41. යහපත් මානසික පසුබිමක් සඳහා ක්‍රීඩා සහ විනෝදාස්වාදී කටයුතු වලින් ඇති ප්‍රයෝජන
යහපත් මානසික පසුබිමක් සඳහා ක්‍රීඩා සහ විනෝදාස්වාදී කටයුතු වලින් ඇති ප්‍රයෝජන ක්‍රීඩා සහ විනෝදාස්වාදී කටයුතු වල නියැලීම පුද්ගලයෙකුගේ ජීවිතයට ඉතා අගනා ප්‍රතිඵල ගෙන එයි.යමෙක් රෝගී වුවද නීරෝගී වුවද මෙම ක්‍රියාකාරකම් මගින් ලැබෙන ප්‍රතිඵල එක සේ සමාන වෙයි. සමස්තයක් ලෙස ගත්කල මාංශ පේශි ශක්තිමත් වීම,සමායෝජනය සහ දරාසිටීම ආදී කායික වශයෙන් ඇති ප්‍රයෝජන ගැන බොහෝ දෙනෙක් දැනුවත් වී සිටියද මෙමගින් ලැබෙන මානසිකමය ප්‍රයෝජන ගැන එතරම්ම වටහා ගැනීමක් නොමැති බව පෙනීයයි. යහපත් මානසික පසුබිමක් සඳහා ක්‍රීඩා සහ විනෝදාස්වාද කටයුතු වලින් ඇති ප්‍රයෝජන සමහරක් පහත දැක්වේ. 1. විශාදය සහ කාංසාව වැනි තත්වයන් අවම කල හැකි අන්දමට මනෝ භාවයන් උද්දීපනය කිරීම 2. ආතතිය අවම කරවීම 3. සුවදායී නින්දකට මග සැලසීම 4. තීරණ ගැනීම සහ ගැටලු විසඳීමේ හැකියාවන් වැඩි දියුණු කිරීමට අවැසි අන්දමට මොලයේ ක්‍රියාකාරිත්වය උද්දීපනය කිරීම 5. ආත්ම විශ්වාසය සහ ආත්මාභිමානය වැඩිකිරීමකිරීම 6. වේදනාවන් සහ කැක්කුම් සමනය කරදෙන හෙයින් පුද්ගලයා සැහැල්ලු වීම ක්‍රීඩාවක හෝ විනෝදාස්වාද කටයුත්තක යෙදෙන පුද්ගලයා සැහැල්ලු මනසකින් යුතුව ජීවන අභියෝග වලට මුහුණ දෙයි.ඔහ...