Posts

Showing posts from October, 2022

41. යහපත් මානසික පසුබිමක් සඳහා ක්‍රීඩා සහ විනෝදාස්වාදී කටයුතු වලින් ඇති ප්‍රයෝජන

Image
යහපත් මානසික පසුබිමක් සඳහා ක්‍රීඩා සහ විනෝදාස්වාදී කටයුතු වලින් ඇති ප්‍රයෝජන ක්‍රීඩා සහ විනෝදාස්වාදී කටයුතු වල නියැලීම පුද්ගලයෙකුගේ ජීවිතයට ඉතා අගනා ප්‍රතිඵල ගෙන එයි.යමෙක් රෝගී වුවද නීරෝගී වුවද මෙම ක්‍රියාකාරකම් මගින් ලැබෙන ප්‍රතිඵල එක සේ සමාන වෙයි. සමස්තයක් ලෙස ගත්කල මාංශ පේශි ශක්තිමත් වීම,සමායෝජනය සහ දරාසිටීම ආදී කායික වශයෙන් ඇති ප්‍රයෝජන ගැන බොහෝ දෙනෙක් දැනුවත් වී සිටියද මෙමගින් ලැබෙන මානසිකමය ප්‍රයෝජන ගැන එතරම්ම වටහා ගැනීමක් නොමැති බව පෙනීයයි.  යහපත් මානසික පසුබිමක් සඳහා ක්‍රීඩා සහ විනෝදාස්වාද කටයුතු වලින් ඇති ප්‍රයෝජන සමහරක් පහත දැක්වේ. 1. විශාදය සහ කාංසාව වැනි තත්වයන් අවම කල හැකි අන්දමට මනෝ භාවයන් උද්දීපනය කිරීම 2. ආතතිය අවම කරවීම 3. සුවදායී නින්දකට මග සැලසීම 4. තීරණ ගැනීම සහ ගැටලු විසඳීමේ හැකියාවන් වැඩි දියුණු කිරීමට අවැසි අන්දමට මොලයේ ක්‍රියාකාරිත්වය උද්දීපනය කිරීම 5. ආත්ම විශ්වාසය සහ ආත්මාභිමානය වැඩිකිරීමකිරීම 6. වේදනාවන් සහ කැක්කුම් සමනය කරදෙන හෙයින් පුද්ගලයා සැහැල්ලු වීම ක්‍රීඩාවක හෝ විනෝදාස්වාද කටයුත්තක යෙදෙන පුද්ගලයා සැහැල්ලු මනසකින් යුතුව ජීවන අභියෝග වලට මුහුණ දෙයි.ඔහු/ ඇ

40. දරුවන්ට කියවීම හුරකරවන්නේ කෙසේද..?

Image
 දරුවන්ට කියවීම හුරකරවන්නේ කෙසේද..? දශක ගණනකට පෙර කුඩා දරුවෙක්ව උන් මගේ ළමා කාළය මෙම සටහන ලිවීමේදී මට සිහියට නැගෙයි... ඉලෙක්ට්‍රොනික හා තාක්ෂණික මෙවලම් වලින් තොර වූ ඒ කාලයේ, දැනුම සහ තොරතුරු සොයාගන්නට තිබුණ එකම මග කියවීමයි.අද තරම් වෛවාරණ රුවෙන් පැහැයෙන් අනූන වූ පොත් පත් රාශියක් ඒ කාලයේ නොතිබුණද, කියවීම ළමා ජීවිතය පුරා මුල් බැස තිබිණ... පාසල නිමාවී නිවෙසට ආ සැණින්, බත් පත එක අතකටත් පත්තර කොළයක් අනෙක් අතටත් නොගෙන කෑම කෑ දිනයක් මගේ ළමා වියෙහි නොතිබුණි.එදවසට පොත් කාවා, පත්තර පිස්සි, පොත්ගුල්ලි වැනි නම් රාශියක් පටබැඳුණේද ඒ නිසාවෙන් බව මට සිහිවෙයි. අද අපේ ළමා පරපුර යන්නේ අති සීඝ්‍ර ගමනකි.ඒ ගමන් මග පුරාම ඇත්තේ නවීන තාක්ෂණයයි.ඇඟිලි තුඩග ලෝකයේ සියලු තොරතුරු තිබේ.පොත් පත් පෙරළමින් කාලය ගත කළ යුතු නොවේ.නමුත් කියවීම අතින් ඉතාම පසුගාමී ළමා සහ යොවුන් පරපුරක් අප සතු බව නොරහසකි. මේ පූර්ව සටහන ලිවීමේ මූලිකම අභිප්‍රාය වන්නේ ...දෙමවුපියන් වන ඔබ ඔබේ දරුවාට කියවීම හුරු කරවන්නේ කෙසේද යන්න ට පිවිසීමක් ලෙසය. කියවීමේ ආශාව සේම ගුණාත්මක කියවීමක් ඇති කිරීමද ඉතාම වටිනා දෙයකි. අද කාලයේ ළමා පොත් වල ප්‍රමිතිය සහ එහි

