10. වියපත් වන දා..සුව සහනය

ජීවිතය හරිම සුන්දරයි...



ළමා කාලේ කෙළිදෙලෙන්...තාරුණ්‍යයේ දී  තරුණ ජවයෙන්..මැදි වියෙහි දී මධ්‍යස්ථව...වගකීම් දරමින් අපේ ජීවිතය ගලා යනවා....
ඒත්...අපි කවුරුවත්..මහලු විය ගැන හිතනවද...?
හිතන්න බයයි..අස්තාවරයි....අවිනිශ්චිතයි...
ඒත්..අකල් මරණයක් නොවන හැම දෙනාම වියපත් වෙනවා...
අවිනිශ්චිත..අස්ථාවර මහලු වියට එළඹෙනවා....ඒක වලක් වන්න බැහැ...


ජීවිතයේ මහලු විය නීරෝගීව ගත කරන අය වගේම ලෙඩ රෝග වලට බඳුන් වෙන අයත් එමට සිටිනවා..
වැඩි දෙනෙකු රෝගී තත්ත්ව වලට බඳුන් වෙන්නේ..වියපත් වීමේදී ඉස්සර වගේ ප්‍රතිශක්තිය හා දරාගැනීමේ හැකියාව යන හැම දේම අඩු වන නිසයි...

නමුත් ...අද මම මේ ලියන පෝස්ටුව ටිකක් වෙනස් ...
වියපත් වීම සහ සබැඳුණු යම් යම් ආබාධ තත්වත් තියනවා...
මේවායින් සමහරක් වලක් වා  ගත නොහැකි ඒවා..වන අතර සමහරක් ඒවා නිසි අවධානය දුන්නොත් වලක්වා ගත හැකියි...

මේ ආබාධ තත්වයන් සහ ඒවාට කල හැකි සහ ලබා දිය යුතු ප්‍රතිකාර තමයි මේ පෝස්ටුවේ අන්තර්ගත වන්නේ...
ඔබත්..මමත්...කවදා හෝ වියපත් වෙයි..ඒ වන තුරා...අපේ දෙමවුපියන්..වැඩිහිටියන්...ආදී බොහෝ දෙනෙකු රැක බලා ගැනීමේදී ..මේ කරුණු ඔබට වැදගත් වනු ඇති කියා මම සිතනවා...

වියපත් වූ කෙනෙකුගේ ශරීර සමබරතාවය ගොඩක් දුරට දුර්වල තත්වයක පවතිනවා...ඒ  ඒ වයසේදී මාංශ පේශි වල අස්ථි වල තියන ශක්තිය අඩු නිසා...
මේ සමබරතාවයේ ගැටළු නිසාම වැඩිහිටි අය නිතර වැටීම් වලට මුහුණ පානවා..මෙයින් වන අහිතකරම දේ තමයි උකුල් ඇට ආශ්‍රිත අස්ථි බිඳීම් සිදුවීම ...
මේ තත්වයේදී....කාලයක් තිස්සේ එක තැන්වීමට සිදු වීම වගේම..මම කලින් ලිපියක සඳහන් කල පීඩන තුවාල ආදිය ඇති වීම පවා වෙන්න පුළුවනි...
එම නිසා වියපත් වූ අයගේ..සමබරතාවය වගේම ..නිසි චලන ආධාරක භාවිතයට හුරු කරවීමද වටිනවා...
චලන ආධාරක කියන්නේ....අපිට තනිවම ඇවිද යා නොහැකි වූ විට ඒ සඳහා උදව් වෙන දේවල්..
උදා :- රෝදපුටුව..අත් වාරු ආදිය..



