06. නිවැරදි ඉරියව් වලින් මනා සුවයක්

අපි හැමෝටම වැදගත් වෙයි කියලා හිතෙන දෙයක් ගැනයි මම මේ ලියන්න යන්නේ...
සමාජයේ කුමන තරාතිරමක ..කුමන රැකියාවක..කුමන නියැලීමක යෙදෙන්නෙක් වුවත් ..දැනගත යුතු මූලික කරුණු කාරණා ටිකක් තමයි..මේ පෝස්ටුව හරහා..මම ලියන්නේ...

අපි පොඩි කාලේ ඉඳන්ම ක්‍රියාකාරී වෙන හැම විටම නිවැරදිම ඉරියවු වල සිටිනවද..?
ඒක ඇත්තටම ඒ ඒ අවස්ථාවට අනුව වෙනස් වෙනවා...
ඒත්..යම් ගැටළුවක් ...ප්‍රශ්නයක් ආව දවසට ..තමයි අපි මේ ගැන හිතන්නේ...


කොහෙන් හරි එන සුළු වේදනාවක්..පසුකාලීනව ස්ථීර ප්‍රශ්නයක් වුනාම ..ඒකට ප්‍රතිකාර ගන්න ගිය තැනදී තමයි බොහෝ විට අපිට මේ ගැන දැනුවත් වීමක් ලැබෙන්නේ...
එතකල්.....අපිට මේවා වැරදියි කියලා තේරුණාට...අපි ගණන් ගන්නේ නැහැ...ගණනකට ගත්තත් කෙටි පිළියමක් යොදලා...මේවාට උත්තර හොයාගෙන..අමතක කර දාන්න තමයි අපි පුරුදු වෙලා ඉන්නේ...

ඉතින් අපි යම් තාක් දුරට අපේ ඉරියව් ගැන ..නිවැරදි ව දැනුවත් නම්...මේ පසුකාලීන ගැටළු වෙන්නේ නැහැයි කියන එක තමයි..මගේ නම් අදහස...

******************************************************

අපි එදිනෙදා ජීවිතයේ කරන සමහර සුළු සුළු වැරදි ඉරියවු නිසා...පසු කාලීනව කොන්දේ කැක්කුම්..බෙල්ලේ අමාරු ආදිය ඇති වෙන්න පුළුවන්...

උදාහරණයක් විදියට ගත්තොත් අපි බරක් ඔසවද්දී හරි..බිම වැටුන යමක් අහුලා ගනිද්දී හරි නිවැරදිව ඒ දේ කරනවද..?





මෙහි පළමු   රූපයේ තියන අන්දමට නේද අපි බොහෝ විට ඒ දේ කරන්නේ...
නමුත් නිවැරදිම ආකාරය..දණහිසෙන් නැවී යමක් එසවීම හෝ අහුලා ගැනීමයි...එනම් දෙවැනි ආකාරයයි 

ඒ වගේම කුඩා කාලයේ අපි දරුවන් ගේ සමහර වැරදි ඉරියව් ඒ තරම් ගණන් නොගෙන ඉන්නවා නේද..?





මේ ඉන් එක විදියක්...අපි මෙය හඳුන් වන්නේ W sitting කියලා...ඔයාලගේ හරි කාගේ හරි පොඩි දරුවෙක් මෙහෙම වාඩි වෙලා ඉන්නවා ඕන තරම් දැකලා ඇති නේද.?
ඒත් අපි ඒක ඒ තරම් ගණන් ගන්නේ නැහැ...ඒත්..පැතලි යටි පතුල් තියන...flat feet..අයට මේ තත්වය ඒ තරම් හොඳ නැහැ..
ඒ වගේම දණහිස් දෙක එකිනෙකට ලංවීමට මේ ඉරියවුව බලපානවා..
knock knees..
ඒ නිසා දැක්ක ගමන්..මේක කියලා නිවැරදි කරවන්න ඕන...