39. අවධාන ඌනතාවය සහිත අධික්‍රියාකාරීත්වය

Image
  අවධාන ඌනතාව සහිත අධි ක්‍රියාකාරී (ADHD) දරුවන් හඳුනාගනිමු උදෑසන නිවසේ වැඩකටයුතු අවසන් කල සුභානි අන්තර්ජාලයට පිවිසුණේ ඇයගේ මුහුණු පොත් පිටුව විවෘත කරගනිමිනි.දවසේ කුදුමහත් ක්‍රියාකාරකම් වලින් හෙම්බත් වන මොහොතක මුහුණු පොත් ඉසව්ව ඇයට ගෙන එන්නේ තරමක අස්වැසිල්ලක්. මුහුණු පොත් පිටුව උඩ පහල සැරිසරන මොහොතක සුභානි ගේ ඇස ගැටුණේ ඇය නිතර දෙවේලේ ලිපි කියවන එක්තරා කාන්තා සමූහයක්. කාන්තාවන්ගේ විවිධාකාර නිර්මාණශීලී අදහස් මෙන්ම ගැටළු සම්බන්ධයෙන් සමූහය තුළ බොහෝවිට කෙරෙන සාකච්ඡා සුභානිත් උනන්දුවෙන් කියෙව්වා . ඔබේ දරුවා අධික අධික්‍රියාකාරි ද යන මැයෙන් පළ වූ ලිපියක් එම සමූහයේ පළවී තිබී සුභානි  එය කියවූයේ මහත් අභිරුචියකින් . සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සම්බන්ධ සුදුසුකම් ලත් අයෙක් විසින් ලියැවුණු ඒ ලිපිය සුභානි කියවා අවසානයේ එහි වූ කමෙන්ට් තීරය ද දිගටම කියවාගෙන ගියා . 🔺අනේ මේකෙ තියන දේවල් අපේ බබාටත් තියෙනව 🔺මගෙ බබාත් ඔහොමමයි .එක තැනක ඉන්නෙම නැහැ  🔺අදත් මොන්ටිසෝරියේ දී ළමයෙක් එක්ක රණ්ඩු වෙලා... ටීචගෙත් හිත හොඳ නෑ වගෙයි  🔺පොතක් පතක් අතට ගන්න කැමතිම නැහැ කොයි වෙලෙත්  සෙල්ලමමයි....මේ ලිපියෙන් කියවෙන කාරණා  මයි අපේ බබ

38. විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ මූලික ආරම්භක අධ්‍යාපනය ලබා දෙන්නේ කෙසේද ?

