13. දැනුවත් වීම....awareness....




දැනුවත් වීම....awareness....

අපි දන්නා දේට වඩා නොදන්නා දේ බොහෝයි...එය පිළිගන්නට කොයි තරම් අකමැති වුවත් සත්‍යය  එයයි...
අපි මිනිසුන් ලෙස යම් යම් පරාසයන් ගැන කරුණු දැන ගත්තත් ..ඒ හැමදෙයක්ම ගැන නෙවෙයි.

විශේෂයෙන්ම අපිට වැළඳෙන ලෙඩ රෝග ගැන...ඒ හා සම්බන්ධ ප්‍රතිකාර  ගැන..එතකොට..මේ රෝග සම්බන්ධ රුධිර පරීක්ෂණ ගැන ..කල යුතු අනෙකුත් පරීක්ෂණ ගැන..අපි යම් තාක් දුරට දැනුවත් වී සිටීම වැදගත් වෙනවා...

දැනුවත් වෙනවා කියන්නේ කරුණු සේරම හොයා බලා ගෙන...ඉතුරු ප්‍රතිකාර  ත් තනියම කරගන්නවා කියන එක නෙවෙයි...
තමන් හෝ තමන්ගේ නිවැසි කෙනෙක්..අසල්වැසියෙක් ..කවුරුන් හෝ දන්නා අඳුනන කෙනෙක් ගේ අවශ්‍යතාවයක්  අනුව මේ දේ විය හැකියි...

රෝගයක් සම්බන්ධව අපි මුලිකව දැන ගත යුතු මොනවාද...?
මුල්ම දේ තමයි ...මෙම තත්වය ඇති නොවී සිටීමට හැකියාවක්..මින් වැළකී සිටීමේ හැකියාවක් තියේද යන්න...

අපි දැනුවත් වන්නේ කෙසේද...?

එක විදියක් තමයි....දන්නා කාගෙන් හෝ අසා දැනගැනීම...
මේ දන්නා කෙනෙක් කියන්නේ එම ක්ෂේත්‍රයේ  පළපුරුදු බවක් තියෙන කෙනෙක් විය යුතුයි...
තමන්ගේ අවබෝධතාවයට සහ අවශ්‍ය  මට්ටමට අදාළ කරුණු ගැන දැනගත්තම හොඳටම ඇති නේ...

මොකද...operation එකක් කරන්නේ මොකටද..එකේ ඇති විය හැකි සංකුලතා මොනවද....කියලා අහගන්න ඕන කෙනා..ඒක කරන විදිය පියවරෙන් පියවරට surgeon කෙනෙක් ගෙන් අහන්න ගියොත්...නැති ප්‍රශ්න  ගොඩකටයි මුහුණ දෙන්න වෙන්නේ...
ඒ නිසා...අදාළ දේ දැනගත්තම හොඳටම ඇති...


ඒ වගේම මේ ලෙඩ රෝග ගැන අද අන්තර්ජාලය තුල බොහෝ දේ තියනවා...අඩංගු වෙලා...තමන්ට ඒ ගැන දැනගන්න අවශ්‍ය  දේ හොයා බලලා දැනගන්න පුළුවන්.හැබැයි....අවශ්‍ය  දේ පමණක් ඔලුවට ගන්න...අනවශ්‍ය  බරපතල තත්ත්ව ගැන නොහිතා...

උදාහරණයක් විදියට අපි හිතමු..කෙනෙකුට තමන්ගේ කවුරු හෝ කෙනෙකුට තිබෙන්නට ඉඩ ඇතැයි සැක පහල වුන...පිළිකා රෝග තත්වයක් ගැන...ඉතින්..කෙනෙකු මේ ගැන අන්තර්ජාලයෙන් කරුණු සොයා බලන විට එහි තියෙන අන්තිම භයානක තත්වය පමණක් ඔලුවට ගත්තොත්...මොකද වෙන්නේ...මේ අදාල නැති කරුණු රෝගියාගේ මනසට ගිහින් නැති ජංජාලයක් වෙන්න පුළුවන්....
ඒ නිසා..මනසට අවශ්‍ය  කරුණු පමණක් උකහා ගත්තම ඇති,....

 ඒ වගේම රෝගයට අදාළ අත් පත්‍රිකා ..පුවත් පත් ලිපි ආදියත් නිතර පලවෙනවා..බෙදා හරිනවා නේ...ඒවා ලියන්නේ මේ වගේ ක්ෂේත්‍රය  ගැන දැනුමක් ඇති අය ..ඒවා කියවීමත් ඉතාම වැදගත්....

ඉතින්...සමහර වෙලාවට මේ කියවන ලිපි වල තියන කරුණු හරියටම අවබෝධ කර නොගෙන....ඔලුව අවුල් කරගන්න අයත් ඉන්නවා...
ප්‍රශ්නයක්  අවම ඒ අදාල ලිපිය හරි පත්‍රිකාව  හරි බෙදා හැරපු කෙනාගෙන් අහන ඒක හරි වැදගත්...මොකද මේ ලිපි සහ තීරු පත්‍රිකා  බෙදා හරින අය ලිපිනය සහ දුරකථන අංක ඒවායේ සඳහන් කර තියෙනවා...

සමාන අදහස් දරන අය එකට එකතු වුනාම අත්දැකීම් බෙදා ගන්නවානේ..සාකච්ඡා මාර්ගයෙන් මේ ගැන කරුණු බෙදා ගැනීමත් ඉතාම වැදගත්..මේ කණ්ඩායමට දැනුමැති කෙනෙක් එකතු කරගත්තොත්...මේ තත්වය වඩා ප්‍රථිපල  දායක වෙයි...

මෙවැනි ක්‍රම ඔස්සේ ලෙඩ රෝග සහ ඊට අදාල කරුණු ගැන අපි දැනුවත් වෙමු 

ස්තුතියි


Comments

Popular posts from this blog

06. නිවැරදි ඉරියව් වලින් මනා සුවයක්

09. මේ ගැනත් දැනගන්න ...ඇඳ තුවාල හෙවත් පීඩන තුවාල

15. පිළිස්සුම ගැන කරුණු ටිකක්