17. ස්නායු ආබාධයක් ගැන කරුණු ටිකක්




මේ ලියන පෝස්ටුව..අද බොහෝ දෙනාට හුරු ස්නායු ආබාධ තත්වයක් ගැන...
ගිලන් බාරේ සින්ඩ්‍රෝමය....
මෙහි සම්පූර්ණ නම  Guillain Barre Landry Syndrome
අද බොහෝ දෙනා මේ රෝග තත්වය ගැන යම් ප්‍රමාණයකට දන්නවා...
ඉතින් මගේ මේ පෝස්ටුව ඒ සම්බන්ධ වැඩි දුර කරුණු ඔබට ගෙන ඒවි...


අපි හැමෝම පුංචි කාලේදී විද්‍යාව හදාරන කොට ඉගන ගත්තු ස්නායු සෛලය මතකද...?

මේ ඉන්නේ එයා තමයි....



ඉතින් මේ ස්නායු සෛල දෙකක් හරහා...සංවේදනයක්...ගමන් කරන්නේ ස්නායු පණිවිඩයක් ලෙසයි...
ස්නායු සෛලයක උත්තේජනය ගමන් කිරීමේදී මයලින් කොපුව වැදගත් වෙනවා....මුළු පාඩම ම මතක් කරදෙන්න ඉඩ නම් නැහැ..ඒ වුනාට යන්තමට හරි අපි කාටත් මේක මතකයි නේ...?
මයලින් කොපුව තියෙන්නේ ස්නායු සෛලයේ ඇක්සෝනය (axon) වටා...
මේ මයලින් කොපුවෙන් කරන්නේ ස්නායු උත්තේජනය ගමන් කරන එක වේගවත් ව කරදීමයි...

ගිලන් බාරේසින්ඩ්‍රෝමයේදී වෙන්නේ මේ මයලින් කොපුවට හානි සිදු වීමයි..මෙය වන්නේ කොහොමද කියා හරියටම කියන්නට බැරි වුනත්....අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වන කුමක් හෝ ප්‍රශ්නයක් නිසා තමයි මෙය වෙන්නේ...බොහෝ විට බැක්ටීරියා හෝ වයිරස් තත්වයක් නිසා මෙය ඇති වෙන්න පුළුවන්...මේ දෙකම නිසා ප්‍රතිශක්තිකරණයට හානි වෙනවා නේ...

කොහොම වුනත්....ගිලන් බාරේ සින්ඩ්‍රෝමය  ට හේතුව...එහෙම නැත්නම්..cause එක...හැමතිස්සෙම කියවෙන්නේ unknown...කියලයි...
සමහර විට මේ මයලින් කොපුවට පමණක් නොව ඇක්සෝනයටත් හානි කරනවා....

මතක තබාගත යුතු තවත් දෙයක් වන්නේ ..මෙහිදී හානි වන්නේ බාහිර ස්නායු පද්ධතියට අදාළ ස්නායු වලටයි...

ඉතින් මෙහෙම වුනාම වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න පුළුවන් නේද...?
ස්නායු සෛලයේ උත්තේජන ගමනේ වේගය අදාළ වීමයි...
ස්නායු සෛලයකින් කෙරෙන දේ ...දන්නවා නේද,,...?

මොලයෙන් එන පණිවුඩ අදාළ ඉන්ද්‍රියයන් කරා රැගෙන එම සහ..ඉන්ද්‍රියයන්ගෙන් ලැබෙන පණිවුඩ මොලය කරා ගෙන යාම..යන දෙකම මෙහිදී ස්නායු විසින් කරනු ලබනවා..

ඉහත තත්වය සිදුවූ විට ..ස්නායුවට බැහැ..මොලයෙන් දෙන පණිවුඩය අදාළ මාංශ පේශි වෙත් නිවැරදි ව සහ කාර්යක්ෂමව ලබා දෙන්න....මෙහිදී සිදුවන්නේ ..ඉන්ද්‍රියයන් සහ අවයවයන්...ක්‍රියාකාරී වීම වැළකීමයි...
ඒ වගේම මොළයට ඉන්ද්‍රියයන්ගේ සිට නිවැරදි ලෙස පණිවුඩ නොයන නිසා....සංවේදනයන් ආදිය අපි වටහා ගන්නෙත් වැරදි විදියට...

ඉතින් මේ දෙයාකාරයෙන්ම රෝගය නිසා,....බලපෑම් ඇති වෙනවා...

ගිලන් බාරේ සින්ඩ්‍රෝමය සෑදුන කෙනෙක් මුලින්ම කියන්නේ ඔවුන් ගේ අත් සහ පාද වල හිරිවැටීම් සහ ක්‍රියාකාරී වීමේ ගැටළු ඇති වුන බවයි..මීට හේතුව..අත් සහ පාද පිහිටා ඇත්තේ මොලයේ සිට බොහෝ දුරකින්  ස්නායු සම්බන්ධතා සහිතව බැවින්....මේ නිසා..මුලින්ම ඈතින් ඇති අවයව වල තමයි..ගැටලුව ඇති වෙන්නේ...