Image
 විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ මූලික ආරම්භක අධ්‍යාපනය ලබා දෙන්නේ කෙසේද ?  විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ගත්කල ඔවුන්ගේ තවත් එක් මූලික අයිතිවාසිකමක් වන්නේ ගැළැපෙන අධ්‍යාපනයක් ලැබීමයි .සාමාන්‍ය දරුවකු හට ඇති අධ්‍යාපනය ලැබීමේ අයිතිය  මෙම කාණ්ඩයට අයත් දරුවෙකුට නොලැබීම අද සමාජයේ පැහැදිලිව දකින්නට ලැබෙන තත්ත්වයක් . සාමාන්‍ය වර්ධන රටාවක ට උරුමකම් කියන දරුවකු සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවකු අතර පැහැදිලි කායික මානසික චර්යාත්මක මෙන්ම අවබෝධාත්මක අංශවල වෙනස් කම් පවතින අතර අධ්‍යාපන ක්‍රමවේදයන් සැකසීමේදී මේ සියලුම අංශ ගැන ඉතාමත් අවධානයෙන් සලකා බැලිය යුතුයි . සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමවේදයට අන්තර් කරණය කළ හැකි විශේෂ අවශ්‍යතා සහිත දරුවන් යම් ප්‍රමාණයක්  සිටියද බහුල වශයෙන්ම අපට හමුවන්නේ ඉගෙනුම් අංශයේ විවිධාකාර ගැටලු පවතින දරුවන්ය .ඔවුන් සඳහා ම සැකසිය යුතු අධ්‍යාපන ක්‍රමවේදයක් සම්බන්ධව දෙමව්පියන්  ගුරුවරුන් මෙන්ම සෞඛ්‍ය කාර්ය මන්ඩලයේ ද අවධානය යොමු කිරීම ඉතා වැදගත් . විශේෂ අවශ්‍යතා සහිත දරුවෙක් තමන්ගේ මූලික අධ්‍යාපනය ආරම්භ කරන්නේ කරන්නෙත් නිවසින් .සාමාන්‍ය වර්ධන රටාවක් ඇති දරුවකුට වඩා වැඩි කාලයක් ඉගෙනීම සම්බන්ධ මූ

37. කුඩා කාලයේ පටන් දරුවකු තුළ පිළිවෙල පුරුදු කරන ආකාරය

Image
  කුඩා කාලයේ පටන් දරුවකු තුළ පිළිවෙල පුරුදු කරන ආකාරය " අනේ අර දරුවා වැඩකරන හැටි බලන්න හරිම පිළිවෙලයි....පොතක් පතක් වුණත් හරි නීට්.... " " මේ දරුවා නම් කොච්චර කිව්වත් පිළිවෙලකට වැඩ කරන්න ඉගන ගන්නෙ නෑ ...කවදා ඉගන ගනීද මන්දා..."  මෙම දෙයාකාරයේ ප්‍රකාශ ඔබ ඕනෑතරම් සාමාන්‍ය එදිනෙදා පරිසරයේදී අසා ඇති.... පිළිවෙලකට වැඩ කිරීම....එය උගන්වන්නේ / ඉගන ගන්නේ කෙසේද.....මේ අද අපේ සටහනේ මාතෘකාවයි.  දරුවන් ගේ ඉගනීම ගැන සලකා බලන විට..එම ඉගැනීම ක්‍රම කිහිපයකට සිදුවේ.. විධිමත් සහ අවිධිමත් ඉගැනුම් රටා වලින් දරුවෙක් ජීවිතය ට කුසලතා එක් රැස් කරගනී.. දරුවකුගේ ඉගනීම යනු පෙර පාසල, පාසල සහ එතැනින් ආරම්භ ව ගලා යන අධ්‍යාපන ක්‍රම වේදය පමණක් නොවේ. ජීවන කුසලතාවයන් හැදෑරීම ද දරුවෙක් ගේ ජීවිතයේ විශේෂිතම අංගයකි.  දරුවකු සිය ජීවන කුසලතාවයන් හදාරන විට සෙසු ජීවන අංශ ඉබේම ඔප මට්ටම් වී හැඩ ගැසේ.එබැවින් දරුවකු ගේ ජීවන රටාවේ පිළිවෙල ගැන සැලකිලිමත් වීම දෙමවුපියන් වන ඔබ සතු වගකීමකි...  පිළිවෙලකට වැඩ කිරීම යනු තරයේම සකස් කල කාලසටහනකට හිර වීම නොවන බව ඔබ මතක තබා ගත යුතුව ඇත.දරුවකු යනු නිදහස් ජීවියෙකි.අනවශ්‍ය තරම

36. සුපුනි හරිම හොඳ ළමයෙක්…….

