Posts

Showing posts with the label දැනුමට යමක්

41. යහපත් මානසික පසුබිමක් සඳහා ක්‍රීඩා සහ විනෝදාස්වාදී කටයුතු වලින් ඇති ප්‍රයෝජන

Image
යහපත් මානසික පසුබිමක් සඳහා ක්‍රීඩා සහ විනෝදාස්වාදී කටයුතු වලින් ඇති ප්‍රයෝජන ක්‍රීඩා සහ විනෝදාස්වාදී කටයුතු වල නියැලීම පුද්ගලයෙකුගේ ජීවිතයට ඉතා අගනා ප්‍රතිඵල ගෙන එයි.යමෙක් රෝගී වුවද නීරෝගී වුවද මෙම ක්‍රියාකාරකම් මගින් ලැබෙන ප්‍රතිඵල එක සේ සමාන වෙයි. සමස්තයක් ලෙස ගත්කල මාංශ පේශි ශක්තිමත් වීම,සමායෝජනය සහ දරාසිටීම ආදී කායික වශයෙන් ඇති ප්‍රයෝජන ගැන බොහෝ දෙනෙක් දැනුවත් වී සිටියද මෙමගින් ලැබෙන මානසිකමය ප්‍රයෝජන ගැන එතරම්ම වටහා ගැනීමක් නොමැති බව පෙනීයයි.  යහපත් මානසික පසුබිමක් සඳහා ක්‍රීඩා සහ විනෝදාස්වාද කටයුතු වලින් ඇති ප්‍රයෝජන සමහරක් පහත දැක්වේ. 1. විශාදය සහ කාංසාව වැනි තත්වයන් අවම කල හැකි අන්දමට මනෝ භාවයන් උද්දීපනය කිරීම 2. ආතතිය අවම කරවීම 3. සුවදායී නින්දකට මග සැලසීම 4. තීරණ ගැනීම සහ ගැටලු විසඳීමේ හැකියාවන් වැඩි දියුණු කිරීමට අවැසි අන්දමට මොලයේ ක්‍රියාකාරිත්වය උද්දීපනය කිරීම 5. ආත්ම විශ්වාසය සහ ආත්මාභිමානය වැඩිකිරීමකිරීම 6. වේදනාවන් සහ කැක්කුම් සමනය කරදෙන හෙයින් පුද්ගලයා සැහැල්ලු වීම ක්‍රීඩාවක හෝ විනෝදාස්වාද කටයුත්තක යෙදෙන පුද්ගලයා සැහැල්ලු මනසකින් යුතුව ජීවන අභියෝග වලට මුහුණ දෙයි.ඔහ...

31. ඔබේ සන්ධි ආරක්ෂා කර ගන්නේ කෙසේද ?

Image
  ඔබේ සන්ධි ආරක්ෂා කර ගන්නේ කෙසේද ?  පසුගිය දිනක අස්ථි පර්වදාහය සම්බන්ධයෙන් මා විසින් ලියූ ලිපියට ලද ප්‍රතිචාර අතරේ සන්ධි ආරක්ෂා කර ගැනීමේ ක්‍රියාකාරකම් යනු මොනවාදැයි එක් ගැටලුවක් අසා තිබුණා ... ඇත්තෙන්ම සන්ධියක් ආරක්ෂා කර ගැනීමට අස්ථි පර්වදාහයක් හෝ වෙනත් සන්ධි හා සන්ධි ආශ්‍රිත රෝගයක් ඇති වීම අවශ්‍ය ම නොවේ .නිරෝගී සන්ධියක් සතු වන කාලයේ පටන් අප විසින් අපගේ සන්ධි ආරක්ෂා කර ගැනීමට පියවර ගත යුතුය . අප විසින් අනුගමනය කරනු ලබන වැරදි ක්‍රියා පිළිවෙත් මෙන්ම ඇතැම් අනපේක්ෂිත අනතුරු ද සන්ධි වලට බොහෝ අනතුරු ඇති කරයි. සන්ධි ආරක්ෂා කර ගැනීමට අප වග බලාගත යුත්තේ සන්ධියක් අනතුරට පත් වූ විට එන සංකූලතාවයන් සහ ආබාධිත තාවයන් ඉතා බරපතල වන හෙයිනි . අස්ථි පර්වදාහය (ඔස්ටියෝ ආතරයිටීස් ) මෙන්ම රුමැටීසියා පර්වදාහය ( රුමටොයිඩ් ආතරයිටිස්) රෝග දෙකම ගත් කල ඉන් පෙළෙන රෝගී පුද්ගලයන්ට වෘත්තීය චිකිත්සාවේදී මෙම සන්ධි ආරක්ෂාකර ගැනීමේ උපදෙස් නිරතුරුව ලබාදෙනවා. පුද්ගලයෙකු ගේ ජීවන රටාව සහ ඔහුගේ රැකියාව එමෙන්ම ඔහුගේ නිවස හා සේවා ස්ථානය පවතින පරිසරය ආදී සියලුම කාරණා මෙම උපදෙස් ලබා දීමට පෙර සැලකිල්ලට ගත යුතු වෙනවා.මන්ද ...

