Posts

Showing posts with the label ළමා වියෙහි ගැටළු

39. අවධාන ඌනතාවය සහිත අධික්‍රියාකාරීත්වය

Image
  අවධාන ඌනතාව සහිත අධි ක්‍රියාකාරී (ADHD) දරුවන් හඳුනාගනිමු උදෑසන නිවසේ වැඩකටයුතු අවසන් කල සුභානි අන්තර්ජාලයට පිවිසුණේ ඇයගේ මුහුණු පොත් පිටුව විවෘත කරගනිමිනි.දවසේ කුදුමහත් ක්‍රියාකාරකම් වලින් හෙම්බත් වන මොහොතක මුහුණු පොත් ඉසව්ව ඇයට ගෙන එන්නේ තරමක අස්වැසිල්ලක්. මුහුණු පොත් පිටුව උඩ පහල සැරිසරන මොහොතක සුභානි ගේ ඇස ගැටුණේ ඇය නිතර දෙවේලේ ලිපි කියවන එක්තරා කාන්තා සමූහයක්. කාන්තාවන්ගේ විවිධාකාර නිර්මාණශීලී අදහස් මෙන්ම ගැටළු සම්බන්ධයෙන් සමූහය තුළ බොහෝවිට කෙරෙන සාකච්ඡා සුභානිත් උනන්දුවෙන් කියෙව්වා . ඔබේ දරුවා අධික අධික්‍රියාකාරි ද යන මැයෙන් පළ වූ ලිපියක් එම සමූහයේ පළවී තිබී සුභානි  එය කියවූයේ මහත් අභිරුචියකින් . සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සම්බන්ධ සුදුසුකම් ලත් අයෙක් විසින් ලියැවුණු ඒ ලිපිය සුභානි කියවා අවසානයේ එහි වූ කමෙන්ට් තීරය ද දිගටම කියවාගෙන ගියා . 🔺අනේ මේකෙ තියන දේවල් අපේ බබාටත් තියෙනව 🔺මගෙ බබාත් ඔහොමමයි .එක තැනක ඉන්නෙම නැහැ  🔺අදත් මොන්ටිසෝරියේ දී ළමයෙක් එක්ක රණ්ඩු වෙලා... ටීචගෙත් හිත හොඳ නෑ වගෙයි  🔺පොතක් පතක් අතට ගන්න කැමතිම නැහැ කොයි වෙලෙත්  සෙල්ලමමයි....මේ ලිපියෙන් ...

38. විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ මූලික ආරම්භක අධ්‍යාපනය ලබා දෙන්නේ කෙසේද ?

Image
 විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ මූලික ආරම්භක අධ්‍යාපනය ලබා දෙන්නේ කෙසේද ?  විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ගත්කල ඔවුන්ගේ තවත් එක් මූලික අයිතිවාසිකමක් වන්නේ ගැළැපෙන අධ්‍යාපනයක් ලැබීමයි .සාමාන්‍ය දරුවකු හට ඇති අධ්‍යාපනය ලැබීමේ අයිතිය  මෙම කාණ්ඩයට අයත් දරුවෙකුට නොලැබීම අද සමාජයේ පැහැදිලිව දකින්නට ලැබෙන තත්ත්වයක් . සාමාන්‍ය වර්ධන රටාවක ට උරුමකම් කියන දරුවකු සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවකු අතර පැහැදිලි කායික මානසික චර්යාත්මක මෙන්ම අවබෝධාත්මක අංශවල වෙනස් කම් පවතින අතර අධ්‍යාපන ක්‍රමවේදයන් සැකසීමේදී මේ සියලුම අංශ ගැන ඉතාමත් අවධානයෙන් සලකා බැලිය යුතුයි . සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමවේදයට අන්තර් කරණය කළ හැකි විශේෂ අවශ්‍යතා සහිත දරුවන් යම් ප්‍රමාණයක්  සිටියද බහුල වශයෙන්ම අපට හමුවන්නේ ඉගෙනුම් අංශයේ විවිධාකාර ගැටලු පවතින දරුවන්ය .ඔවුන් සඳහා ම සැකසිය යුතු අධ්‍යාපන ක්‍රමවේදයක් සම්බන්ධව දෙමව්පියන්  ගුරුවරුන් මෙන්ම සෞඛ්‍ය කාර්ය මන්ඩලයේ ද අවධානය යොමු කිරීම ඉතා වැදගත් . විශේෂ අවශ්‍යතා සහිත දරුවෙක් තමන්ගේ මූලික අධ්‍යාපනය ආරම්භ කරන්නේ කරන්නෙත් නිවසින් .සාමාන්‍ය වර්ධන රටාවක් ඇති දරුවකුට වඩා වැඩි ...