Image
  සුපුනි  හරිම හොඳ ළමයෙක්……. දරුවෙක් ගේ සුන්දර ප්‍රියමනාප පෙනුම වගේම ඒ දරුවා හැසිරෙන ආකාරය ගැන දෙමවුපියන් වන ඔබ කෙතරම් දුරට සැලකිලිමත් ද ? මොන තරම් පෙනුමෙන් සුන්දර දරුවකු වුවත් නිවැරදිව හැසිරෙන්න දන්නේ නැත්නම් එහිදී එයට ප්‍රධාන වගකිව යුත්තා ලෙස ලෝකය ඇඟිල්ල දිගු කරන්නේ අම්මේ තාත්තේ ඔබටයි. සමහරක් විට ලෝකය හැල්මේ දුවයන විට ඔබෙන් වන අතපසු වීම් ඉතා සුළු කොට සලකන්න ඔබ පෙළඹෙන්න පුළුවන්.නමුත් කාලය සමග ඒ සුළු තත්ත්ව මහා තත්ත්ව බවට පත්වී ගැටළුවක් වන්නට පටන් ගත විට අපි විසඳුම් සොයායන්න පටන් ගන්නේ හිස ගිනි ගත් අන්දමට. මේ එවන් සිදුවීමක්...මේ තුලින් මා ඔබ වෙත දෙන සරල පණිවිඩය ඔබට වැදගත් වනු ඇති කියා උදක්ම බලාපොරොත්තු වෙනවා.... සුපුනි  කොළඹ ප්‍රධාන පාසලක තුන් වන ශ්‍රේණියේ ඉගනුම ලබන හරි අපූරු දැරියක්. ඇය පෙනුමෙන් අවුරුදු අටකට වඩා වැඩි පෙනුමක් ගත්තත් ඉතාම සිත් ඇදගන්නා සුළු සුරතල් බවක් නිතරම ඇය වෙතින් දිස් වූවා. සුපුනි  මා වෙත යොමු වුණේ අහම්බෙන්. සුපුනි ගේ නෑ සොහොයුරියක් වරක් මා වෙතින් ප්‍රතිකාර ලබාගන්නා ලදුව බොහෝ ගැටලුකාරී තත්ත්ව වලින් මිදී තිබුන නිසා සුපුනි වත් මා වෙත යොමු කරන්නට මුලික උපදෙස් දී තිබුනේ

35. ඔබේ දරුවාට සෙල්ලම් බඩු නිවැරදිව තෝරාගන්න...

Image
  ඔබේ දරුවාට සෙල්ලම් බඩු නිවැරදිව තෝරාගන්න...  දරුවෙක්ට සෙල්ලම් බඩු තෝරා ගන්නවා කියන්නෙත් ටිකක් සිතාමතා කළ යුතු දෙයක් . ඔබ ඔබේ දරුවාට සෙල්ලම් බඩුවක් තෝරාගැනීමේදී සිතන කරුණු මොනවාද ? හැඩය ,වර්ණය, අවශ්‍යතාවය ඉන් ලැබිය හැකි ප්‍රයෝජනය ,දරුවාගේ රුචිකත්වය, මිල ආදී බොහොම කරුණු කාරණා මත මෙම තෝරා ගැනීම සහ මිලදී ගැනීම රඳා පවතිනවා . ඒ වගේම දරුවෙක්ට සෙල්ලම් බඩුවක් රැගෙන දුන්නාට පසු ඔබ , ඔහු හෝ ඇය එයින් සෙල්ලම් කරන ආකාරය නිරීක්ෂණය කරනවා හෝ නො කරනවා වෙන්නත් පුළුවන් .සමහර දරුවන් ඉක්මනින් සෙල්ලම් බඩු කඩා බිඳ දමනවා. ඒ හා සම්බන්ධ චර්යාවනුත් ඔබ නිරීක්ෂණය කර ඇති. මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එන කරුණු, සාමාන්‍ය දරුවෙකුට සේම විශේෂ අවශ්‍යතා ඇති දරුවකුට ලබාදිය යුතු සෙල්ලම් බඩුවක් තීරණය කරන අන්දම, එය තෝරා ගන්නා ආකාරය සහ එය භාවිත කරන ආකාරය ගැන දැනුවත් වීමට හේතු වනු ඇති . දරුවෙක් සාමාන්‍යයෙන් ගමනක් බිමනක් යද්දි සෙල්ලම් බඩුවක් දුටු තැනදී ඉල්ලීම සාමාන්‍ය දෙයක් .සමහරක් විට එම සෙල්ලම් බඩුව මගින් දරුවාට එතරම් ප්‍රයෝජනයක් නොලැබෙන්නත් පුළුවන් .නමුත් මුදල ගැනත් සලකා බලා ඔබ එය රැගෙන දෙනවා වෙන්නට පුළුවන්. ඒ වගේම ඔබ දරුවෙක් බලන