30. ඔබේ සන්ධි වේදනාකාරීද ?

Image
  ඔබේ සන්ධි  වේදනාකාරීද ? අස්ථි පර්ව දාහය එනම් සුලබ ව්‍යවහාරයේ අද කියවෙන ඔස්ටියෝ ආතරයිටිස් කියන්නේ සන්ධිවලට ඇතිවන ආබාධ තත්ත්වයක්. මෙහිදී සරළවම කිවහොත් මූලිකවම සිදුවන්නේ සන්ධියක් සැදුණ අස්ථි දෙක / තුන කෙළවර ඇති කාටිලේජ ගෙවීයාමයි.  කාටිලේජයක් හරියටම කිවහොත් සන්ධියක ආරක්ෂාවට තිබෙන ආවරණයක් වගේ . එය ගෙවී යාමට පසුව සන්ධියෙහි ඇති අස්ථීන් පවා ගෙවී විරෝධනය වී හානි තත්ත්වයට පත්වෙනවා. මේ හේතුවෙන් සන්ධියක ඇති ක්‍රියාකාරිත්වය මෙන්ම සුනම්‍ය බව නැති වීමත් සිදු වෙනවා. අස්ථි පර්ව දාහය බහුල ලෙසම හට ගන්නේ අප ශරීරයේ මඳක් විශාල එමෙන්ම බර දරා සිටින සන්ධිවලට.  උදාහරණ : උකුල් සන්ධි ,දණහිස්, ඇඟිලි කොඳු ඇට අස්ථි පර්වදාහය ඇති බොහෝමයක් දෙනා තමාගේ සන්ධි චලනයේදී හඬක් නැගෙන බවත් ප්‍රකාශ කර සිටිනවා. අස්ථි පර්වදාහය බහුලවම ඇති වන්නේ තරමක් වයස්ගත පුද්ගලයන්ටයි. වයස්ගත ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම මෙය වැළඳිය හැකි වුවත් අවුරුදු 50 ඉක්ම වන කාන්තාවන්ට වැළඳීමේ ඉඩකඩ වැඩියි . ස්ථුලතාවය යනු අස්ථි පර්ව දාහය බරපතළ තත්ත්වයට පත් කරන්නක්. ඊට අමතරව අස්ථි පර්වදාහය අවදානම් කලාපයට ඇතුල් කරන තවත් විවිධාකාර හේතූන් ඇත. 🔸ක්‍...

