17. ස්නායු ආබාධයක් ගැන කරුණු ටිකක්
මේ ලියන පෝස්ටුව..අද බොහෝ දෙනාට හුරු ස්නායු ආබාධ තත්වයක් ගැන... ගිලන් බාරේ සින්ඩ්‍රෝමය.... මෙහි සම්පූර්ණ නම Guillain Barre Landry Syndrome අද බොහෝ දෙනා මේ රෝග තත්වය ගැන යම් ප්‍රමාණයකට දන්නවා... ඉතින් මගේ මේ පෝස්ටුව ඒ සම්බන්ධ වැඩි දුර කරුණු ඔබට ගෙන ඒවි... අපි හැමෝම පුංචි කාලේදී විද්‍යාව හදාරන කොට ඉගන ගත්තු ස්නායු සෛලය මතකද...? මේ ඉන්නේ එයා තමයි.... ඉතින් මේ ස්නායු සෛල දෙකක් හරහා...සංවේදනයක්...ගමන් කරන්නේ ස්නායු පණිවිඩයක් ලෙසයි... ස්නායු සෛලයක උත්තේජනය ගමන් කිරීමේදී මයලින් කොපුව වැදගත් වෙනවා....මුළු පාඩම ම මතක් කරදෙන්න ඉඩ නම් නැහැ..ඒ වුනාට යන්තමට හරි අපි කාටත් මේක මතකයි නේ...? මයලින් කොපුව තියෙන්නේ ස්නායු සෛලයේ ඇක්සෝනය (axon) වටා... මේ මයලින් කොපුවෙන් කරන්නේ ස්නායු උත්තේජනය ගමන් කරන එක වේගවත් ව කරදීමයි... ගිලන් බාරේසින්ඩ්‍රෝමයේදී වෙන්නේ මේ මයලින් කොපුවට හානි සිදු වීමයි..මෙය වන්නේ කොහොමද කියා හරියටම කියන්නට බැරි වුනත්....අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වන කුමක් හෝ ප්‍රශ්නයක් නිසා තමයි මෙය වෙන්නේ...බොහෝ විට බැක්ටීරියා හෝ වයිරස් තත්වයක් නිසා මෙය ඇති වෙන්න පුළුවන්......