42.මිනිසුන් ජීවිතය ගැන සිහින දැකීම අතහරින්නේ ඇයි ?




මිනිස්සු හුඟක් දෙනෙක් හීන දකිනවා. ජීවිතේ  බොහොමයක් දේ ගැන.. නමුත් ඉන් බොහොමයක් දෙනෙක් ඒ හීන මගදී අතහැරලා දමනවා..

ඇයි ඒ ?

එහෙම වෙන්නේ ඇයි ?

මොනවද එහෙම වෙන්න හේතු?

එතකොට...?....... අපිට අපේ ජීවිත ගැන අලුතින් හීන දකින්න බැරිද?


 සමහරක් වෙලාවට මේ සිහින අතහැර දැමීම කෙනෙක්ගේ ජිවිතයේ මුල්ම කාලයේදී , ඒ කියන්නේ හුඟක්ම පොඩි දරුවෙක් වෙලා ඉන්නකොට වෙන්න පුළුවන්.

බොහොමයක් අම්මලා තාත්තාලා පොඩිම දරුවන්ට තමන්ට ලඟාවිය නොහැකි තරම් බරපතල අරමුණු බලෙන් ජිවිතයට පටවන්න යන වෙලාවල් අපිට මුණ ගැසෙනවා.


ඒ වගේම තමයි ජිවිතේ මහලු වියට එළඹෙන කොට කෙනෙක් සිය කායික මානසික අපහසු කම් නිසා හුඟක් දේවල් අතහරින්න පටන් ගන්නවා. යාලුවෙක් එක්ක කතාබහ කරමින් පොඩි  walk එකක් දාන්න ...අන්න ඒ වගේ පොඩිම ඩ්‍රීම්  එකක් පවා අතහරින්නේ ඊට වඩා තමන්ගේ කායික මානසික අපහසුකම් ඉස්සරහට එන්න ගන්න නිසා ..


It's sad when a dream dies. And more often than not, it dies far too soon.


පොඩිම උදාහරණයක් දෙන්නද?


ඔබ නිකමට ඔබ අසල සිටින්නෙක්ගෙන් අහන්න; අවසාන වතාවට ඔහු / ඇය නිර්මාණශීලි යමක් කළේ කවද්ද කියලා.. ඒ කල දේ මොකක්ද කියලා අහන්න 

එතැනදී ඔහු දක්ෂ චිත්‍ර ශිල්පියෙක්, වාදකයෙක්, ලේඛකයෙක් වෙන්න කිසිසේත්ම ඕන නැහැ ..

නිකමට අහල බලන්න 




බොහොමයක් අය කියයි...

මම කොහෙත්ම නිර්මාණශීලි කෙනෙක් නෙවෙයි...

එහෙම නැත්නම් ... කොහෙන්ද ඕවට වෙලාවක් කියල ඔබෙන් අහවි....


තව කෙනෙක් කියාවි....


එහෙම දේවල් කරන්න මතක් වත් වෙන්නේ නැහැ කියල....

ඔය වගේ හේතු ගණනාවක් ඔබට අහන්න ලැබේවි අනිවාර්යයෙන්...


ඇයි එහෙම වෙන්නේ ?


නිර්මාණශීලි බව හැම තිස්සෙම අන්තර්සම්බන්ධතාවයක් පවත්වා ගෙන යන්නේ ජීවිතය සම්බන්ධ කෙනෙක් ගොඩනගන සිහින මත.....

ඒ ඔස්සේ තමයි ඔවුන් විවිධ ඉසව් ගවේෂණය කරන්න පෙළඹෙන්නේ... 

විවිධ කල්පිත ගොඩනගන්නේ...


මට අපූරු ලිපියක් හම්බවුණා අන්තර්ජාලය ඔස්සේ....

එකෙ තියනවා කෙනෙක් සිහින අතහරින්න හේතුවෙන්න පුළුවන් කාරනා බොහොමයක් 


එයින් සමහරක් මට මේ ලිපියට එක්කරගන්න හිතුණා ...

ඔබට ජීවිතයේදී හමුවෙන සිහින සහ බලාපොරොත්තු අතහැරී ගිය අයව සිහිකරන්න...

ඔවුන්ට මෙයින් එක හෝ හේතුවක් තියෙන්නට ඇති අනිවාර්යයෙන්..

ඒ වගේම මේක කියෙව්වට පස්සේ ...

