03. පොඩ්ඩන් අකුරු ලියන්න හොර ඇයි..?





දරුවන්ට අකුරු ලියන්න ගියාම ඇතිවන සුලු ප්‍රශ්න අම්මලා තාත්තලාගෙත් මහා ප්‍රශ්න වෙන එක දැන් සුලබ කරුණක් වෙලා.
අපේ වර්තමාන ප්‍රාථමික අධ්‍යාපනය කියන්නෙත් ක්‍රියාකාරකම් වලට වඩා අකුරු ලිවීම මත පදනම් වන ක්‍රියාදාමයක් නිසා මේ ගැටලුව විවිධ ආකාරයෙන් මතුවී පෙනෙනවා.

ප්‍රාථමික ශ්‍රේණිවල ඉගනුම ලබන දරුවන්ගේ ලිවීම් හැකියාවන් ඇගයීමට ලක් කල විට ඔවුන්ගේ ගැටළු ප්‍රධාන අංශ හතරක් යටතේ වර්ග කල හැකියි .


1. අකුරු සහ වචන ලිවීමේදී අතර මැද ඉඩ තැබීම ආදියෙහි ගැටළු  (spacing  )

2. ලිවීමේදී ශරීරය නිවැරදිව තබා නොගැනීම සහ පෑන / පැන්සල නිවැරදිව අල්ලා නොගැනීම ( posture)

3. ලිවීමේ වේගයෙහි ඇතිවන ගැටළු 

4. අකුරු නිවැරදිව ලිවීමේ නොහැකියාව 

ඉහත සඳහන් කල ගැටළු සම්බන්ධ ව සලකා බැලුවිට එම ගැටළු හා සම්බන්ධ අනු ගැටළු රාශියක් අපට දැකගත හැකියි .
ඉන් සමහරක් නම් ...

1. අකුරු සහ වචන අතර ඉඩ සම්බන්ධ ගැටළු 

* අකුරු අතර , වචන අතර ප්‍රමාණවත් ඉඩ තබමින් ලිවීමේ ඇති අපහසුතාව 
* පොතක රූල් අතර ලිවීමේ නොහැකියාව 
* අකුරු එකිනෙක අතර නිවැරදි ස්ථාන සම්බන්ධතා නැති වීම  - එක අකුරක් රූලේ ඉහලින්ද අනෙක පහළින්ද ලිවිම 
*  කොලයේ සීමාවන් ( margins) ගැන අවබෝධයක් නැති වීම 




2. වැරදි ශරීර ඉරියව් සහ පෑන /පැන්සල අල්ලා ගැනීමේ දුබලතා 

* නිවැරදිව අසුන් නොගැනීම
*පුටුව, මේසය,ලියන මතුපිට සහ දරුවාගේ ශරීරය අතර නිවැරදිව ස්ථාන ගත නොවීම 
*පෑන / පැන්සල වැරදි ආකාරයන්ට ,අස්ථාවර ලෙස, බුරුල්ව අල්ලා ගැනීම 


3. ලිවීමේ මැලි බව හෝ ලිවීමේ වේගයෙහි ඇති වන ගැටළු 

* ලිවිම සහ ඇඳීමට මැලිවීම /ප්‍රතික්ෂේප කිරීම සහ වැලකීම 
*පෑන / පැන්සල ,ලියනා කොලය මත ඉතා තදින් තද කිරීම
*ඇතැම් විට ප්‍රමාණවත් තරම් තදින් අල්ලාගෙන නොසිටීම 
*ලිවිම සහ ඇඳීම ආදියේදී අත වෙහෙසට පත්වන බවක් දක්නට ලැබීම 
*ලිවීමේ වේගය ඉතා අඩුවීම 
*වේගයෙන් ලියන විට අකුරු වල නිවැරදි බව,පැහැදිලි හැඩය නැතිවීම 