35. ඔබේ දරුවාට සෙල්ලම් බඩු නිවැරදිව තෝරාගන්න...

Image
  ඔබේ දරුවාට සෙල්ලම් බඩු නිවැරදිව තෝරාගන්න...  දරුවෙක්ට සෙල්ලම් බඩු තෝරා ගන්නවා කියන්නෙත් ටිකක් සිතාමතා කළ යුතු දෙයක් . ඔබ ඔබේ දරුවාට සෙල්ලම් බඩුවක් තෝරාගැනීමේදී සිතන කරුණු මොනවාද ? හැඩය ,වර්ණය, අවශ්‍යතාවය ඉන් ලැබිය හැකි ප්‍රයෝජනය ,දරුවාගේ රුචිකත්වය, මිල ආදී බොහොම කරුණු කාරණා මත මෙම තෝරා ගැනීම සහ මිලදී ගැනීම රඳා පවතිනවා . ඒ වගේම දරුවෙක්ට සෙල්ලම් බඩුවක් රැගෙන දුන්නාට පසු ඔබ , ඔහු හෝ ඇය එයින් සෙල්ලම් කරන ආකාරය නිරීක්ෂණය කරනවා හෝ නො කරනවා වෙන්නත් පුළුවන් .සමහර දරුවන් ඉක්මනින් සෙල්ලම් බඩු කඩා බිඳ දමනවා. ඒ හා සම්බන්ධ චර්යාවනුත් ඔබ නිරීක්ෂණය කර ඇති. මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එන කරුණු, සාමාන්‍ය දරුවෙකුට සේම විශේෂ අවශ්‍යතා ඇති දරුවකුට ලබාදිය යුතු සෙල්ලම් බඩුවක් තීරණය කරන අන්දම, එය තෝරා ගන්නා ආකාරය සහ එය භාවිත කරන ආකාරය ගැන දැනුවත් වීමට හේතු වනු ඇති . දරුවෙක් සාමාන්‍යයෙන් ගමනක් බිමනක් යද්දි සෙල්ලම් බඩුවක් දුටු තැනදී ඉල්ලීම සාමාන්‍ය දෙයක් .සමහරක් විට එම සෙල්ලම් බඩුව මගින් දරුවාට එතරම් ප්‍රයෝජනයක් නොලැබෙන්නත් පුළුවන් .නමුත් මුදල ගැනත් සලකා බලා ඔබ එය රැගෙන දෙනවා වෙන්නට පුළුවන්. ඒ වගේම ඔබ දර...

34. වෙනස සහ වෙනස් අන්දමට බාරගන්න

Image
 වෙනස සහ වෙනස් අන්දමට බාරගන්න ඔබේ විශේෂ අවශ්‍යතා සහිත දරුවා සෑම විටම සුවිශේෂ දරුවෙක් කරගන්න. ඔහුගේ හෝ ඇයගේ හැකියාවන් මෙන්ම අවශ්‍යතා දෙසද නිර්මාණාත්මක මෙන්ම ධනාත්මක ඇසින් බලන්න .හැම විටම "අනේ මේ දරුවාට කිසිම දෙයක් බැහැනේ " යන අදහසේ එල්බගෙන නොසිටින්න. මන්ද ඔබ පසුගාමී වන හැම පියවරක්ම ඔබේ දරුවා ඉදිරියට ගෙන යන්නට ඇති ඉඩකඩ අහුරා දමයි. ඔබේ දරුවා දෙස සාමාන්‍ය දරුවකුගේ හැකියා දෙස බලන ඇසෙන් නොබලන්න. ඇතැම්විට ඔබගේ විශේෂ අවශ්‍යතා සහිත දරුවා ඇවිදීමේ ගැටලුවකින් පෙනෙන්නට හැකියි. එම ඇවිදීම යන අවශ්‍යතාවය සමහර විට ආබාධය නිසා ඔහු හෝ ඇයට කිසිදා හැකියාවක් නොලැබෙන දෙයක් වන්නටත් පුළුවන්. නමුත් ඔබේ දරුවාට ඒ වෙනුවෙන් විකල්ප රාශියක් ඇති බව මතක තබා ගන්න . විශේෂ අවශ්‍යතා සහිත දරුවෙක් යනු ජීවිතයේ කිසිවක් ම බැරි දරුවෙක් ලෙස නොසිතන්න .එම දරුවන් නිසි මඟ පෙන්වීමක් සහ අදාල ගැලපෙන උපාංග සහිත ව බොහෝ දුරක් ඉදිරියට ගෙනයා හැකියි . ඔබේ දරුවා වර්ධනය පියවර වලට නිසි වයසේදී ළඟා නො වේ නම් ඒ පියවර වලට දරුවා ලං කරවීමට ඔබ උත්සාහ ගත යුතු වෙනවා. ඒ සඳහා ඇති උපාංග සම්බන්ධව ඔබගේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙන් දැනුවත් විය යුතුය. දරුවාගේ...

