Posts

Showing posts from November, 2022

42.මිනිසුන් ජීවිතය ගැන සිහින දැකීම අතහරින්නේ ඇයි ?

Image
මිනිස්සු හුඟක් දෙනෙක් හීන දකිනවා. ජීවිතේ  බොහොමයක් දේ ගැන.. නමුත් ඉන් බොහොමයක් දෙනෙක් ඒ හීන මගදී අතහැරලා දමනවා.. ඇයි ඒ ? එහෙම වෙන්නේ ඇයි ? මොනවද එහෙම වෙන්න හේතු? එතකොට...?....... අපිට අපේ ජීවිත ගැන අලුතින් හීන දකින්න බැරිද?  සමහරක් වෙලාවට මේ සිහින අතහැර දැමීම කෙනෙක්ගේ ජිවිතයේ මුල්ම කාලයේදී , ඒ කියන්නේ හුඟක්ම පොඩි දරුවෙක් වෙලා ඉන්නකොට වෙන්න පුළුවන්. බොහොමයක් අම්මලා තාත්තාලා පොඩිම දරුවන්ට තමන්ට ලඟාවිය නොහැකි තරම් බරපතල අරමුණු බලෙන් ජිවිතයට පටවන්න යන වෙලාවල් අපිට මුණ ගැසෙනවා. ඒ වගේම තමයි ජිවිතේ මහලු වියට එළඹෙන කොට කෙනෙක් සිය කායික මානසික අපහසු කම් නිසා හුඟක් දේවල් අතහරින්න පටන් ගන්නවා. යාලුවෙක් එක්ක කතාබහ කරමින් පොඩි  walk එකක් දාන්න ...අන්න ඒ වගේ පොඩිම ඩ්‍රීම්  එකක් පවා අතහරින්නේ ඊට වඩා තමන්ගේ කායික මානසික අපහසුකම් ඉස්සරහට එන්න ගන්න නිසා .. It's sad when a dream dies. And more often than not, it dies far too soon. පොඩිම උදාහරණයක් දෙන්නද? ඔබ නිකමට ඔබ අසල සිටින්නෙක්ගෙන් අහන්න; අවසාන වතාවට ඔහු / ඇය නිර්මාණශීලි යමක් කළේ කවද්ද කියලා.. ඒ කල දේ මොකක්ද කියලා අහන්න  එතැනදී ඔහු දක්ෂ චිත්‍ර ශිල