29. රුමටොයිඩ් ආතරයිටිස් රෝගය සදහා මූලික උපදෙස්

Image
  රුමටොයිඩ් ආතරයිටිස් රෝගය සදහා මූලික උපදෙස් කිනම් හෝ රෝගී තත්ත්වයක් නොවැලඳී ජීවත්විය හැකිනම් එවැන්නෙකුට සිය ජීවිත කාලය තුළ දී ලැබිය හැකි වෙනත් අනර්ඝ වස්තුවක් නොමැති තරම්ය . ඒ අන් කිසිවක් නිසා නොව කිසියම් අවස්ථාවකදී රෝගයක් ඇති වූ විට අත්විඳින්නා වූ වේදනාව වචනයකින් කියා විස්තර කළ නොහැකි හෙයිනි . එහෙත් එවන් වූ වාසනාවක් අපට හිමි කරන්නට ඇති අවස්ථාව කෙතරම් අල්පද.. කෙසේ වුවත් බොහෝ විට යම් යම් රෝග තත්ව වැළඳෙන්නේ අපගේම වරදිනි.  එමෙන්ම යම් රෝගයක් වැලඳුණු විට දී ඒ පිළිබඳව නොසැලකිලිමත් භාවය හෝ එසේත් නැතිනම් පාලනය කර කරගැනීමට උත්සාහ නොකිරීමෙන් අවසානයේ අකල් මරණ මෙන්ම ජීවිත කාලය පුරාම වේදනාකාරී දුක්ඛිත ජීවිත ගත කිරීමට සිදුවේ. එහෙයින් රෝගයක් වැලඳීමට පෙර එය වළක්වා ගැනීමටත් යම් රෝගයක් වැලඳුණු විට දී මුල් අවස්ථාවේ සිටම රෝගය පාලනය කර එයින් අත්මිදීමටත් කටයුතු කිරීමෙන් ඔබට සුවදායී දිවියක් ගත කිරීමට හැකිය . විශේෂයෙන්ම රුමැටීසියා සන්ධි ප්‍රදාහය හෙවත් රුමටොයිඩ් ආතරයිටිස් තත්ත්වය යනු දිවිය පුරාම වේදනාව උරුම කර දෙන්නා වූ රෝගයකි .එහෙයින් මේ ලිපිය ඔස්සේ ඒ සම්බන්ධයෙන් ඔබ දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙමි...

25. කියවන්න අකමැති ඔබේ දරුවාට

Image
දරුවන්ට කියවීම හුරුකරවන්නේ කෙසේද..? මෙම ලිපිය මා විසින් ආදරණිය අම්මි සඟරාවට එකතු කල සටහනකට තවත් කරුණු එක කර ලිවීමකි ........ දශක ගණනකට පෙර කුඩා දරුවෙක්ව උන් මගේ ළමා කාළය මෙම සටහන ලිවීමේදී මට සිහියට නැගෙයි... ඉලෙක්ට්‍රොනික හා තාක්ෂණික මෙවලම් වලින් තොර වූ ඒ කාලයේ, දැනුම සහ තොරතුරු සොයාගන්නට තිබුණ එකම මග කියවීමයි.අද තරම් වෛවාරණ රුවෙන් පැහැයෙන් අනූන වූ පොත් පත් රාශියක් ඒ කාලයේ නොතිබුණද, කියවීම ළමා ජීවිතය පුරා මුල් බැස තිබිණ... පාසල නිමාවී නිවෙසට ආ සැණින්, බත් පත එක අතකටත් පත්තර කොළයක් අනෙක් අතටත් නොගෙන කෑම කෑ දිනයක් මගේ ළමා වියෙහි නොතිබුණි.එදවසට පොත් කාවා, පත්තර පිස්සි, පොත්ගුල්ලි වැනි නම් රාශියක් පටබැඳුණේද ඒ නිසාවෙන් බව මට සිහිවෙයි. අද අපේ ළමා පරපුර යන්නේ අති සීඝ්‍ර ගමනකි.ඒ ගමන් මග පුරාම ඇත්තේ නවීන තාක්ෂණයයි.ඇඟිලි තුඩග ලෝකයේ සියලු තොරතුරු තිබේ.පොත් පත් පෙරළමින් කාලය ගත කළ යුතු නොවේ.නමුත් කියවීම අතින් ඉතාම පසුගාමී ළමා සහ යොවුන් පරපුරක් අප සතු බව නොරහසකි. මේ පූර්ව සටහන ලිවීමේ මූලිකම අභිප්‍රාය වන්නේ ...දෙමවුපියන් වන ඔබ ඔබේ දරුවාට කියවීම හුරු කරවන්නේ කෙසේද යන්න ට පිවිසීමක් ලෙස...

