07. ආබාධිත තාවය ..ඔබ දකින හැටි නිවැරදිද








ආබාධිත වීම කියන ඒක ගැන ඔබගේ අදහස කොහොමද?
මම හිතන්නේ මෙහෙම කිව්ව ගමන් ඔබට මතක් වෙන්නේ හමුදාවේ රණවිරුවෝ...
ඒ වුනාට "ආබාධිත"කියන තත්වයට පත් වෙන්න අපි හැමෝටම සිද්ද වෙන්න පුළුවන්...මග තොටදී නිවසේදී..එහෙම නැති නම් පාසලේදී ...සිදු වන මොන යම් හෝ අහඹු සිදුවීමක් මේ ආබාධිත කියන තත්වය අපට උරුම කර දෙන්න පුළුවන්...
ඉතින්..ආබාධිත භාවය සහ ආබාධ යන මාතෘකාව යටතේ යමක් ලියන්න මට හිතුනා...
සුන්දරම නොවන ..ඒත්...දැනුවත් වියයුතු...මාතෘකාවක්....





ආබාධිත වීම...එහෙම නැති නම්...disabled....කියන වචනය දෙපැත්තේ..තව වචන දෙකක් තියනවා...
එකක් තමයි ..impairment..ඒ කියන්නේ යම් කිසි නොහැකියාවක්...
මේ නොහැකියාව ශාරීරික වගේම මානසික වෙන්නත් පුළුවන්...
මේ නොහැකියාව නිසා තමයි කෙනෙක් ආබාධිත වෙන්නේ...ඒ වගේම ආබාධිත වුනාම ඉන් පසුව වෙන දේ තමයි handicapped කියන දේ...
මේ තත්වය තමය..වඩාම බරපතල...යමකුට සිදුවන ආබාධිත භාවය නිසා ඒ පුද්ගලයා තමන් මුලින් ගැටුන පරිසරයන් ගෙන් වගේම සහභාගීත්වයන්ගෙන් සීමා වීම..තමයි  මෙයින් අදහස් වෙන්නේ..

මේ තත්වයට හේතු දෙකයි....
එකක් ..පුද්ගලයාගේ අභ්‍යන්තර හේතු...ඒ කියන්නේ..ආත්ම ශක්තිය මදි වීම..අභියෝගයන්ට මුහුණ දීමට පසුබට වීම...ආදී දේවල්..
අනිත් දේ තමයි...බාහිර හේතු....අපේ රට වගේ ආබාධිත ජනතාවට තියන පහසුකම් මදිකම  වගේම මිනිසුන් ගේ ආකල්ප වල තියන වැරදි වැටහීම් එහෙම...




ඉතින් මේ තත්වය වෙනස් විය යුතුව තියනවා..දැනටත් යම් තාක් දුරට වෙනස්වීම් වෙලා තියනවා හොඳ අතට....ඉස්සර රෝද පුටුවක මනුස්සයෙක් ගියොත්..මිනිස්සු බලන්නේ කම්මුලට අත තියාගෙන..අනේ අපොයි කියලා...
ඒත්..දැන්..ලෝකයා දන්නවා..රෝද පුටුවක ඉඳන් වුණත් ...කෙනෙකුට අභියෝග ජයගත හැකියි කියලා...





impairment...disability....handicapped...

මේ වචන තුන පැහැදිලි කරලා..ඒ එකඑකක්  අනිකට සම්බන්ධ වෙන හැටි මුලින්ම කියවන්නකෝ...

උදාහරණයක් විදියට අපි හිතමු ...කෙනෙක් ගේ අතක් කැඩෙනවා හදිසි අනතුරකින්..සමහර විට ගේ ඇතුලෙදි ලිස්සලා වැටිලා කියමුකෝ....
මේ උදාහරණයක් විතරයි හොඳේ..කාටවත් එහෙම වෙන්න නම් එපා...
ඉතින් ඔන්න මේ අතේ අස්ථි බිඳීම හෙවත්...fracture ඒක නිසා ප්ලාස්ටර් එකකුත් දාන්න වුනා කියමුකෝ...

ඉතින් දැන් අතේ ඇඟිලිත් ඉදිමිලා..වැඩ කරන්නේ නෑ ...කන්නත් බෑ...වෙන කවුරු හරි තමයි කෑම කවන්නෙත්....

දැන් ඉතින් ප්ලාස්ටර් ඒක දමාගෙන ඉන්න අතරේ වෙඩින් එකකට  ආරාධනාවක් එනවා...මොකද කරන්නේ..ගියොත් සේරම අය අහනවා වෙච්ච දේ..ඒ මදිවට අල්ලලත් බලනවා..අනේ අපොයි කියනවා..කරුමේ තමයි කියනවා...ඔය දේවල් අහනවට වඩා හොඳයි...නොයා ඉන්න එක...

හිතන්න බලන්න වෙන්නේ මේ දේ නේද....

දැන් ඉතින් අපි බලමු...අර වචන තුන මෙතනට ගැලපෙන්නේ කොහොමද කියලා..

impairment  එක තමයි ...අත කැඩීම....
disability...ඒ මොකක්ද....කෑම කන්න බෑ  තනියම....dis+able.....
handicapped......වෙඩින් එකට යන්නේ නෑ ...සමාජයෙන් ටිකක් ඈත්වෙනවා....තනි වෙනවා...

මේ  සරලම උදාහරණයක්.....

ආබාධිත භාවය කොටස් තුනකට බෙදා ගෙන කතා කරන්න පුළුවනි...
1.ශාරීරික ආබාධ -physical disabilities
2.මානසික ආබාධ-mental or psychological disabilities
3.අවබෝධතාවය සම්බන්ධ ආබාධ-cognitive disabilities

ඉතින් මම ලියන්න උත්සහ කරන්නේ ශාරීරික ආබාධ සම්බන්ධයෙන් කරුණු ටිකක්...