මෙම රෝගය වයස් මට්ටමක් , ස්ත්‍රී පුරුෂ බේදයක්...හෝ තරාතිරමක් නැතුව ඕනම කෙනෙකුට හැදෙන්න පුළුවන්...ඉස්සර නම් මෙය ටිකක් දුර්ලභ රෝගයක් ..ඒ කියන්නේ 100,000 න් එක් අයකුට වගේ හැදෙන බවයි කිව්වේ..අනේ මන්දා...දැන් නම්...අපේ රෝහලට මේ වර්ගයේ අය හරියට එනවා...

රෝගීන්ගේ රෝග ඉතිහාසය බැලුවම කියවෙන එක දෙයක් තමයි...මෙය වෙන්නට පෙර ඔවුන්ට බොහොමයක් විට...යම් රෝගයක්...ශ්වසන හෝ ආමාශයික/ ආන්ත්‍රික පද්ධති අදාළ රෝගයක් වැලදී තිබිල තියනවා...
මේ හා සමගම ඇති වන අප්‍රාණික තත්වය සහ දැනීමේ මඳකම..දිනක්..දින කීපයක් ..සතියක් ..වගේ කාලයක් තුල ක්‍රම ක්‍රමයෙන් වැඩි වීගෙන යනවා...හුස්ම ගැනීමේ සහ ආහාර ගැනීමේ අපහසුතා ද මේ සමගම ඇති වෙන්න පුළුවන්...
එහෙම වුනොත් බටයක් දාලා ...හුස්ම ගැනීම පහසු කරනවා..
Tracheostomy කරනවා කියන්නේ එකටයි...


මේ රෝගය සමහර විට ජීවිත අවදානමක් සහිත වෙන්නත් පුළුවනි.

ඒත්..මුල් රෝග තත්වයන්ට නිවැරදි ව ප්‍රතිකාර කළහොත් ...මෙහි භයානක තත්වය මගහරවා ගත හැකියි...
ඉන් පසු කල යුතු වන්නේ ඉතුරු වන සංකුලතාවයනට ප්‍රතිකාර කිරීමයි..

මේ රෝගයට බෙහෙත් වලින් කල ප්‍රතිකාර වලට සමගාමීව ව්‍යායාම ප්‍රතිකාර ද අවශ්‍යයි..

භෞත චිකිත්සාව..
වෘත්තීය චිකිත්සාව
වගේම කථන චිකිත්සාව ද

 මේ රෝගීන්ට අවශ්‍ය වෙනවා..

මාංශ පේශි වල ඇති වන දුර්වලතා හේතුවෙන් ඇති වන ගැටළු සඳහා...මාංශ පේශි ශක්තිමත් කිරීමට ව්‍යායාම කල යුතුයි..



අත් වල ග්‍රහණය පවත් වා ගැනීමට වගේම..නිවැරදි ලෙස ඔවුන්ගේ එදිනෙදා කටයුතු කිරීමටද නැවත හැකියාව ලබාදිය යුතුයි...


මේ රෝගය සමග එන සංවේදන ගැටළු සඳහා..අදාළ සංවේදන ප්‍රතිකාරද කල යුතුයි..

ඒ වගේම..කතා කිරීමේ හෝ ආහාර ගිලීමේ ගැටළු උදෙසා කථන චිකිත්සක නිලධාරියකුගේ උපදෙස් ද වැදගත් වෙනවා...

ඇතැම් විට කෙනෙකු ඇවිදීමේ අපහසුතාවන් සහිත වෙන්නත් පුළුවන්..බොහෝ දෙනෙක් ඇවිද්දවන්නට හැකි වුවත් වයස සහ වෙනත් ගැටළු හේතුවෙන් රෝදපුටුවට සීමා වෙන්න සිදු වන අතලොස්සක් ඉන්නවා..ඔවුන් සඳහා...ඒ අදාළ පුහුණු කිරීමද කල යුතුයි..

මේ රෝගය ගැන ඔබට ඉතාම කෙටි හඳුන්වා දීමක් තමයි ..මේ සිදු කලේ..
ඉතින්....මොනවා හරි අහන්න තියේනම්...නොපැකිලව අහන්න...
දන්නා කරුණු කියාදෙන්නම්...


ස්තුතියි ඔබට 




Comments

  1. 1999 වසරේ උතුරු කොලඹ රෝහලේ අයි.සී යූ එකට Guillain Barre Landry Syndrome රෝගියෙකු ගෙනාවා. ඒ කාලයේ මම ඇනස්තීසියා ට්‍රේන් වෙනවා

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

06. නිවැරදි ඉරියව් වලින් මනා සුවයක්

09. මේ ගැනත් දැනගන්න ...ඇඳ තුවාල හෙවත් පීඩන තුවාල

15. පිළිස්සුම ගැන කරුණු ටිකක්