19. ඔබේ දරුවා සායනයට ගෙන යන විට

Image
ඔබේ දරුවා ගැන ඔබ සටහන් තබාගන්නවාද ? ඔබේ විශේෂ දරුවා විවිධ සායන සඳහා ඔබට  රැගෙන යන්නට සිදුවේ. එම සායන සතියකට වරක්, මසකට හෝ මාස තුනකට වරක් ලෙසින් කාල පරතර අනුව ගෙන යා යුතු වේ.ඔබ එක වරක් සායනයකට ගොස් ඊළඟ වතාවට සායනයට යන විට මුල් සායනයෙදි ඔබට දුන් උපදෙස් කෙතෙක් දුරට ඔබට මතකයේ රැඳේ දැයි ඔබ සිතන්න. බොහෝ විට වෛද්‍ය කාර්ය මණ්ඩලය ට ඔබේ දරුවා එක් දරුවෙක් වන අතර පළමු වතාවේදී ඔබේ දරුවා සම්බන්ධ කරුණු කාරනා ඊළඟ වතාවේදී ඔවුන් යළි විමසන්නේ ඔබ විසින් සම්පාදනය කරන කරුණු මතය.ඒ හැරුණු විට යම් යම් ලිඛිත සටහන් ඔබ වෙත ලබා දෙනු ඇත.නමුත් ඔබ නිසි ආකාරයෙන් මෙම සටහන් තබා නොගත්තේ නම් එම සටහන් කොළ ගොඩක් පමණක් වනු ඇත. ඔබ ඔබේ දරුවා ගේ ලිපි ගොනුවක් මනා ලෙස සකසා තබාගත යුතුය.මා වෙත රැගෙන එන ඇතැම් දරුවකුගේ වෛද්‍ය වාර්තාවක් නිරීක්ෂණය කරන්නට ඉල්ලීමේදී දෙමව්පියන් එම ලිපි ගොනු අදිමින් වෙහෙස වන ආකාරයට අනුව ඔවුන් මෙන්ම මාද ඉතා අපහසුතාවයට මෙන්ම කාලය නාස්ති වීමකටද ලක්වේ.චැනල් බිල්, ඖෂධ තුන්ඩු වැනි අනවශ්‍ය කොළ කැබලි ඔබගේ ලිපි ගොනුව පුරා දැනටමත් විසිරි තිබෙන්නට පුළුවන. ඔබ විසින් මේ සරල පියවර කිහිපය ඒ සඳහා අනුගමනය කර ...

15. පිළිස්සුම ගැන කරුණු ටිකක්

Image
පිළිස්සුම....burns... මේ තමයි අද මගේ පෝස්ටුවේ මාතෘකාව.... පිලිස්සුමක් කිව්වම ඒක විය හැකි විධි කීපයක් තියනවා... අපි බහුලවම දැකල තියෙන්නේ... 1.ගින්දර නිසා 2.ඇසිඩ් වැනි රසායන ද්‍රව්‍ය  නිසා 3.ගෑස් නිසා 4.උනු වතුර වැටීමකින් 5.රත් වූ යමක ස්පර්ශ වීමෙන් වන පිළිස්සුම්.... නමුත් මීට අමතරව... 1.අධික ශීත නිසා.. 2.අධික පරිසර උෂ්ණත්වයන් නිසා... පවා පිළිස්සුම් ඇති විය හැකියි... මේ කුමන ආකාරයට පිලිස්සුමක් වුවත්....ප්‍රතිකාර ගැනීමේදී අපි ඉතා සැලකිලිමත් විය යුතයි... මොකද පිලිස්සුමකට නිවැරදි ප්‍රතිකාර නොලැබුන හොත් එය කෙලවර වෙන්නේ මරණයෙන්..අතිශය වේදනාකාරී මරණයකින්... පිලිස්සුමකට නිසි ප්‍රතිකාර රෝහලකින් ලැබුනත්..ඊට පෙර අපි විසින් ඒ සඳහා කල යුතු ප්‍රථමාධාර ගැන දැනුවත් වී සිටිය යුතුයි..එය ඉතාම වැදගත් වන දෙයක්. පිලිස්සුමක් ගත කල එය , 1.මතු පිට සම ස්ථරයේ වන පිළිස්සීම් 2.අභ්‍යන්තර පටක දක්වා වන පිළිස්සීම් ලෙස වර්ග කෙරෙනවා. මේ කොයි තත්වයේදී වුනත්...මුලිකව පිලිස්සුමක් වුන කෙනෙකුට වැදගත් වන්නේ ඒ උෂ්ණත්වය ශරීරයෙන් ඉවත් කිරීමයි.මීට වැදගත්ම වන දේ ගලා යන සිහිල් ජලයෙන් විනාඩි ගණන...