33. සමිත ශිෂ්‍යත්වෙ පාස්

Image
 සමිත ශිෂ්‍යත්වෙ පාස් සමිත වයස අවුරුදු දහයක පමණ කුඩා දරුවෙක් .පාසලේ පහ වසර පන්තියේ ඉගෙනුම ලබන සමිත ගේ සහ ඔවුන්ගේ දෙමව්පියන් ගේ එකම අභිප්‍රාය ශිෂ්‍යත්ව විභාගය සමත් වී නගරයේ ජනප්‍රිය හා උසස් පාසලකට ඇතුළු වීමේ වරප්‍රසාදය ලබා ගැනීමයි. මේ සඳහා සමිත සූදානම් වූයේ තුන්වන ශ්‍රේණියේ සිටයි. වර්තමානයෙහි පවතින අධ්‍යාපනයේ තරඟ රැල්ලට හසු වූ බොහෝ දරුවන්ට මෙන්ම සමිතට ද නිරායාසයෙන් ම මේ පහේ ශිෂ්‍යත්ව රැල්ලට හසුවී ගසාගෙන යන්නට සිදු වුණා. නගරයෙන් ඔබ්බට වන්නට පිහිටි ග්‍රාමිය පරිසරයක වූ සමිතගේ මුල් පාසලෙහි ද්විතීක ශ්‍රේණි අධ්‍යාපනයක් නොවුන නිසා ඔවුන් අනිවාර්යෙන්ම ශිෂ්‍යත්වය මත මහත් බලාපොරොත්තු තබා ගෙන උන්නා. පාසල් වෙලාවට අමතරව සමිත පාසලේ සවස්වරුවේ සතියට දින තුනක් පවත්වන අමතර පන්තියකටද ඉතිරි දිනවල පෞද්ගලික පන්ති දෙකකට ද සහභාගි වුණා . මීට අමතරව පාසලේ පවරන විවිධාකාර අභ්‍යාසයන් ද නිවසට ආපසු වෙහෙස නොබලා සම්පූර්ණ කරන්නට සමිතට සිදු වුණත්..." අනේ පුතේ තව මාස කීයද මේ ටික කොහොමහරි කරගනිමු කෝ " ලෙසින් අම්මගෙන් එන ඇවිටිලි බස්ද වෙහෙස දරා ගන්නට ඔහුට අපහසුවෙන් වුවත් සිදුවුණා.ඉරිදා දිනවල දහම් පාසලටත් නොයා සිටීමට ...