34. වෙනස සහ වෙනස් අන්දමට බාරගන්න

Image
 වෙනස සහ වෙනස් අන්දමට බාරගන්න ඔබේ විශේෂ අවශ්‍යතා සහිත දරුවා සෑම විටම සුවිශේෂ දරුවෙක් කරගන්න. ඔහුගේ හෝ ඇයගේ හැකියාවන් මෙන්ම අවශ්‍යතා දෙසද නිර්මාණාත්මක මෙන්ම ධනාත්මක ඇසින් බලන්න .හැම විටම "අනේ මේ දරුවාට කිසිම දෙයක් බැහැනේ " යන අදහසේ එල්බගෙන නොසිටින්න. මන්ද ඔබ පසුගාමී වන හැම පියවරක්ම ඔබේ දරුවා ඉදිරියට ගෙන යන්නට ඇති ඉඩකඩ අහුරා දමයි. ඔබේ දරුවා දෙස සාමාන්‍ය දරුවකුගේ හැකියා දෙස බලන ඇසෙන් නොබලන්න. ඇතැම්විට ඔබගේ විශේෂ අවශ්‍යතා සහිත දරුවා ඇවිදීමේ ගැටලුවකින් පෙනෙන්නට හැකියි. එම ඇවිදීම යන අවශ්‍යතාවය සමහර විට ආබාධය නිසා ඔහු හෝ ඇයට කිසිදා හැකියාවක් නොලැබෙන දෙයක් වන්නටත් පුළුවන්. නමුත් ඔබේ දරුවාට ඒ වෙනුවෙන් විකල්ප රාශියක් ඇති බව මතක තබා ගන්න . විශේෂ අවශ්‍යතා සහිත දරුවෙක් යනු ජීවිතයේ කිසිවක් ම බැරි දරුවෙක් ලෙස නොසිතන්න .එම දරුවන් නිසි මඟ පෙන්වීමක් සහ අදාල ගැලපෙන උපාංග සහිත ව බොහෝ දුරක් ඉදිරියට ගෙනයා හැකියි . ඔබේ දරුවා වර්ධනය පියවර වලට නිසි වයසේදී ළඟා නො වේ නම් ඒ පියවර වලට දරුවා ලං කරවීමට ඔබ උත්සාහ ගත යුතු වෙනවා. ඒ සඳහා ඇති උපාංග සම්බන්ධව ඔබගේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙන් දැනුවත් විය යුතුය. දරුවාගේ

33. සමිත ශිෂ්‍යත්වෙ පාස්

Image
 සමිත ශිෂ්‍යත්වෙ පාස් සමිත වයස අවුරුදු දහයක පමණ කුඩා දරුවෙක් .පාසලේ පහ වසර පන්තියේ ඉගෙනුම ලබන සමිත ගේ සහ ඔවුන්ගේ දෙමව්පියන් ගේ එකම අභිප්‍රාය ශිෂ්‍යත්ව විභාගය සමත් වී නගරයේ ජනප්‍රිය හා උසස් පාසලකට ඇතුළු වීමේ වරප්‍රසාදය ලබා ගැනීමයි. මේ සඳහා සමිත සූදානම් වූයේ තුන්වන ශ්‍රේණියේ සිටයි. වර්තමානයෙහි පවතින අධ්‍යාපනයේ තරඟ රැල්ලට හසු වූ බොහෝ දරුවන්ට මෙන්ම සමිතට ද නිරායාසයෙන් ම මේ පහේ ශිෂ්‍යත්ව රැල්ලට හසුවී ගසාගෙන යන්නට සිදු වුණා. නගරයෙන් ඔබ්බට වන්නට පිහිටි ග්‍රාමිය පරිසරයක වූ සමිතගේ මුල් පාසලෙහි ද්විතීක ශ්‍රේණි අධ්‍යාපනයක් නොවුන නිසා ඔවුන් අනිවාර්යෙන්ම ශිෂ්‍යත්වය මත මහත් බලාපොරොත්තු තබා ගෙන උන්නා. පාසල් වෙලාවට අමතරව සමිත පාසලේ සවස්වරුවේ සතියට දින තුනක් පවත්වන අමතර පන්තියකටද ඉතිරි දිනවල පෞද්ගලික පන්ති දෙකකට ද සහභාගි වුණා . මීට අමතරව පාසලේ පවරන විවිධාකාර අභ්‍යාසයන් ද නිවසට ආපසු වෙහෙස නොබලා සම්පූර්ණ කරන්නට සමිතට සිදු වුණත්..." අනේ පුතේ තව මාස කීයද මේ ටික කොහොමහරි කරගනිමු කෝ " ලෙසින් අම්මගෙන් එන ඇවිටිලි බස්ද වෙහෙස දරා ගන්නට ඔහුට අපහසුවෙන් වුවත් සිදුවුණා.ඉරිදා දිනවල දහම් පාසලටත් නොයා සිටීමට