13. දැනුවත් වීම....awareness....

Image
දැනුවත් වීම....awareness.... අපි දන්නා දේට වඩා නොදන්නා දේ බොහෝයි...එය පිළිගන්නට කොයි තරම් අකමැති වුවත් සත්‍යය  එයයි... අපි මිනිසුන් ලෙස යම් යම් පරාසයන් ගැන කරුණු දැන ගත්තත් ..ඒ හැමදෙයක්ම ගැන නෙවෙයි. විශේෂයෙන්ම අපිට වැළඳෙන ලෙඩ රෝග ගැන...ඒ හා සම්බන්ධ ප්‍රතිකාර  ගැන..එතකොට..මේ රෝග සම්බන්ධ රුධිර පරීක්ෂණ ගැන ..කල යුතු අනෙකුත් පරීක්ෂණ ගැන..අපි යම් තාක් දුරට දැනුවත් වී සිටීම වැදගත් වෙනවා... දැනුවත් වෙනවා කියන්නේ කරුණු සේරම හොයා බලා ගෙන...ඉතුරු ප්‍රතිකාර  ත් තනියම කරගන්නවා කියන එක නෙවෙයි... තමන් හෝ තමන්ගේ නිවැසි කෙනෙක්..අසල්වැසියෙක් ..කවුරුන් හෝ දන්නා අඳුනන කෙනෙක් ගේ අවශ්‍යතාවයක්  අනුව මේ දේ විය හැකියි... රෝගයක් සම්බන්ධව අපි මුලිකව දැන ගත යුතු මොනවාද...? මුල්ම දේ තමයි ...මෙම තත්වය ඇති නොවී සිටීමට හැකියාවක්..මින් වැළකී සිටීමේ හැකියාවක් තියේද යන්න... අපි දැනුවත් වන්නේ කෙසේද...? එක විදියක් තමයි....දන්නා කාගෙන් හෝ අසා දැනගැනීම... මේ දන්නා කෙනෙක් කියන්නේ එම ක්ෂේත්‍රයේ  පළපුරුදු බවක් තියෙන කෙනෙක් විය යුතුයි... තමන්ගේ අවබෝධතාවයට සහ අවශ්‍ය  මට්ටමට අදා...

12. ඉක්මන් කෝපය අනතුරට අත වනයි

Image
මම අද ලියන්න යන්නේ මගේ වෘත්තීය දිවියේ අත්දැකීම් ටිකක්... මගේ වෘත්තීයත් සමග මට හමුවෙනවා විවිධ පුද්ගලයන්... හදිසි අනතුරු..රෝගාබාධ ..වලට ලක් වෙච්ච අය.. අද මේ කතා පෙලේ ඉන්නේ ...තවත් එක්තරා විදියකට අනතුරු වුන අය... මෙහි ඇති විශේෂත්වය වන්නේ..මේ උදාහරණ වලට හේතුවූ කාරණයේ සමාන බවයි... ඒ තමයි "හදිසි කෝපය." මේ කතාවල කතා නායකයන්..නායිකාවන් සියලුම දෙනා ..මේ තත්වයට පත් වුනේ... හදිසි කෝපය සහ ආවේග බහුල වීම නිසයි.. ඉතින් මේ කතාවල මට හිතෙනවා...අපිට අපේ හැගීම්..ආවේග..ගැන නිවී සැනසිල්ලේ හිතන්න යමක් ඉතුරු වෙලා තියනවා..කියලා... මේක කියවලා..මට ඔබේ අදහස්  දෙන්න... මම කාලයක් මීගමුව රෝහලේ සායනයක් කළා ..2005 ඉඳලා 2010 විතර වෙනකල් වගේ.මගේ සායනයට ආව රෝගීන් අතරේ හිටිය බොහෝ අය අත් වල කැපුම් තුවාල තිබුන අය.ඒ අයගේ කතා ටිකක් තමයි මම මේ කියන්නේ.අනන්‍යතාවය හෙළි නොකල යුතු බැවින් මම අන්වර්ථ නාම භාවිතා කරලා ලියන්නම්. පලවෙනි කතාවේ කතා නායකයා..අවුරුදු 28ක් විතර වයස වුන කෙනෙක්..එයට අපි සුනිල් කියලා නම දාමුකෝ..සුනිල් මා වෙත එවලා තිබුනේ ශල්‍ය කර්මයකට පසුයි..සුනිල් පෙනුමෙන් හරිම දාමරික ස්වරුපයක් ...