32. වෙනස් ආකාරයට ලෝකය දකින දරුවන්

Image
 වෙනස් ආකාරයට ලෝකය දකින දරුවන් ළමාවිය හා සම්බන්ධ ගැටලු සහගත තත්ත්වයන් නිසා පීඩාවට පත්ව සිටින දරුවන් පිළිබඳව අප කොතෙකුත් අසා තිබෙනවා. ඇතැම් විට මේ ලිපිය කියවන ඔබ එවැනි දරුවකු සහිත මවක හෝ පියකු එසේත් නැත්නම් හිතවතෙකු විය හැකියි. පහත සඳහන් වන තොරතුරු මා විසින් ප්‍රතිකාර දෙනු ලැබූ විශේෂ වූ දරුවන් කිහිප දෙනෙක් ගැන. සුමුදු - අවුරුදු තුනක් වයසැති දීප්තිමත් පෙනුමැති සුන්දර දැරියක්. පෙර පාසල් වියෙහි දොර කඩ සිටින ඇය කතාබහ කිරීමේදී දෙමව්පියන් දුටු යම් යම් ගැටලු නිසා ප්‍රතිකාර වෙත ගෙන එනු ලැබුවා. එකම රිද්මයකට කතා කිරීමත් අනෙකෙකු කියනා වචන අනුකරණයක් සුමුදුගේ කතාබහේ ඇති ප්‍රධානම ගැටලුව වූවා. නිසල් - වයස අවුරුදු පහක පාසලට අළුතින් ඇතුලත් වූ හොඳින් වැඩුණු දරුවෙක් . නිසල්ගේ මවගේ අදහස් වලින් පිළිබිඹු වූයේ ඔහු කිසිදු හැඟීමකට ඊට ගැළපෙන ප්‍රතිචාර නොදක්වන බවයි. ආදරය , සතුට මෙන්ම බිය වැනි කිසිදු හැඟීමක් මුහුණෙන් හා ක්‍රියාකාරීත්වය ප්‍රකාශ වීමත් තිබුණේ නැහැ.  රංග - ඉතා කලහාකාරී ක්‍රියා පැවැත්ම කින් යුත් අවුරුදු 7ක පමණ වයසැති දරුවෙක්. චර්යා රටාවේ ප්‍රබල නොගැලපීම් සේම සමාජගත වීමේ ගැටලු බොහොමයක් සමග ප්‍ර...

28. Dyspraxia (DCD- Developmental Coordination Disorder ) - චාලක ඉගැනුම් අසීරුතාවය

Image
 Dyspraxia (DCD- Developmental Coordination Disorder ) - චාලක ඉගැනුම් අසීරුතාවය  Dyspraxia යනු දරුවකුගේ චලන සහ සමායෝජනය ආශ්‍රිතව ඇතිවන ගැටළු විස්තර කිරීමට යොදා ගන්නා වචනයකි. සාමාන්‍යයෙන් දරුවෙකුගේ චලන හා සමායෝජන ක්‍රියාදාමයේ ඇතිවන විවිධ ගැටලු සම්බන්ධව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් විසින් මෙම රෝග නිර්ණය ලබාදුන්නද එය මේ සඳහාම වූ විශේෂිත ඇගයීම් මාලාවක් (assessments) තහවුරු කරගත යුතු වේ . මෙම ගැටළුව සම්බන්ධ රෝග නිර්ණය බොහෝ විට දරුවාගේ චාලක සහ ක්‍රියාකාරකම් කුසලතා අනුව මත රඳා පවතී . දරුවාගේ චාලක ක්‍රියාකාරිත්වයට, ක්‍රීඩාවන් වල යෙදීමට සහ ඇඳුම් ඇඳ ගැනීම ආදී ක්‍රියාවලීන්ට මෙම dyspraxia තත්ත්වය තදින්ම බලපාන අතර මනාව පාලනය වන සහ සමායෝජනයක් සහිත ක්‍රියාවන් කිරීමේ ගැටළුව දරුවාගෙන් දිස්වේ.  සාමාන්‍යයෙන් යම් කිසි ක්‍රියාවක් අප විසින් සිදු කිරීමේදී අපගේ මොළය විසින් අදාළ සංවේදන ලබා ගැනීම සහ එම සංවේදන වටහාගෙන එයට අදාළ ක්‍රියාව කිරීම සිදුවේ. නමුත් dyspraxia තත්ත්වයේදී මෙම දරුවන්ගේ මොළය සිය පණිවුඩ හුවමාරුව නිසි ලෙස සිදු නොකරයි. Dyspraxia සහිත දරුවා හට එම නිසා ක්‍රියාවක් කරන්නට යාමේදී කරන්නේ කු...

26. විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ මුලික අධ්‍යාපන ක්‍රමය අරඹන්නේ කෙසේද.?