32. වෙනස් ආකාරයට ලෝකය දකින දරුවන්

Image
 වෙනස් ආකාරයට ලෝකය දකින දරුවන් ළමාවිය හා සම්බන්ධ ගැටලු සහගත තත්ත්වයන් නිසා පීඩාවට පත්ව සිටින දරුවන් පිළිබඳව අප කොතෙකුත් අසා තිබෙනවා. ඇතැම් විට මේ ලිපිය කියවන ඔබ එවැනි දරුවකු සහිත මවක හෝ පියකු එසේත් නැත්නම් හිතවතෙකු විය හැකියි. පහත සඳහන් වන තොරතුරු මා විසින් ප්‍රතිකාර දෙනු ලැබූ විශේෂ වූ දරුවන් කිහිප දෙනෙක් ගැන. සුමුදු - අවුරුදු තුනක් වයසැති දීප්තිමත් පෙනුමැති සුන්දර දැරියක්. පෙර පාසල් වියෙහි දොර කඩ සිටින ඇය කතාබහ කිරීමේදී දෙමව්පියන් දුටු යම් යම් ගැටලු නිසා ප්‍රතිකාර වෙත ගෙන එනු ලැබුවා. එකම රිද්මයකට කතා කිරීමත් අනෙකෙකු කියනා වචන අනුකරණයක් සුමුදුගේ කතාබහේ ඇති ප්‍රධානම ගැටලුව වූවා. නිසල් - වයස අවුරුදු පහක පාසලට අළුතින් ඇතුලත් වූ හොඳින් වැඩුණු දරුවෙක් . නිසල්ගේ මවගේ අදහස් වලින් පිළිබිඹු වූයේ ඔහු කිසිදු හැඟීමකට ඊට ගැළපෙන ප්‍රතිචාර නොදක්වන බවයි. ආදරය , සතුට මෙන්ම බිය වැනි කිසිදු හැඟීමක් මුහුණෙන් හා ක්‍රියාකාරීත්වය ප්‍රකාශ වීමත් තිබුණේ නැහැ.  රංග - ඉතා කලහාකාරී ක්‍රියා පැවැත්ම කින් යුත් අවුරුදු 7ක පමණ වයසැති දරුවෙක්. චර්යා රටාවේ ප්‍රබල නොගැලපීම් සේම සමාජගත වීමේ ගැටලු බොහොමයක් සමග ප්‍රතිකාර සඳහ

31. ඔබේ සන්ධි ආරක්ෂා කර ගන්නේ කෙසේද ?

