Posts

Showing posts from March, 2018

20. සෙල්ලම් කරන්නට උපදෙස්

Image
දරුවෙක්ට සෙල්ලම් බඩු තෝරාගන්නවා කියන්නේ ත් ටිකක් සිතාමතා කල යුතු දෙයක්. ඔබ ඔබේ දරුවාට සෙල්ලම් බඩුවක් තෝරාගැනීමේදී සිතන කරුණු මොනවාද? හැඩය, වර්ණය,අවශ්‍යතාව,ඉන් ලැබිය හැකි ප්‍රයෝජනය, දරුවාගේ රුචිකත්වය,මිළ ආදී බොහොම කරුණු කාරණා මත මෙම තෝරාගැනීම සහ මිලදී ගැනීම රඳා පවතිනවා. ඒ වගේම දරුවෙක්ට සෙල්ලම් බඩුවක් රැගෙන දුන්නාට පසු ඔබ ඔහු/ ඇය එයින් සෙල්ලම් කරන ආකාරය නිරීක්ෂණය කරනවා හෝ නොකරනවා වෙන්නත් පුළුවන්.සමහර දරුවන් ඉක්මනින් සෙල්ලම් බඩු කඩාබිඳ දමනවා.ඒ හා සම්බන්ධ චර්යාවනුත් ඔබ නිරීක්ෂණය කර ඇති. අපගේ මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන කරුණු සාමාන්‍ය දරුවෙක්ට සේම විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක්ට ලබා දියයුතු සෙල්ලම් බඩුවක් තීරණය කරන අන්දම ,එය තෝරාගන්නා ආකාරය සහ එය භාවිත කරන ආකාරය ගැන දැනුවත් වීමට හේතු වනු ඇති. දරුවෙක් සාමාන්‍යයෙන් ගමනක් බිමනක් යද්දී සෙල්ලම් බඩුවක් දුටු තැනදී ඉල්ලීම සාමාන්‍ය දෙයක්.සමහරක් විට එම සෙල්ලම් බඩුව මගින් දරුවාට එතරම් ප්‍රයෝජනයක් නොලැබෙන්නත් පුළුවන්. නමුත් මුදල ගැනත් සලකා බලල ඔබ එය රැගෙන දෙනවා වෙන්නට පුළුවන්.ඒ වගේම ඔබ දරුවෙක් බලන්න යනවිට ,ඒ වගේම තෑග්ගක් ලෙස හෝ දරුවාගේ යම් යම් අවශ්