Image
විශේෂ අවශ්‍යතා  සහිත දරුවන්ගේ  මුලික  අධ්‍යාපන   ක්‍රමය  අරඹන්නේ කෙසේද.? විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ගත්කල ඔවුන්ගේ තවත් එක් මූලික අයිතිවාසිකමක් වන්නේ ගැලපෙන අධ්‍යාපන යක් ලැබීමයි.  සාමාන්‍ය  දරුවෙකු හට ඇති  අධ්‍යාපන ය  ලැබීමේ අයිතිය මෙම කාණ්ඩයට අයත් දරුවෙකුට නොලැබීම අද සමාජයේ පැහැදිලිව දකින්නට ලැබෙන තත්වයක්. සාමාන්‍ය වර්ධන රටාවකට උරුමකම් කියන දරුවකු සහ විශේෂ අවශ්යතා සහිත දරුවකු අතර පැහැදිලි කායික, මානසික, චර්යාත්මක සහ අවබෝධාත්මක අංශ වල වෙනස්කම් පවතින අතර  අධ්‍යාපන   ක්‍රම වේදයක් සැකසීමේදී මේ සියලුම අංශ ගැන ඉතාම අවධානයෙන් සලකා බැලිය යුතුය. සාමාන්‍ය  අධ්‍යාපන  ක්‍රමවේදයට  අන්තර්කරණය කළ හැකි විශේෂ  අවශ්‍යතා  සහිත දරුවන් යම් ප්‍රමාණයක්  සිටියද බහුල වශයෙන්ම අපට හමුවන්නේ ඉගැනුම් අංශයේ විවිධාකාර ගැටලු පවතින දරුවන්. ඔවුන් සඳහාම සැකසිය යුතු  අධ්‍යාපන   ක්‍රමවේද යක් සම්බන්ධව දෙමවුපියන් , ගුරුවරුන් මෙන්ම  සෞඛ්‍ය  කාර්ය මණ්ඩලය ද අවධානය යොමු කිරීම වැදගත්. විශේෂ...

20. සෙල්ලම් කරන්නට උපදෙස්

Image
දරුවෙක්ට සෙල්ලම් බඩු තෝරාගන්නවා කියන්නේ ත් ටිකක් සිතාමතා කල යුතු දෙයක්. ඔබ ඔබේ දරුවාට සෙල්ලම් බඩුවක් තෝරාගැනීමේදී සිතන කරුණු මොනවාද? හැඩය, වර්ණය,අවශ්‍යතාව,ඉන් ලැබිය හැකි ප්‍රයෝජනය, දරුවාගේ රුචිකත්වය,මිළ ආදී බොහොම කරුණු කාරණා මත මෙම තෝරාගැනීම සහ මිලදී ගැනීම රඳා පවතිනවා. ඒ වගේම දරුවෙක්ට සෙල්ලම් බඩුවක් රැගෙන දුන්නාට පසු ඔබ ඔහු/ ඇය එයින් සෙල්ලම් කරන ආකාරය නිරීක්ෂණය කරනවා හෝ නොකරනවා වෙන්නත් පුළුවන්.සමහර දරුවන් ඉක්මනින් සෙල්ලම් බඩු කඩාබිඳ දමනවා.ඒ හා සම්බන්ධ චර්යාවනුත් ඔබ නිරීක්ෂණය කර ඇති. අපගේ මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන කරුණු සාමාන්‍ය දරුවෙක්ට සේම විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක්ට ලබා දියයුතු සෙල්ලම් බඩුවක් තීරණය කරන අන්දම ,එය තෝරාගන්නා ආකාරය සහ එය භාවිත කරන ආකාරය ගැන දැනුවත් වීමට හේතු වනු ඇති. දරුවෙක් සාමාන්‍යයෙන් ගමනක් බිමනක් යද්දී සෙල්ලම් බඩුවක් දුටු තැනදී ඉල්ලීම සාමාන්‍ය දෙයක්.සමහරක් විට එම සෙල්ලම් බඩුව මගින් දරුවාට එතරම් ප්‍රයෝජනයක් නොලැබෙන්නත් පුළුවන්. නමුත් මුදල ගැනත් සලකා බලල ඔබ එය රැගෙන දෙනවා වෙන්නට පුළුවන්.ඒ වගේම ඔබ දරුවෙක් බලන්න යනවිට ,ඒ වගේම තෑග්ගක් ලෙස හෝ දරුවාගේ යම් යම් අවශ්...

18. ඔබේ දරුවා වෙනස් ද....?