Image
  ඔබේ සන්ධි ආරක්ෂා කර ගන්නේ කෙසේද ?  පසුගිය දිනක අස්ථි පර්වදාහය සම්බන්ධයෙන් මා විසින් ලියූ ලිපියට ලද ප්‍රතිචාර අතරේ සන්ධි ආරක්ෂා කර ගැනීමේ ක්‍රියාකාරකම් යනු මොනවාදැයි එක් ගැටලුවක් අසා තිබුණා ... ඇත්තෙන්ම සන්ධියක් ආරක්ෂා කර ගැනීමට අස්ථි පර්වදාහයක් හෝ වෙනත් සන්ධි හා සන්ධි ආශ්‍රිත රෝගයක් ඇති වීම අවශ්‍ය ම නොවේ .නිරෝගී සන්ධියක් සතු වන කාලයේ පටන් අප විසින් අපගේ සන්ධි ආරක්ෂා කර ගැනීමට පියවර ගත යුතුය . අප විසින් අනුගමනය කරනු ලබන වැරදි ක්‍රියා පිළිවෙත් මෙන්ම ඇතැම් අනපේක්ෂිත අනතුරු ද සන්ධි වලට බොහෝ අනතුරු ඇති කරයි. සන්ධි ආරක්ෂා කර ගැනීමට අප වග බලාගත යුත්තේ සන්ධියක් අනතුරට පත් වූ විට එන සංකූලතාවයන් සහ ආබාධිත තාවයන් ඉතා බරපතල වන හෙයිනි . අස්ථි පර්වදාහය (ඔස්ටියෝ ආතරයිටීස් ) මෙන්ම රුමැටීසියා පර්වදාහය ( රුමටොයිඩ් ආතරයිටිස්) රෝග දෙකම ගත් කල ඉන් පෙළෙන රෝගී පුද්ගලයන්ට වෘත්තීය චිකිත්සාවේදී මෙම සන්ධි ආරක්ෂාකර ගැනීමේ උපදෙස් නිරතුරුව ලබාදෙනවා. පුද්ගලයෙකු ගේ ජීවන රටාව සහ ඔහුගේ රැකියාව එමෙන්ම ඔහුගේ නිවස හා සේවා ස්ථානය පවතින පරිසරය ආදී සියලුම කාරණා මෙම උපදෙස් ලබා දීමට පෙර සැලකිල්ලට ගත යුතු වෙනවා.මන්ද මෙවැනි රෝ

30. ඔබේ සන්ධි වේදනාකාරීද ?

Image
  ඔබේ සන්ධි  වේදනාකාරීද ? අස්ථි පර්ව දාහය එනම් සුලබ ව්‍යවහාරයේ අද කියවෙන ඔස්ටියෝ ආතරයිටිස් කියන්නේ සන්ධිවලට ඇතිවන ආබාධ තත්ත්වයක්. මෙහිදී සරළවම කිවහොත් මූලිකවම සිදුවන්නේ සන්ධියක් සැදුණ අස්ථි දෙක / තුන කෙළවර ඇති කාටිලේජ ගෙවීයාමයි.  කාටිලේජයක් හරියටම කිවහොත් සන්ධියක ආරක්ෂාවට තිබෙන ආවරණයක් වගේ . එය ගෙවී යාමට පසුව සන්ධියෙහි ඇති අස්ථීන් පවා ගෙවී විරෝධනය වී හානි තත්ත්වයට පත්වෙනවා. මේ හේතුවෙන් සන්ධියක ඇති ක්‍රියාකාරිත්වය මෙන්ම සුනම්‍ය බව නැති වීමත් සිදු වෙනවා. අස්ථි පර්ව දාහය බහුල ලෙසම හට ගන්නේ අප ශරීරයේ මඳක් විශාල එමෙන්ම බර දරා සිටින සන්ධිවලට.  උදාහරණ : උකුල් සන්ධි ,දණහිස්, ඇඟිලි කොඳු ඇට අස්ථි පර්වදාහය ඇති බොහෝමයක් දෙනා තමාගේ සන්ධි චලනයේදී හඬක් නැගෙන බවත් ප්‍රකාශ කර සිටිනවා. අස්ථි පර්වදාහය බහුලවම ඇති වන්නේ තරමක් වයස්ගත පුද්ගලයන්ටයි. වයස්ගත ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම මෙය වැළඳිය හැකි වුවත් අවුරුදු 50 ඉක්ම වන කාන්තාවන්ට වැළඳීමේ ඉඩකඩ වැඩියි . ස්ථුලතාවය යනු අස්ථි පර්ව දාහය බරපතළ තත්ත්වයට පත් කරන්නක්. ඊට අමතරව අස්ථි පර්වදාහය අවදානම් කලාපයට ඇතුල් කරන තවත් විවිධාකාර හේතූන් ඇත. 🔸ක්‍රීඩා හෝ වැටීම් තැලී