මේ ශාරීරික ආබාධ කියන දේවල් අපිට විවිධ ආකාරයෙන් ඇති වන්න පුළුවන්...
සමහර ඒවා උපතින්ම ඇතිවෙන ඒවා..
ඒ වගේම සමහර ආබාධ අපිට ජීවිතේ කාලයක් ගෙවුනම ඉබේම ඇති වෙන්නත් පුළුවන්...ආතරයිටිස් වගේ රෝග නිසා....
සමහර ඒවා නම් අපි විහින්ම හදාගන්න ඒවා...අපේ වැරදි ජීවන රටාවල්  නිසා..නොසැලකිල්ල නිසා...අනුන්ගේ නොසැලකිල්ල නිසා...අපිට විවිධ ආබාධ ඇති වෙනවා..හුඟක් ඒවා ගැන තේරෙන කොට පෙරහැර ගිහින් ඉවරයි..

ඉතින්...යමක් වලක්වා ගැනීම...සිදුවුණාට පසු පිළියම් යෙදීමට වඩා පහසුයි...ඒ නිසයි දැනුවත් වීම වටින්නේ...

මොන යම් විදියට වුනත්....වුනාට පස්සේ නිවැරදි ප්‍රතිකාර හෝ පිළියම් යෙදීම මී ලඟට වැදගත් වෙනවා..
අපේ ගොඩක් දෙනා කල යුතු දේ ගැන දැනුවත් මදි කියලා..අත්දැකීමෙන් මම දන්නවා..
ඒ නිසා...ආබාධිත වූවෙක් සඳහා..අවශ්‍ය කරන ප්‍රතිකාර ගැනත් මම ඉස්සරහට ලියන්නම්...
මම හිතන්නේ ...දැනුවත් වීම අපිට නැතත්..කවදාහරි කාටහරි වැදගත් වේවි....

මේ ලියන මොහොතේ මතක් වුන සිද්ධියක් ලියන්නම්...
මේ කතාව මට කිව්වේ මම ඉගන ගන්න කාලේ..කොළඹ ජාතික රෝහලේ පිළිස්සුම් ඒකකයේදී හිටපු මගේ ප්‍රධානියා...අද එතුමා විශ්‍රාම අරන්....
පිළිස්සුම් වෙලා එන රෝගීන් සහ පවුලේ අයව දැනුවත් කරන්නේ කොහොමද කියලා කියාදුන්න  පාඩමකදී තමයි මේ උදාහරණය එතුමා ගෙන ආවේ...

දවසක් පිලිස්සුමකට ප්‍රතිකාර ගන්න ආව රෝගියෙකුට ...පිලිස්සුමකදී කල යුතු මුලික ප්‍රථමාධාර ගැන ඒ මහතා කියාදීල තියනවා...
ඊට පස්සේ දවසක්....මේ රෝගියා (සනීප වුනාට පස්සේ)..ගමනක් යද්දී...බස් එකට අරගෙන  ආවලු මනුස්සයෙක් තුවාල පිටින්..ගෙදර මිනිස්සු කෑ ගහනවලු..අනේ මෙයා පිච්චුනා..ඉක්මනට ඉස්පිරිතාලෙට ගෙනියන්න කියලා...බස් ඒක නවත්තපු තැනම තිබුනලු මිනිස්සු නාන ලිඳක්..අපේ හිතවත් රෝගියා මොකද කාලේ..අර මනුස්සයව අරන් ගිහින්..ලිඳේ පඩිය උඩ තියල වතුරෙන් නාවගෙන..නාවගෙන ගියාලු...
ඔන්න දැන් ලෙඩාගේ ගෙදර අයයි..බස් එකේ මිනිස්සුයි..අපේ හිතවතාට ගහන තරම් ලු....

ලෙක්චර්ස් දීල වැඩක් නෑ නේ මේ වෙලාවට ...ඉතින් මෙයා කියලා "හරි අපි දැන් යමු හොස්පිටල් එකට...එතැනදී ප්‍රශ්නයක් වුනොත්..මම සම්පූර්ණ වගකීම ගන්නම් කියලා...."

හොස්පිටල් එකට ගියාම හදිසි ප්‍රතිකාර ඒකකයේ අය මේ කෙනාට ස්තුති කරලා...ගෙදර අයට කිව්වලු...වතුරෙන්..මේ කල ප්‍රථමාධාරය නොකලා නම් ඔයාලගේ ලෙඩා දැනටත් මැරිලා කියලා..

ඉතින්..මේ මං ලිව්වේ දැනුවත් වීම කවදා හෝ කාට හරි වැදගත් වෙන අයුරු පෙන්නන පොඩි උදාහරණයක්...
ඉතින් ..මේ දැනුවත් කමත් හිතේ තියන් ඊළඟ පොස්ට් එකෙන් හමු වෙමු....
අපි..කවදා හරි කාට හරි..අත දේවි....

ඒ පිහිට ආබාධයක් වෙන්න යන කෙනෙක් ගලවා ගන්න හරි..වෙලා තියන දේකට..පොඩි උදව්වක් හරි..හරිමගක් පෙන්වීමක් හරි වුනොත්.....ඒ ඇති නේද?





Comments

Popular posts from this blog

06. නිවැරදි ඉරියව් වලින් මනා සුවයක්

09. මේ ගැනත් දැනගන්න ...ඇඳ තුවාල හෙවත් පීඩන තුවාල

15. පිළිස්සුම ගැන කරුණු ටිකක්