..
මුලික රෝගී තත්වය වගේම..
1.ඒ පුද්ගලයාගේ වයස
2.අනෙකුත් රෝගී තත්ත්ව...උදා:දියවැඩියාව වගේ ඒවා
3.සිගරට් ආදිය බීම
4.නිසි පෝෂණයක් නොලැබීම
5. සමේ අධික තෙතමනය
6.සම අධික වියලි වීම
7. වැරදි ඉරියවු
8. රෝගියා නිසි ලෙස නොඑසවීම ...
                                                             ආදියයි...

මේ වගේ රෝගීන්ට මුලිකව කල යුතු ප්‍රතිකාර 
1. නිසි පෝෂණය ලබා දීම ...සමට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ

2. මල මුත්‍රා වලින් සහ දහදියෙන් තුවාලය ආරක්ෂා කර ගැනීම
3.නිසි ලෙස තුවාලය පිරිසිදු කිරීම
4.පීඩනය අවමයෙන් යෙදෙන සේ ඒ ප්‍රදේශය තැබීම ...ආදියයි....

සමේ පීඩනය යෙදෙන තැන් පීඩනය අවම කරන සේ යෙදීමට කල හැකි දේ...

1.නිසි කුෂන් එකක් පුටුවට සහ රෝද පුටුවට යෙදීම


2. පීඩන ඇති විලුඹ වගේ තැන් වලට ඒ පීඩනය  අඩු වන සේ  යමක් තැබීම

3. පීඩනයන් ඉහිල් කිරීම...ඉරියවු වෙනස් කිරීම තුලින්...
   සැම පැය දෙකකටම වරක් වත් රෝගියාගේ ඉරියවුව වෙනස් කල යුතුයි...



මෙවන් අන්දමින්..රෝගියෙක් ආරක්ෂා කර ගත්තේ නැත් නම්....ඉතාම අවාසනාවන්ත ලෙස තුවාලය වැඩි වීම වගේම මරණය ද ඉක්මන් වෙනවා...
ඉතින්.....අපේ කාගේ හෝ..කවුරුන් හෝ....වයසට ගිය විටක..එහෙමත් නැත නම්...අසනීපයක් නිසා ඇදකටම වී ඉන්න වූ  දවසක...මේ කරුණු ටික වැදගත් වෙයි කියලා මම හිතනවා....



Comments

Popular posts from this blog

06. නිවැරදි ඉරියව් වලින් මනා සුවයක්

15. පිළිස්සුම ගැන කරුණු ටිකක්