11.ප්‍රවේශ පහසුකම් සහ ආබාධිත බව

Image
ආබාධිත භාවය.... මේක නම් ඉතින් අහපු ගමන් තේරෙනවා නේ නේද...? ඒත්...අපිට එක පාරටම මතකයට එන ශාරීරික ආබාධිත වූ අයට වඩා..වෙනස් අයත් ඉන්නවනේ... මානසික ආබාධිත වූවන්...අවබෝධාත්මක අතින් ආබාධිත වූවන්..එහෙමත් ඉන්නවා... මේ හැම දෙනාම පොදුවේ මුහුණ පාන එක සමාජීය ප්‍රශ්නයක් ගැනයි මම අද ලියන්න ගත්තේ... ප්‍රවේශ පහසුකම් කියන එක පුළුල් පරාසයක විහිදෙන දෙයක්... අපි හැම දෙනාම සැරි සරන පරිසරයන් ගත්තම... 1.නිවස සහ ඒ ආශ්‍රිත පරිසරය 2.පාසල හෝ වැඩපොළ 3.සමාජයේ සේවා ලබාගැනීමට යා යුතු ස්ථාන..උදා :- බැංකුව,රෝහල,කාර්යාල 4.අනෙකුත් නිවාස...නෑදෑයින්..මිතුරන් ගේ 5.විනෝදාස්වාදය සඳහා යා යුතු තැන්..උදා :- නාට්‍ය ශාලා ,සිනමා ශාලා මේ වගේ බොහෝ තැන් තියනවා.. අපි සාමාන්‍ය පුද්ගලයන් ලෙස මේ හැම තැනටම පිවිසෙනවා..අදාළ කටයුතු කරගන්නවා..සේවා ලබාගන්නවා... නමුත්..ශාරීරිකව ,මානසිකව හෝ අවබෝධය අතින් ආබාධිත වන කෙනෙකුට..මේ දේවල් කිරීමේදී අපිට වඩා ගැටළු බොහොමයකට මුහුණ දෙන්නට සිදු වෙනවා... ඉතින් සැමටම පහසුව සපයන ප්‍රවේශයන් ගැන අද කතා වෙනවා... මේ ගැන ටිකක් කියවමු නේද..? ශාරීරිකව ආබාධයට ලක් වෙන යම් තැනැත්තෙක් ගත්තො...