Image
දරුවෙක් ගේ සුන්දර ප්‍රියමනාප පෙනුම වගේම ඒ දරුවා හැසිරෙන ආකාරය ගැන දෙමවුපියන් වන ඔබ කෙතරම් දුරට සැලකිලිමත් ද ?මොන තරම් පෙනුමෙන් සුන්දර දරුවකු වුවත් නිවැරදිව හැසිරෙන්න දන්නේ නැත්නම් එහිදී එයට ප්‍රධාන වගකිව යුත්තා ලෙස ලෝකය ඇඟිල්ල දිගු කරන්නේ අම්මේ තාත්තේ ඔබටයි. සමහරක් විට ලෝකය හැල්මේ දුවයන විට ඔබෙන් වන අතපසු වීම් ඉතා සුළු කොට සලකන්න ඔබ පෙළඹෙන්න පුළුවන්.නමුත් කාලය සමග ඒ සුළු තත්ත්ව මහා තත්ත්ව බවට පත්වී ගැටළුවක් වන්නට පටන් ගත විට අපි විසඳුම් සොයායන්න පටන් ගන්නේ හිස ගිනි ගත් අන්දමට. මේ එවන් සිදුවීමක්... මලිති කොළඹ ප්‍රධාන පාසලක තුන් වන ශ්‍රේණියේ ඉගනුම ලබන හරි අපූරු දැරියක්. ඇය පෙනුමෙන් අවුරුදු අටකට වඩා වැඩි පෙනුමක් ගත්තත් ඉතාම සිත් ඇදගන්නා සුළු සුරතල් බවක් නිතරම ඇය වෙතින් දිස් වූවා. මලිති මා වෙත යොමු වුණේ අහම්බෙන්. මලිතිගේ නෑ සොහොයුරියක් වරක් මා වෙතින් ප්‍රතිකාර ලබාගන්නා ලදුව බොහෝ ගැටලුකාරී තත්ත්ව වලින් මිදී තිබුන නිසා මලිතිවත් මා වෙත යොමු කරන්නට මුලික උපදෙස් දී තිබුනේ ඔවුන්.මලිති ට තිබු ගැටළු තරමක් වෙනස් ඒවා බැවින් මලිතිගේ මව ඇය මා වෙත රැගෙන ඒමට පෙර දුරකතනයෙන් මලිතිගේ ගැටළ...

05. අලුත උපන් දරුවෙක් ගැන ඔබේ අවධානය

Image
හැම දෙමවුපියෙක්ගේම සුන්දර ම බලාපොරොත්තුව නිරෝගී දරුවෙක්. දරුවෙක් කළලයක් සේ මව් කුසට පැමිණි දා පටන් මවත්, පියාත්, ඔවුන් සමග සිටින සියලුම දෙනාත්  විමසිලිමත් වන්නේ දරුවාගේ උපත ගැනයි.නිවැරදි වෛද්‍ය උපදෙස් මත , පෝෂණීය ආහාර ,විවේකය සහ ගැලපෙන සරල ව්‍යායාම් රටාවල නියැලෙන මවකට දරු උපත ගැන කිසිදු අනවරත බියක් ඇතිකර ගත යුතු නොවේ. මාස 10කට ආසන්න කාලයක් ගත කල පුර්ණ සංවෘත ආරක්ෂාකාරී ලෝකයට සමු දෙමින් දරුවෙක් උපත ලබයි.ඉන් පසුව පවතින්නේ අභියෝග, දුෂ්කරතා සහ ගැහැට බහුල වන විවෘත ලෝකයකි. .ඉතාම සුළු අතපසු වීමකින් වුවද විශාල හානිදායක ප්‍රතිපලයක් ඇතිවෙන්නට පුළුවන්. අවාසනාවන්ත අන්දමින් යම්කිසි හෝ ගැටලුවකට මුහුණ පාන බිළිඳා ආබාධ සහිත තත්වයට පත්වීම වලක්වා ගැනීමට නම් ,හැකිතාක් දුරට මනා සෞඛ්‍ය පුරුදු හා යහපත් ආරක්ෂාකාරී දිවි පෙවෙතක් ඔබ ගත කල යුතු වෙනවා.අනර්ථකාරී ජිවන රටා (දුම්පානය, මත්ද්‍රව්‍ය සහ මත්පැන් පානය ,නුසුදුසු ආහාර ) වලින් මිදීම මේ සඳහා පෙර සුදානමකි.නමුත් අනපේක්ෂිත තත්ත්ව සහ නොවැලක්විය හැකි හේතුන් මත දරුවා විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක් බවට පත්විම සිදුවිය හැක. මුලිකවම දරුවකු නිරීක්ෂණය කල යුත්ත...