4. අකුරු නිවැරදිව ලිවීමට නොහැකි වීම 

* අකුරු හඳුනා නොගැනීම 
*එකම අකුර නැවත නැවත ලිවිම 
* ලොකු අකුරු (capital  ) වෙනුවට කුඩා අකුරු (  simple) ලොකුවට ලිවිම 
* සියලුම අකුරු එකම ප්‍රමාණයෙන් යුතු නොවීම 


****************************************************

මීට අමතරව දරුවකුගේ අකුරු ලිවීම සහ සම්බන්ධ වන ගැටළු රාශියක් පවතී 

# අවකාශය පිලිබඳ අවබෝධය මඳ වීම ( spatial awareness)

අකුරු ලිවීමේදී සමහර අකුරු සඳහා අත ඉදිරියට තල්ලු විය යුතු අතර ඇතැම් අකුරු වලට අත ආපස්සට ඇදිය යුතු වේ. දරුවෙකුහට එම අවකාශය පිලිබඳ නිවැරදි අවබෝධයක් නැති නම් අකුරක් නිවැරදිව ලියන ආකාරය හා අකුර නිවැරදිව ස්ථාන ගත කිරීම සම්බන්ධව ගැටළු ඇති වේ .
දරුවකුගේ දල චාලක ක්‍රියා සහ සියුම් චාලක ක්‍රියා පමණක් අකුරු ලිවීමට බලපානු ඇතැයි කියා නොසිතිය යුතු වේ.


# ඇස් පෙනීම සමබන්ධ ගැටළු 

අකුරු ලිවීමේදී අකුරු හා සමගාමිව ඇසේ චලනය දිගට ඇදී නොයයි නම් එයද අකුරු ලිවීමේදී ගැටළු ඇති කරයි.අකුරේ හැඩය සහ ස්ථානගත වීමේදී ප්‍රධාන ලෙසම ගැටළු ඇතිවේ.
බොහෝ විට වචනවල අකුරු අඩුවීම, සහ ලියු වචනයේ තේරුමක් නොමැති වීම සිදුවන්නේ මේ හේතුවෙන්.

# දෘශ්‍ය මතකය  ( visual memory )

දරුවාට පෙර අවස්ථාවලදී ඉගන ගත් අකුරු ආදිය ගැන යළි මතකය අවදි කර ගැනීමේ හැකියාව අකුරු ලිවීමේදී අත්‍යවශ්‍ය වේ .එම මතකය නොමැති වීම නවතා එකම අකුර හා වචන ලිවීමේදී ගැටළු ඇතිවන්නට හේතුවක් වේ.අක්ෂර වින්‍යාසය සම්බන්ධ ගැටළු ඇතිවීමටද මෙය බලපායි .
දරුවාගේ චාලක මතක හැකියාව සමග මෙම දෘශ්‍ය මතක හැකියාවද එක්ව දියුණු කල යුතු වේ.

# චාලක මතක හැකියාව ( motor memory )

දරුවාට අකුරක් ලිවීමට අත හැසිරවිය යුතු චලන රටා ගැන මතකයක් නොවීමේ මෙහිදී සිදු වේ.දරුවාට මේ නිසා අකුරු ලිවිම හා හැඩය සම්බන්ධ බොහෝ ගැටළු ඇතිවේ.

මී ළඟ සටහනෙන් දරුවාගේ අකුරු ලිවීමේ ගැටළු වලට  වෘත්තීය චිකිත්සාවෙන් සහය දිය හැකි අන්දම ලිවීමට අපේක්ෂා කරමි . 

 

Comments

  1. වැදගත් කරුණු රැසක් පිරුණු ලිපියක්..

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

06. නිවැරදි ඉරියව් වලින් මනා සුවයක්

15. පිළිස්සුම ගැන කරුණු ටිකක්

09. මේ ගැනත් දැනගන්න ...ඇඳ තුවාල හෙවත් පීඩන තුවාල