09. මේ ගැනත් දැනගන්න ...ඇඳ තුවාල හෙවත් පීඩන තුවාල

Image
පීඩන තුවාල අපේ කට වහරේ කියන්නේ "ඇඳ තුවාල" එහෙමත් නැත්නම් "ඇඳ වණ" කියලා...මේවා ඇති විය හැකි විදි දෙකක් තියනවා... එකක් තමයි වයසත් සමග අපේ වැඩිහිටි අය ඇඳටම වෙලා ඉන්න කාලේදී ඇඳ වණ ඇති වීම අනිත් සුලබ කරුණ තමයි.. ශාරීරික .ආබාධිත තත්වයකට පත් වීම නිසා අවයව සෙලවීමේ අපහසුව.. මේ දෙයාකාරයෙන් කොයි එක වුනත්...ප්‍රතිපලය එකමයි... මේ වගේ තුවාලයක් ඒක සැරේටම ඇති වෙන්නේ නැහැ..මුලදී පැහැදිලිව දැකිය හැකි සමේ පැහැය වෙනස් වීමකින් තමයි මෙය ආරම්භ වෙන්නේ...නමුත් මේ අවධියේදී බොහෝ දෙනෙක් මේ ගැන ඒ තරම් අවධානයක් දෙන්නේ නැහැ... ඉතින් ..එය තුවාලයක් වූ පසුයි මේ ගැන කල්පනාවට එන්නේ... යමක් සිදු වුවාට පසු ඒ ගැන වද වෙනවාට වඩා කලින්ම පිළියම් යෙදුවොත් නේද හොඳ... අපි අහල තියනවනේ..."prevention is better than cure" කියලා..... ඇඳ වණ...එහෙම නැත්නම් ..මේ පීඩන තුවාල ගැන සුළු ලක්ෂණයක් හරි දුටු ගමන් එයට ප්‍රතිකාර කිරීම වැදගත්  ...සමහර විට මේ මුලික ලක්ෂණයන්...ඒ කිව්වේ වර්ණය වෙනස් වීම් කෙටි වෙලාවක් තුල නැවත යතා තත්වයට පත් වේනම් ...එය කලබල විය යුතු නැහැ...අපේ ශරීරයේ පීඩනය යෙදෙන ...

08. පරිගණක භාවිත කරන ඔබටයි මේ

Image
පරිගණක භාවිත කරන ඔබට විශේෂයෙන්ම වැදගත් වන කරුණු ටිකක් මේ ලිපියෙන් මම අද රැගෙන එනවා...පරිගණක භවිට කරන අයට පමණක් නොවෙයි...ඒ හා සම්බන්ධ වැඩ කටයුතු කරන ඔබටත් මේ කරුණු වැදගත් වේවි.... කාර්‍යාලයේ දී පරිගණකයක් භාවිත කරන විට..ඔබ හිඳගන්නා ඉරියව්ව ගැන සැම විටම ඔබ සැලකිලිමත් විය යුතුයි .නිවැරදි ඉරියව්වක් පවත්වා ගැනීම නොකරන විට පසු කාලීනව ඇතිවන සංකූලතා ජීවන රටාවම වෙනස් කරනවා...ඉතාම සරල හා පහසු දේවල් නොසලකා හැරීම ජීවිතය ට හානි කරන සුලුයි... ඔබ සැමවිටම ඔබේ දෙපා පොළව මත ස්පර්ශ වේදැයි බලන්න.එසේ නැත්නම් ඒ සඳහා ඔබ ආධාරකයක් තබා ගත යුතුයි...ඔබේ පා රැඳවුම...ඕනෑවට වඩා උස අඩුවීම හෝ වැඩිවීම යන දෙකම නුසුදුසු අතර...ඔබට ගැලපෙන උස නිර්ණය කල යුතුවේ. කොන්දේ වක්‍ර සුනම්‍යව පහසුවෙන් පවත්නා ලෙස හිඳගැනීම කරන්න.පුටුවක හිඳ ගැනීමේදී තුනටිය ප්‍රදේශයෙන් කුඩා ආධාරකයක්....රෝල් කල තුවායක් හෝ තබන්න. අප පරිගණකය භාවිත කරන කාල සීමාව කෙතෙක්ද යන්න මත...ඒ හා සම්බන්ධ ගැටලු හා සංකීර්ණතා ඇතිවීම බලපායි..කෙටි කාලයක් පරිගණක ඇසුරේ සිටින අයට වඩා දිගු කාලයක් ගෙවන අයට කොන්දේ කැක්කුම්...උරහිස සහ බෙල්ලේ වේදනාවන් ඇතිවීම සුලබය. ඔබ...