ඔබට හමුවෙන සිහින සහ බලාපොරොත්තු අත හැර දමන්න යන කෙනෙක් ගේ ඒ අතහැරීම වලක්වන්න ඔබට මෙයින් අවබෝධයක් ලැබේවි කියලා මම හිතනවා.


01.



අසාර්ථක වීමට ඇති බය...

හුඟක් වෙලාවට අනෙක් අය තමන්ගේ අසාර්ථක වීම් කොහොම විනිශ්චය කරාවිද කියන එක හිතේ තියනකල් සිහිනයන් හඹා යන්න ඔවුන් බය වෙනවා....

අනෙක් අය තමන් ගැන කොහොම හිතුවත් තමන්ගේ සිහින සොයාගෙන යන්න ඔබ බිය විය යුතු නැහැ .

හැමතිස්සෙම අසාර්ථක වීම් කියන්නේ තමන්ට ඊළඟ වතාවට දෙන උත්තේජනයක් විදියට ගණන් ගන්න.


02. 



අනෙක් අයට තමන් ගැන තීරණ ගන්නට ඉඩ දීම..

ඇත්තෙන්ම වෙන්න ඕන ඒ දේ නොවෙයිනේ...

ඔබ අහන්න ඕනේ ඔබෙන්ම ...

" ඇත්තෙන්ම මං කරන්න ඕනේ මොකක්ද?" කියන එක..

එහෙම නැතුව ඔබ වටේම ඉන්න අවශේෂ පුද්ගලයන්ට ඔබේ ජීවිතය ගැන තීරණ ගන්න බලය දුන්නාම 

ඔබේ සිහින වලට ඉඩක් නැති වෙනවා....

ඔබේ නිවැසියන්...ඔබේ මිතුරන්...ඔබේ ආයතන ප්‍රධානියා.....

ඒ සියල්ලන්ටම කලින් එතන බලය තියෙන්න ඕනේ...

ඔබට 



03. 



අසාර්ථක වෙන හුඟක් අය ...

ආපහු සිහින දකින්න බයයි....

මෙහෙම හිතන්නකෝ...

ඔබ ඇවිදින්න බයයි නම්....

ඔබ කොහොමද ඔබගේ ගමනාන්තය වෙතට ලඟා වෙන්නේ ...

එක වතාවක් කියන්නේ ...කිසිම වෙලාවක අවසාන වතාව නෙවෙයි..

දෙවැනි වර උනත් ....ඒක ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්...

සමහරක් විට ඉතින් සියවරක් වුණත් අපිට එකම ගමනේ යන්න හිතට හයියක් තියෙන්නම ඕන...




04. 



සිහින දකින්න බය වෙන අය තමන්ගේ අසාර්ථක වීම් දිහා තමයි ප්‍රමුඛවම බලන්නේ...

එයින් උගත් පාඩම ඔවුන්ගේ මනසට කා වදින්නේ හරිම අඩුවෙන්...

සිහින අතහැර දමන්නන්...

ඔවුන්ගේ අසාර්ථක එක පියවරකට පස්සේ...

" මට බැහැ ...මම අසාර්ථකයි.."

කියන ලේබලය තමන්ටම ගහ ගන්නවා ..

ඇත්තෙන්ම " අසමත්වීම" කියන වචනයේ තේරුම මොකක්ද?

ඒ ඔබට පාඩමක්....

වටිනාම පාඩමක් 






05.




ඔවුන් අවසාන ප්‍රතිපලයට වඩා සම්පුර්ණ ක්‍රියාවලිය ගැන හිතන්නේ අඩුවෙන්...

ඔබ අවසාන ප්‍රතිපලය ගැන පමණක්ම හිතුවොත්.

ඔබට ඒ ගමන යන්න අමාරුයි...


නමුත් ඔබ සම්පුර්ණ ක්‍රියාවලිය ගැන හිතනවා නම් 

හැම දවසකම උදේ...

ඔබට ඒ ක්‍රියාවලියේ කොපමණ දුරක් ඔබ ඇවිත්ද කියන දේ ඔබට අප්‍රමාණ සතුටක් අරන් ඒවි...



06.



සිහින අතහැර දමන්නන් තමන් ගැන ආත්ම විශ්වාසය තබාගන්නේ අඩුවෙන්..