ඒ වගේම තමයි අපි කුඩා කල සිටම බලන්න ඕන දෙයක්..අපි ලියන්න කියවන්න ඉන්න ඉරියවු හරිද කියන එක...





ඉහලින් ඇති රූප දෙකෙන් පෙන්වන ආකාරවල දෙවනියට තියෙන  අන්දමට තමයි අපි පහසුවෙන්ම ඉඳ ගන්නේ ..ඒක මුලදී පහසුවක් වගේ දැනුනට දීර්ඝ කාලීන අබාධ ඇති කරන ඉරියව්වක්...මෙහි මුල් ඉරියව්ව තමයි සුදුසු ම වන්නේ 


මෙන්න මේ  දෙවැනි රුපයේ වගේ වගේ ඉරියවු අපි ඕන තරම් භාවිතා කරනවා..ඒවා ඉතාම වැරදියි...මේස් දෙකක් දමාගැනීම උදාහරණයකට ගත්තේ ඒකයි...
මේ පරිගණකයක් භාවිත කරන විට ඔබට ඉරියව් ගැන නිවරදි වන්න හොඳ රූප සටහන් පෙළක් 
නිවැරදි ව ක්‍රියාකාරකම් වල නොයෙදුන හොත් 
 ප්‍රතිපලය වෙන්නේ..මේ වගේ කොන්දේ කැක්කුම්..




එහෙමත් නැත්නම් 
බෙල්ලේ කැක්කුම්..





අපි ව්‍යායාම කරද්දීත්...නිවැරදි දේ කරන්නට සැලකිලිමත් වෙන්න ඕන..වෙළඳ පොලේ තිබුනට..තව කෙනෙක් කලාට ..හැම ව්‍යායාම උපකරණයක් ම අපිට සුදුසු වෙන්නේ නැහැ..ඒ වගේම තමන්ට ගැලපෙන තරමේ ප්‍රතිරෝධ  Resistance යොදන්නත් අපි දැනුවත් වෙන්න ඕන...

එහෙම නැති නම්..නැති ගැටළු ඇති කරගැනීමක් තමයි වෙන්නේ..

අපේ කාන්තාවන් ගේ නවීන විලාසිතා බොහොමයක්ම ..දීර්ඝ කාලීන ප්‍රශ්න වලට අත වනන සුළු ඒවා..
උදාහරණයක් ලෙස ගත්තම..අඩි උස සපත්තු...




මේවා දාගෙන ගමන් කරන්නට යාමේදී වන අනතුරු බොහොමයක්..පාද වල ආබාධ වලට මුල වෙනවා..


අපි මේ විතරක් නොවෙයි..ගෙදර දී සාමාන්‍යයෙන් ඇඳෙන් නැගිටින..පුටුවේ හැරෙන විදිය පවා නිවැරදි ව කල යුතුයි..නැත් නම්..අපේ නම්‍යතාවය වැඩි කොන්දට වෙන්නේ අනතුරුමයි...


ඔබ වාහනයක් පදවනවා නම්..එය ට අදාළ ආසනය නිවැරදිම ඉරියවුවට සකසා ගත යුතුයි..
ඒ වගේම අසුනට ගොඩ වෙන සහ බසින විටත්..මුලින් ඉඳ ගෙන ඉන්පසු පාද දෙක ඇතුලට ගන්නට සැලකිලිමත් වෙන්න...



.
නිවැරදි ඉරියවු අපේ මනා සුවසෙත ට මග පාදනවා..
පසු කාලීනව..කොන්ද අල්ලාගෙන..දොස්තර මහත්තුරු නෝනලා පස්සේ ගිහින් අතේ තියන සල්ලි ටිකත් ඉවර කරන්..සැර බේත් බොන්නේ නැතුව..මේ ටික හිතට අරන්..හොඳ කොන්දක් රැක ගම්මු නේද...?


Comments

Popular posts from this blog

15. පිළිස්සුම ගැන කරුණු ටිකක්

09. මේ ගැනත් දැනගන්න ...ඇඳ තුවාල හෙවත් පීඩන තුවාල