29. රුමටොයිඩ් ආතරයිටිස් රෝගය සදහා මූලික උපදෙස්

Image
  රුමටොයිඩ් ආතරයිටිස් රෝගය සදහා මූලික උපදෙස් කිනම් හෝ රෝගී තත්ත්වයක් නොවැලඳී ජීවත්විය හැකිනම් එවැන්නෙකුට සිය ජීවිත කාලය තුළ දී ලැබිය හැකි වෙනත් අනර්ඝ වස්තුවක් නොමැති තරම්ය . ඒ අන් කිසිවක් නිසා නොව කිසියම් අවස්ථාවකදී රෝගයක් ඇති වූ විට අත්විඳින්නා වූ වේදනාව වචනයකින් කියා විස්තර කළ නොහැකි හෙයිනි . එහෙත් එවන් වූ වාසනාවක් අපට හිමි කරන්නට ඇති අවස්ථාව කෙතරම් අල්පද.. කෙසේ වුවත් බොහෝ විට යම් යම් රෝග තත්ව වැළඳෙන්නේ අපගේම වරදිනි.  එමෙන්ම යම් රෝගයක් වැලඳුණු විට දී ඒ පිළිබඳව නොසැලකිලිමත් භාවය හෝ එසේත් නැතිනම් පාලනය කර කරගැනීමට උත්සාහ නොකිරීමෙන් අවසානයේ අකල් මරණ මෙන්ම ජීවිත කාලය පුරාම වේදනාකාරී දුක්ඛිත ජීවිත ගත කිරීමට සිදුවේ. එහෙයින් රෝගයක් වැලඳීමට පෙර එය වළක්වා ගැනීමටත් යම් රෝගයක් වැලඳුණු විට දී මුල් අවස්ථාවේ සිටම රෝගය පාලනය කර එයින් අත්මිදීමටත් කටයුතු කිරීමෙන් ඔබට සුවදායී දිවියක් ගත කිරීමට හැකිය . විශේෂයෙන්ම රුමැටීසියා සන්ධි ප්‍රදාහය හෙවත් රුමටොයිඩ් ආතරයිටිස් තත්ත්වය යනු දිවිය පුරාම වේදනාව උරුම කර දෙන්නා වූ රෝගයකි .එහෙයින් මේ ලිපිය ඔස්සේ ඒ සම්බන්ධයෙන් ඔබ දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙමි  රුමැටීසියා

28. Dyspraxia (DCD- Developmental Coordination Disorder ) - චාලක ඉගැනුම් අසීරුතාවය

Image
 Dyspraxia (DCD- Developmental Coordination Disorder ) - චාලක ඉගැනුම් අසීරුතාවය  Dyspraxia යනු දරුවකුගේ චලන සහ සමායෝජනය ආශ්‍රිතව ඇතිවන ගැටළු විස්තර කිරීමට යොදා ගන්නා වචනයකි. සාමාන්‍යයෙන් දරුවෙකුගේ චලන හා සමායෝජන ක්‍රියාදාමයේ ඇතිවන විවිධ ගැටලු සම්බන්ධව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් විසින් මෙම රෝග නිර්ණය ලබාදුන්නද එය මේ සඳහාම වූ විශේෂිත ඇගයීම් මාලාවක් (assessments) තහවුරු කරගත යුතු වේ . මෙම ගැටළුව සම්බන්ධ රෝග නිර්ණය බොහෝ විට දරුවාගේ චාලක සහ ක්‍රියාකාරකම් කුසලතා අනුව මත රඳා පවතී . දරුවාගේ චාලක ක්‍රියාකාරිත්වයට, ක්‍රීඩාවන් වල යෙදීමට සහ ඇඳුම් ඇඳ ගැනීම ආදී ක්‍රියාවලීන්ට මෙම dyspraxia තත්ත්වය තදින්ම බලපාන අතර මනාව පාලනය වන සහ සමායෝජනයක් සහිත ක්‍රියාවන් කිරීමේ ගැටළුව දරුවාගෙන් දිස්වේ.  සාමාන්‍යයෙන් යම් කිසි ක්‍රියාවක් අප විසින් සිදු කිරීමේදී අපගේ මොළය විසින් අදාළ සංවේදන ලබා ගැනීම සහ එම සංවේදන වටහාගෙන එයට අදාළ ක්‍රියාව කිරීම සිදුවේ. නමුත් dyspraxia තත්ත්වයේදී මෙම දරුවන්ගේ මොළය සිය පණිවුඩ හුවමාරුව නිසි ලෙස සිදු නොකරයි. Dyspraxia සහිත දරුවා හට එම නිසා ක්‍රියාවක් කරන්නට යාමේදී කරන්නේ කුමක්ද සහ එය කරන