රෝගී වූ අයකු සම්බන්ධව ප්‍රතිකාර කරගෙන යාමේදී ඔවුන්ගේ මානසිකත්වය ගැන සැලකිලිමත් වීම ඉතා වටිනවා..මොකද මහලු විය කියන්නේ ...බොහෝ විට කුඩා දරුවන් සේම බොහෝ අහිංසක බලාපොරොත්තු ඇති අවධියක්...ඒ වගේම ඔවුන්ගේ අපේක්ෂාවන් ..සමහර විට අපිට ඉතා ආත්මාර්ථකාමී ලෙස දැනුනත්...ඒවා හරි සංවේදී ඒවා...

ඉතින් ඔවුන් සමග සුහද කතාබහ වගේම අදහස් තේරුම් ගෙන ප්‍රතිකාර කිරීමයි වැදගත්...


මේ බොහෝ දෙනෙකුගේ අදහස් තේරුම් ගන්නට සමහරක් විට ඉතාම අමාරු වෙන්නට පුළුවන්..ඒ ඔවුන්ගේ සන්නිවේදන ක්‍රම..කතා විලාශයන්...වයසත් සමග ටිකක් වෙනස් වෙන නිසා..අපිට අවශ්‍ය තරම් වේගවත්  ව ඔවුන් ගෙන් අපට විස්තර ආදිය නොලැබෙන්න පුළුවන්...මෙන්න මේ වෙලාවට තමයි ඉවසීම කියන දේ අවශ්‍යම වෙන්නේ..

ඉස්සර රාගම රෝහලේ සේවය කරන කාලේ ප්‍රතිකාර වලට ආව  සීයා කෙනෙක් උන්නා ...අතක ආබාධයකට...ගෙදර කවුරු හරි ඔහුව ප්‍රතිකාර සඳහා ඇරලවලා..ආපහු ඉවර වෙන වෙලාවට එනවා අරන් යන්න...ඉතින් මේ සීයාගේ කන ඇහෙන්නේ නැහැ...කොයි තරම් කිව්වත් ශ්‍රවණ ආධාරක උපකරණය දාගෙන එන්නෙත් නැහැ..අමතක වීම නිසා...ඉතින් මේ වෙලාවට අපේ ඉවසීමත් සමහර වෙලාවට ඉවර වෙනවා..මොකද සීයා කරන්නේ අපි කියන දේ නෙවෙයි...මේ වගේ වයසක අය එක්ක කවුරුන් හෝ එනවා නම් හොඳයි...නමුත් අද කාලේ දරුවනුත් පව්..අපි සතියකට දින දෙකක් එන්න කිව්වම රැකියාවල නිරත වෙන දූ දරුවන්ට...ත්‍රී වීල් රථ රියදුරු මහතෙක් භාරයේ එවනවා හැර කරන්න දෙයක් නැහැ...ඒ නිසා අපි ඔවුන්ට ඉඳ හිට පමණක් එන්න කියා දැනුම් දෙනවා....

වයසට යද්දී මතක තබා ගැනීමේ ශක්තියත් අඩු වෙනවා...Senile Dementia කියන තත්වය ඇති වෙන්නේ වයසත් එක්ක...මෙහෙම වුනාම බෙහෙත් බිව්වද කියලා මතක නෑ..ඉතින් ආපහු බොනවා..අපේ තාත්තත්..ඒ තරම් වයසටම නොගියත් ඔන්න ඔය වැඩේ කරනවා....මම ඒකට කාලේ...සතියටම හරි යන්න බෙහෙත් dispensarayak අරන් දුන්නා...මෙන්න මේ වගේ එකක්...ඔන්න ඔය වගේ ලෙහෙසි දේවල් අද අඩු මුදලකට වුනත් සොයාගන්න තියනවා,....

Gediatrics...ඒ කියන්නේ වයසට යද්දී ඇති වන රෝගාබාධ අතර ප්‍රධාන තැනක් ගන්නේ ....පාකින්සන් රෝගයයි...මේ රෝගය ගැන වෙනම දවසක පෝස්ට් එකක් ලියන්නම්....මේ වගේ රෝග හැදුනාම කෙනෙක් කොයි තරම් අසරණ වෙනවද...? වයසට යද්දී තියෙන ශාරීරික දුබලතා මදිවට මෙහෙමත් වුනාම...
ඉතින් ඒ වගේ රෝග සඳහා හැකි ඉක්මනින් ප්‍රතිකාර කල යුතුයි....