07. ආබාධිත තාවය ..ඔබ දකින හැටි නිවැරදිද

Image
ආබාධිත වීම කියන ඒක ගැන ඔබගේ අදහස කොහොමද? මම හිතන්නේ මෙහෙම කිව්ව ගමන් ඔබට මතක් වෙන්නේ හමුදාවේ රණවිරුවෝ... ඒ වුනාට "ආබාධිත"කියන තත්වයට පත් වෙන්න අපි හැමෝටම සිද්ද වෙන්න පුළුවන්...මග තොටදී නිවසේදී..එහෙම නැති නම් පාසලේදී ...සිදු වන මොන යම් හෝ අහඹු සිදුවීමක් මේ ආබාධිත කියන තත්වය අපට උරුම කර දෙන්න පුළුවන්... ඉතින්..ආබාධිත භාවය සහ ආබාධ යන මාතෘකාව යටතේ යමක් ලියන්න මට හිතුනා... සුන්දරම නොවන ..ඒත්...දැනුවත් වියයුතු...මාතෘකාවක්.... ආබාධිත වීම...එහෙම නැති නම්...disabled....කියන වචනය දෙපැත්තේ..තව වචන දෙකක් තියනවා... එකක් තමයි ..impairment..ඒ කියන්නේ යම් කිසි නොහැකියාවක්... මේ නොහැකියාව ශාරීරික වගේම මානසික වෙන්නත් පුළුවන්... මේ නොහැකියාව නිසා තමයි කෙනෙක් ආබාධිත වෙන්නේ...ඒ වගේම ආබාධිත වුනාම ඉන් පසුව වෙන දේ තමයි handicapped කියන දේ... මේ තත්වය තමය..වඩාම බරපතල...යමකුට සිදුවන ආබාධිත භාවය නිසා ඒ පුද්ගලයා තමන් මුලින් ගැටුන පරිසරයන් ගෙන් වගේම සහභාගීත්වයන්ගෙන් සීමා වීම..තමයි  මෙයින් අදහස් වෙන්නේ.. මේ තත්වයට හේතු දෙකයි.... එකක් ..පුද්ගලයාගේ අභ්‍යන්තර හේතු...ඒ කියන්නේ..ආ...

06. නිවැරදි ඉරියව් වලින් මනා සුවයක්

Image
අපි හැමෝටම වැදගත් වෙයි කියලා හිතෙන දෙයක් ගැනයි මම මේ ලියන්න යන්නේ... සමාජයේ කුමන තරාතිරමක ..කුමන රැකියාවක..කුමන නියැලීමක යෙදෙන්නෙක් වුවත් ..දැනගත යුතු මූලික කරුණු කාරණා ටිකක් තමයි..මේ පෝස්ටුව හරහා..මම ලියන්නේ... අපි පොඩි කාලේ ඉඳන්ම ක්‍රියාකාරී වෙන හැම විටම නිවැරදිම ඉරියවු වල සිටිනවද..? ඒක ඇත්තටම ඒ ඒ අවස්ථාවට අනුව වෙනස් වෙනවා... ඒත්..යම් ගැටළුවක් ...ප්‍රශ්නයක් ආව දවසට ..තමයි අපි මේ ගැන හිතන්නේ... කොහෙන් හරි එන සුළු වේදනාවක්..පසුකාලීනව ස්ථීර ප්‍රශ්නයක් වුනාම ..ඒකට ප්‍රතිකාර ගන්න ගිය තැනදී තමයි බොහෝ විට අපිට මේ ගැන දැනුවත් වීමක් ලැබෙන්නේ... එතකල්.....අපිට මේවා වැරදියි කියලා තේරුණාට...අපි ගණන් ගන්නේ නැහැ...ගණනකට ගත්තත් කෙටි පිළියමක් යොදලා...මේවාට උත්තර හොයාගෙන..අමතක කර දාන්න තමයි අපි පුරුදු වෙලා ඉන්නේ... ඉතින් අපි යම් තාක් දුරට අපේ ඉරියව් ගැන ..නිවැරදි ව දැනුවත් නම්...මේ පසුකාලීන ගැටළු වෙන්නේ නැහැයි කියන එක තමයි..මගේ නම් අදහස... ****************************************************** අපි එදිනෙදා ජීවිතයේ කරන සමහර සුළු සුළු වැරදි ඉරියවු නිසා...පසු කාලීනව කොන්දේ කැක්කුම්..බෙල්ලේ...