04. අකුරු ලියමු සතුටින්

Image
මිට කලින් ලිපියෙන් මම  කතා කලේ පොඩ්ඩන් අකුරු ලියන්න හොර වෙන්නේ ඇයි කියන දේ ගැන... මෙයට හේතු වන කරුණු කාරණා බොහොමයක් ගැන මම ඒ ලිපියෙන් ලියා ඇති.ඒ ලිපිය කියවන්නට නම් මෙතනින් යන්න  . ඊට  අමතරවත් බොහෝ කාරනා මෙයට බලපානවා. කෙසේ වුවත් මේ කාරනා සලකා බලා දරුවන්හට ඒ ගැටළු වලට අදාල විසඳුම් ලබාදීමත් කලයුතු වෙනවා. දරුවාගෙන් දරුවාට මෙම ගැටළු වෙනස් ..එම නිසා දරුවෙක් ලිවිම සම්බන්ධව ගැටළු සහිත වේ නම් මුලින්ම කල යුතු වන්නේ ඒ අදාල ගැටළු මොනවාද යන්න සොයා බැලීමයි . මේ සඳහා පලපුරුදු වෘත්තීය චිකිත්සක වරයෙකුගෙන් සහය ලබාගන්න . **************************************************** සමහරක් දරුවන්ගේ මුලිකම ගැටලුව වන්නේ ඉරියව් සම්බන්ධ ගැටළු.මෙහිදී සම්පුර්ණ ශරීරය නියමාකාරයෙන් හසුරවා නොගැනීම මෙන්ම ලිවීමට අදාල ශරීර අවයව නිසි ලෙස භාවිත නොකිරීමත් ගැටලුවලට හේතු වෙනවා. මෙහිදී ඔබ වඩාත් සැලකිල්ලෙන් නිරීක්ෂණය කල යුතු වන්නේ දරුවා නිවැරදි ලෙස අසුන් ගෙන සිටීද යන්නයි. එලෙස අසුන් ගෙන නොමැති නම් දරුවාගේ ලිවීමේ කටයුතු වලට මුලිකවම බාධා පැමිණෙනවා. ************************************************* ...

03. පොඩ්ඩන් අකුරු ලියන්න හොර ඇයි..?

Image
දරුවන්ට අකුරු ලියන්න ගියාම ඇතිවන සුලු ප්‍රශ්න අම්මලා තාත්තලාගෙත් මහා ප්‍රශ්න වෙන එක දැන් සුලබ කරුණක් වෙලා. අපේ වර්තමාන ප්‍රාථමික අධ්‍යාපනය කියන්නෙත් ක්‍රියාකාරකම් වලට වඩා අකුරු ලිවීම මත පදනම් වන ක්‍රියාදාමයක් නිසා මේ ගැටලුව විවිධ ආකාරයෙන් මතුවී පෙනෙනවා. ප්‍රාථමික ශ්‍රේණිවල ඉගනුම ලබන දරුවන්ගේ ලිවීම් හැකියාවන් ඇගයීමට ලක් කල විට ඔවුන්ගේ ගැටළු ප්‍රධාන අංශ හතරක් යටතේ වර්ග කල හැකියි . 1. අකුරු සහ වචන ලිවීමේදී අතර මැද ඉඩ තැබීම ආදියෙහි ගැටළු  (spacing  ) 2. ලිවීමේදී ශරීරය නිවැරදිව තබා නොගැනීම සහ පෑන / පැන්සල නිවැරදිව අල්ලා නොගැනීම ( posture) 3. ලිවීමේ වේගයෙහි ඇතිවන ගැටළු  4. අකුරු නිවැරදිව ලිවීමේ නොහැකියාව  ඉහත සඳහන් කල ගැටළු සම්බන්ධ ව සලකා බැලුවිට එම ගැටළු හා සම්බන්ධ අනු ගැටළු රාශියක් අපට දැකගත හැකියි . ඉන් සමහරක් නම් ... 1. අකුරු සහ වචන අතර ඉඩ සම්බන්ධ ගැටළු   * අකුරු අතර , වචන අතර ප්‍රමාණවත් ඉඩ තබමින් ලිවීමේ ඇති අපහසුතාව  * පොතක රූල් අතර ලිවීමේ නොහැකියාව  * අකුරු එකිනෙක අතර නිවැරදි ස්ථාන සම්බන්ධතා නැති වීම  - එක අකුරක් ර...