මේ වගේ අය වෙනුවෙන් කරන ප්‍රතිකාර අතරේ වෘත්තීය චිකිත්සක වරයකු ලෙස අපි කරන දේවල්....ටිකක් ලියන්නයි මම හිතුවේ..

ඉහතදී සඳහන් කල පරිදි වැටීම් නිසා සිදු වන අස්ථි බිඳීම් වලදී...ඒ සඳහා අවශ්‍ය වන පතුරු ආධාරක...splints...ආදිය  සාදා අවශ්‍ය ප්‍රතිකාර සපයා...සුවපත් කරන කාර්යය...අපි කරනවා...


ඒ වගේම අදාළ ව්‍යායාම සහ ක්‍රියාකාරකම් තුලින්..ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරනු ලබනවා...


එපමණක් නොවෙයි..වැඩිහිටි කෙනෙකුගේ මානසිකත්වය වෙනුවෙන්...ඔවුන් ගේ ආත්ම ශක්තිය වැඩි කිරීම සඳහා එදිනෙදා කටයුතු වල ස්වාධින කිරීමට අදාළ පුහුණු කිරීම් ද කරනු ලබනවා...


ප්‍රතිකාරයට එහා ගිය..මානුෂිකත්වය....අපේ ප්‍රතිකාර වල එක් අංගයක්....මෙවන් ඇයගේ විනොදන්ෂයන්...විවේකය සඳහා ඔවුන්ට නව අදහස් ලබා දෙමින් ඒ සඳහා..අවශ්‍ය ආරක්ෂා කාරී පරිසරයන් නිර්මාණය කිරීමද...කරන්නට අපි බැදී සිටිනවා...


වියපත් වුවද...ජීවිතයේ ආශාවන්..කැමැත්තවල්...ඒ පරිදිමයි...නිවැසියන් දැනුවත් කිරීම මගින්...වැඩිහිටියන්ගේ...ජීවිතය එළි කිරීමට අපි උත්සහ දරනවා...


වියපත් වීම යනු...තනි වීම නොවෙයි....

ලෝකයටත්..තමන්ටත්..බරක් කරදරයක් නොවී ...ජීවිතයේ සැන්දෑ සමය...ගත කරන්නට ඔවුන්ට අපේ සෙනෙහස අවැසියි.....

මගේ අත්දැකීම් අතරේ.....ලියවුන මේ ලිපිය...තුල...මගෙන් ප්‍රතිකාර ගන්නට එන....බොහෝ වියපත් අම්මලා තාත්තලා ඉන්නවා...මේ ලිපිය ලියන එක මදකට නවත්තලා..මම ඒ එක අම්මා කෙනෙකුට call කළා...ඇයගේ ස්වාමි පුරුෂයා...තමයි පාකින්සන් රෝගයෙන් දැනට පෙළෙන්නේ....ඒ වන විට  ඇඳ තුවාල වගයක් හැදිලා ප්‍රතිකාර වලට එන්නේ නැහැ...
ඉතින් ඒ විනාඩි 2...3..ක call එක...ඒ අයට කොයි තරම් වටිනවද...?කියලා මට ඒ කටහඩින්ම වැටහුනා...
අපිට මහා ලොකු දේවල් කරන්නට නැහැ..පුංචිම පුංචි දේවල් ටිකකින් අවශ්‍ය ලොකු ප්‍රතිපලය ගන්නට පුළුවන්.



ඉතින් යළි හමු වෙමු......




Comments

Popular posts from this blog

06. නිවැරදි ඉරියව් වලින් මනා සුවයක්

09. මේ ගැනත් දැනගන්න ...ඇඳ තුවාල හෙවත් පීඩන තුවාල

15. පිළිස්සුම ගැන කරුණු ටිකක්