ඊට වඩා ඔවුන් බලන්නේ 

අනෙක් අය ඔවුන් දිහා කෙතෙක් විශ්වාසයෙන් බලනවද කියලා....

ඉතින් තමන්  වටා ඉන්න ය තමන් වෙනුවෙන් කොතෙක් නම් ඔල්වරසන් දෙයිද කියන එකවත්...

තමන් වෙනුවෙන් බලා හිඳී ද යන්නවත් 

තමන් වෙනුවෙන් වියදම් කරයිද යන්නවත් 

ඔබ හිතන්නේ කොච්චර නම් වැදගත්ද...?

නැහැ..

ඒක පොඩ්ඩක් වත් ඔබේ ගමනට ධනාත්මක හයියක් දෙන්නේ නැහැ ...


සිහින දකින්න ඕන ඒ ආකාරයට නොවෙයි...


පළමුව ඔබ ඔබව විශ්වාස කරන්න...

දෙවනුව ..

අනෙක් අය ඔබ අනුගමනය කරන හැටි බලල සතුටු වෙන්න ඔබට පුළුවන්...






07.



සිහින අතහැර දමන අය වටේ ඉන්නේ 

 Negative circle එකක්....

ඔබ කියන්නේ...

ඔබ නිතරම ආශ්‍රය කරන පස් දෙනෙක්ගේ හැඟීම් වල එකතුවක් බොහොමයක් වෙලාවට..

ඒ අය ඔබ වෙත බලපාන ආකාරය...

Positive ද  Negative ද යන්න ඔබට කෙතෙක් නම් බලපාවිද ?

ඉතින් හිතන්න  negative පුද්ගලයන් එක්ක නම් ඔබ නිරන්තරයෙන් සිටින්නේ ඔබේ සිහින වලට කෝ තැනක්....




නොදැනුවත්වම ඔබ ඔවුන් අනුකරණය කරන්න පටන් අරන්..


ඉතින් ඔබ තීරණය කරන්න ඔබ ඉන්න ඕන මොන වගේ අය ඇසුරේද කියන එක...




මේ ලැයිස්තුවට තව කරුණු ගොඩක් තියන නිසා ඒ ටික දෙවැනි කොටසකට අරන් එන්නම් 


ස්තුතියි කියෙව්වාට...


සිහින දකින්න....

ඒවා සාර්ථක කරගන්න ඔබට පුළුවන්....


************************************************************


මම 

කිත්මා වාසනා දහනායක 





Comments

  1. වටින ලිපියක්....

    ReplyDelete
  2. නෙගටිව් හිතන අය ලංකාවේ වැඩියි.හොඳයි මේ වගේ ලිපි සහ බ්ලොග් අඩවි.

    ReplyDelete
  3. මට තියෙන ප්‍රශ්නෙ ඇයි හීන දකින්න, ඒවා ළගා කරගන්න ඕනි කියලා🤔

    ReplyDelete
  4. ඔබ ගේ බ්ලොගය නැවත ජීවිතය අරඹා ඇත! ඒ පිළිබඳව අපගේ දැඩි සතුට. ඔබ කල්පණා කරණවා ඇති කවුද මේ "අපි" කියන්නේ කියලා! සඳකඩ පහණ සින්ඩිය පිටුපස කණ්ඩායම තමයි මේ "අපි"! සඳකඩ පහණ යනු මෙරට සියළු බ්ලොග් අඩවි එකට එක් කරණු ලබන වේදිකාවක් වෙතට දිවෙන පිය ගැට පෙලක මුල් පහණ! මෙතෙක් ඔබගේ සින්ඩිය පැවති "පුරා වස්තු" කොලමෙන් එය ඉවත් කොට "බර කතා බහ" කොලමට එක් කොට ඇත! අපගේ සින්ඩියට පිවිසෙන්න! එ පිළිබඳව ගුණ දොස් ලියන්න! හැකියාවක් වෙතොත් ඔබගේ බ්ලොගය තුලින් අපගේ සින්ඩියට ප්‍රචාරණයක් ලබා දෙන්න! නැවතත් බ්ලොග් ස්වර්ණමය යුගයක් ඇති කිරීම අපගේ එකම අරමුණයි!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

06. නිවැරදි ඉරියව් වලින් මනා සුවයක්

15. පිළිස්සුම ගැන කරුණු ටිකක්

09. මේ ගැනත් දැනගන්න ...ඇඳ තුවාල හෙවත් පීඩන තුවාල