22. ඔටිසම්
ඔටිසම් හඳුනාගන්න.
ඔටිසම් ( Autism) යනු කුමක්ද?
ඔටිසම් සම්බන්ධයෙන් ලියූ ලිපි පෙළක සිංහල පරිවර්තනයන් මෙම ඛාණ්ඩය යටතේ ලියවේ....
ඔටිසම් සහිත දරුවන් යනු ඔවුන්ටම විශේෂිත පොදු ලක්ෂණ සමුහයක් දරන කොටසක්. ඔබට සත්‍ය වශයෙන්ම ඔවුන් සඳහා සහය වීමට අවශ්‍ය නම් ඔබ මුලිකව ඔටිසම් සම්බන්ධව දැනුමැති විය යුතු අතර නිවැරදි ක්‍රම වේදයකට අනුව ඔවුන් පුහුණු කරවීමේ හැකියාවන් සහිත විය යුතුයි.
මෙහිදී අප බාහිර පරිසරය දරුවාට ගැලපෙන අන්දමට නිවැරදිව හැඩගැස්විය යුතු අතර ඒ සඳහා අවශ්‍ය ක්‍රියා පටිපාටීන් සැකසිය යුතු වෙයි. එමෙන්ම දෘශ්‍ය මාධ්‍ය භාවිත කර අවශ්‍ය අරමුණු කරා දරුවන් යොමු කරන්නට ද සමත් විය යුතු වේ.
අප භෞතික පරිසරය ගැන සැලකිලිමත් වෙ නම් , ඔටිසම් සහිත දරුවකු ලෝකය වෙනස අන්දමට ග්‍රහණය කරගන්නා බව මුලින්ම සිහි තබා ගත යුතු වෙ. ඔවුන් විවිධාකාර පරිසර දත්තයන් අවබෝධ කරගන්නේ වෙනස්ම ආකාරයකටය.
ඔටිසම් සහිත දරුවන් යම් කිසි දෙයක ඇති කුඩා දත්තයන් සහ කරුණු ගැන මුලිකව අවධානය යොමු කරන අතර ඉන් පසු එහි සමස්ත තේරුම ගැන අවධානය යොමු කරන්නට පෙළඹේ. මේ හේතුවෙන් මෙවැනි දරුවන් සම්බන්ධයෙන් ක්‍රියාකරන විට පරිසරය දරුවාට ගැලපෙන අන්දමට වෙනස් කිරීමට ඔබට සිදුවනු ඇත. එය බොහෝ විට දරුවාගෙන් දරුවට වෙනස් වන සුළුය. එමෙන්ම දරුවා අත්විඳින සහ අත්දකින දෙය ස්ථායි ( concrete ) ව පවත්වා ගත යුතු වෙ. සැමවිටම ඔබ දරුවාට උගන්වන්නට සුදානම් වන දෙය දරුවාගේ අවශ්‍යතාවයනට ගැලපෙන අන්දමට සකසා දිය යුතු වේ.
දරුවා සම්බන්ධව උත්තේජනයන් ලබා දීමේදී සැමවිටම එය සීමාසහිත විය යුතු බව මතක තබා ගන්න. මන්ද යත් ඔටිසම් සහිත දරුවා හට ප්‍රමාණයට වඩා උත්තේජනයන් ලැබීමේදී ඔවුන් ඒවා ග්‍රහණය කරගැනීමේ අපහසුතාවයන් වලට මුහුණ පාන හෙයිනි.
සාමාන්‍යයෙන් උත්තේජනයන් කාලයත් සමග නිතර වෙනස් වන සුළු නම් එයද දරුවාට අපහසුතවයකි. ඔටිසම් සහිත දරුවකු හට ස්ථාවර පරිසරයක්, නියමිත ආකාරයේ ගැලපෙන සහය වීමක් සහ ධනාත්මක ක්‍රියා රටාවක් දෙමවුපියන් මෙන්ම වැඩිහිටියන් විසින් ලබාදීම කල හොත් ඔවුන් දෛනික කටයුතු වල නිරත වීම ඉතා පලදායිව සිදු කරනු ඇත.
පරිසරය දරුවාට ගැලපෙන ආකාරයට සකස් කිරීමේදී වැදගත්ම කාරණා වන්නේ අනවශ්‍ය අන්දමේ බඩු බාහිරාදිය සහ ද්‍රව්‍ය සහ උත්තේජනයන්ගෙන් එම කාමරය හෝ දරුවාට අදාල පරිසරය නිදහස් කිරීමය. මේ මගින් දරුවා අදාළ ක්‍රියාවලින්ට පමණක් අවධානය යොමු කරන අතර කල යුතු ක්‍රියාව ගැන මනා අවබෝධයක් ලබා දීමද පහසු වෙයි.
ඔටිසම් සහිත දරුවන්ගේ පොදු ලක්ෂණ පහත අන්දමින් දැකිය හැකි වේ.
• ඔවුන් තමන් ගැටෙන පරිසරය ස්ථායි (concrete) සහ වෙනස් නොවන සුළු එකක් වනු දැකීමට ප්‍රිය වේ.
• යමක් හඳුන්වා දීමේදී ඒ දෙය දරුවා හට නම්‍යශීලි විය යුතු වේ
• බොහෝ විට දෘශ්‍ය සහායකයන් /ආධාරකයන් ( visual cues) අවශ්‍ය වෙයි
• දරුවාහට කාලය කලමණාකරණය කිරීම අපහසුය ඒ සඳහා බොහෝ විට සහයක් ලබා දිය යුතු වේ.
• සමාජීය කටයුතු වලට අන්තර්ග්‍රහණය වීම ( social integration) මඳක් අපහසුය. ඒ ගැන බොහෝ විට අවබෝධයක් නොමැත.
• අනුකරණ ( imitative play) සහ මනහ්කල්පිත ක්‍රීඩාවන් ( imaginary play)කිරීමේ ගැටළු පවතී.
• එකම ක්‍රියාව සහ චලනයන් නොනවත්වා කිරීම සිදු කරයි. උදාහරණ ලෙස ඒක තැන කැරකීම , ඔලුව වද්දාගැනීම ( spinning, head banging)
• සංවේදන හැකියාවන් ඉතා වෙනස්ය. සමහර විට අධික වේදනාවට / උණුසුමට අනෙක් දරුවන්ට වඩා දරාගන්නා සුළු බවක් පෙන්වයි.
• ශබ්ද වලට , හඬවලට , පුද්ගලයන් ට, ගඳ සුවඳට සහ ආලෝකය/ වර්ණ ආදියට අධි සංවේදීතාවය දක්වයි.
• අනතුරු සහිත තත්වයන් ගැන අවබෝධයක් නොමැත.
• වාහනයක් තුළ ගමන් කිරීමට අකැමති වන අතර ඒ සඳහා ආධාරක පටි වැනි ආරක්‍ෂිත උපකරණයන් භාවිත කල යුතු වේ.
• සියුම් සහ දල චාලක ක්‍රියාකාරකම් වල ගැටළු ඇත.
සටහන
කිත්මා වාසනා දහනායක
වෘත්තීය චිකිත්සක

Comments
Post a Comment