13. දැනුවත් වීම....awareness....
දැනුවත් වීම....awareness.... අපි දන්නා දේට වඩා නොදන්නා දේ බොහෝයි...එය පිළිගන්නට කොයි තරම් අකමැති වුවත් සත්‍යය එයයි... අපි මිනිසුන් ලෙස යම් යම් පරාසයන් ගැන කරුණු දැන ගත්තත් ..ඒ හැමදෙයක්ම ගැන නෙවෙයි. විශේෂයෙන්ම අපිට වැළඳෙන ලෙඩ රෝග ගැන...ඒ හා සම්බන්ධ ප්‍රතිකාර ගැන..එතකොට..මේ රෝග සම්බන්ධ රුධිර පරීක්ෂණ ගැන ..කල යුතු අනෙකුත් පරීක්ෂණ ගැන..අපි යම් තාක් දුරට දැනුවත් වී සිටීම වැදගත් වෙනවා... දැනුවත් වෙනවා කියන්නේ කරුණු සේරම හොයා බලා ගෙන...ඉතුරු ප්‍රතිකාර ත් තනියම කරගන්නවා කියන එක නෙවෙයි... තමන් හෝ තමන්ගේ නිවැසි කෙනෙක්..අසල්වැසියෙක් ..කවුරුන් හෝ දන්නා අඳුනන කෙනෙක් ගේ අවශ්‍යතාවයක් අනුව මේ දේ විය හැකියි... රෝගයක් සම්බන්ධව අපි මුලිකව දැන ගත යුතු මොනවාද...? මුල්ම දේ තමයි ...මෙම තත්වය ඇති නොවී සිටීමට හැකියාවක්..මින් වැළකී සිටීමේ හැකියාවක් තියේද යන්න... අපි දැනුවත් වන්නේ කෙසේද...? එක විදියක් තමයි....දන්නා කාගෙන් හෝ අසා දැනගැනීම... මේ දන්නා කෙනෙක් කියන්නේ එම ක්ෂේත්‍රයේ පළපුරුදු බවක් තියෙන කෙනෙක් විය යුතුයි... තමන්ගේ අවබෝධතාවයට සහ අවශ්‍ය මට්ටමට අදා...